ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (30) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොපැමිණීම නිසා හදිසියේ අවලංගු කර දැමුණු අතර එහි ගිය මාධ්‍යවේදීන් හරවා යැවීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වන බව කලින් කියා තිබිණි.
මාධ්‍ය හමුව ආරම්භවීමට තිබුණේ පෙරවරු 11.30ටය. ඒ වන විට ඩිව් ගුණසේකර සහ මොහොමඩ් මුසම්මිල් මහත්වරු පැමිණ සිටි අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා දහවල් 12.30 වන විටත් ආවේ නැත.
ඔහු බේරුවල ප්‍රදේශයේ කටයුත්තකට සහභාගී වී සිටින බැවින් මාධ්‍ය හමුවට නොපැමිණෙන බවත්, ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ඔහු ද මාතර ගොස් සිටින බවත් කී මාධ්‍ය සම්බන්ධීකාරකවරයා මාධ්‍ය හමුව අවලංගු කිරීමට තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියටම අමතක වෙන්න ඇති.(හේ)
එළිවෙන ජාමෙට කිවුවනේ හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ (නි)
ජනතාව හරිම මෝඩයි. 1977 සහ 1994 රැල්ලෙන් ආණ්ඩු දිනලා පස්සේ මොනවද කළේ කියලා අපි හොඳටම දන්නවා. මේ පාරත් ආණ්ඩු මරුකරගත්තොත් පස්සේ වෙන්නේ මොකක්ද කියලා බලන්න.ඔය පිල් මාරුකරන හැමෝම ඒවා කරන්නේ තම තමන්ගේ වාසියට මිසක් රට ගැන හිතලද? ඔය කියන විධායක බලයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ජනතාවට ඕනෑ හොඳ ආර්ථික ප්‍රතිපත්තියක්. (නි)
ඇමතිතුමා මොකද ආවේ නැත්තේ? (නි)
මේ ගොල්ලෝ මෙතන කොච්චර බෙරිහන් දුන්නත් රටේ කෙල්ලෝ කොල්ලෝ සැමගේ ඡන්ද ටික ආයෙත් අපිට තමයි (නි)
චන්ද්‍රා කියන කතාව ඇත්ත. අවරුදු 10ක් තිස්සේ මාසයක් ගානේ බඩු මිල ඉහළ දමමින් පොඩි එකාගේ කිරි පැකට් එක ඉදල , අදින වස්තරයට වෙනකල් බදු ගහල ,රේස් කාර් වලට සුඛෝපබෝගී දේ වල බදූ අඩුකරලා දුප්පත් මිනිහට දීපු වදය, වතුර ඉල්ලපුවහම වෙඩි තියපු හැටි, නීතිය විහිළුවක් කරපු හැටි ,සීයක් යන තැනට කෝටියක් ගණන් දාල ගසා කාපු හැටි, මේ සේරම අමතකයි ජන්දේ කිට්ටු කරලා මාස දෙකකට ලයිට් බිල පොඩ්ඩක් බැස්සුවහම. මේ මිනිස්සු අපිට හදන්න බැහැ චන්ද්‍ර. (ස)
එළිවෙන ජාමෙටත් ඔය සෙල්ලමම තමයි. පිම්බුවාට බඩ - සද්දෙට නැහැ වැඩ. (නදී)
ඉහත අදහස් දුටුවම මට මතක්වෙන්නේ 1970 මැතිවරණය ආරම්භය. දවස පත්තරේ කාටුන් එකක් තිබුනා "බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි" එ්කට හේතුව විපක්ෂයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවීම. මේත් ඒ වගේ නේද? (නදී)
ආණ්ඩුවේ බන්කොලත් බව නේද මේ පේන්නේ ? (නදී)
උන වනය උන වනයෙන්ම ගිනි ගත්තලු (ස)
හැබැයි පුතෝ...එන පොට හොඳ නැහැ.මෙහෙම කට්ටි පනින්න ගියොත් තවතවත් සවුත්තු වේවි (ස)
පෙරේරා, දවසින් දවස බඩුමිල ඉහල යන,බදු බර වැඩිවන, රැකියා වියුක්තිය වැඩිවන බංකොලොත් බවටද ඔබ හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් කියන්නේ. ඔබේ අදහසින්ම මෝඩ කවුද කියා වැටහෙනවා. (නි)
හැබැයි පුතෝ...එන පොට හොඳ නැහැ.මෙහෙම කට්ටි පනින්න ගියොත් තවතවත් සවුත්තු වේවි. (ස)
දැන් පරදින බව තේරිලා ඇති..මඟ ඇරලා හිටියාම හොඳයි කියලා හිතෙන්න ඇති. (ස)
කට්ටිය දැන් දන්නවා කනවා කියල, හොරු ටික ඉතිරි වෙනව. (ස)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට!! (ස)
දැන්ම ඡන්ද ප්‍රතිඵලය බලන්න ඕනෑ කෙනෙකුට බලන විදිහ මෙන්න. පක්ෂ හා විපක්ෂ අදහස් වෙන වෙනම ගණන් කර ප්‍රතිශතය ගණන් හදා බලන්න. පෙනෙනවාද ඡන්ද ප්‍රතිඵලය. (නි)
අපරාදේ, බොරු සමඟ මඩ ටිකක් අහගන්න තිබුණ අවස්ථාවක් නැතිවුණා. (නි)
අපි මේව හිතන්න තිබුණේ මීට කලින්. අපි බලෙන් හිස උදුම්මගෙන හිටියනේ. එතකොට අපට ජනතාව පෙනුනේ අපේ බැලයෝ වගේ. ඒත් දැන් තේරෙනව ජනතාව අපට පාඩම් උගන්වනනයි සූදානමින් ඉන්නෙ කියලා. (ස)
සමහර අය ගැන නම් අපි හොඳට දන්නවා (නි)
රටේ නීතිය කඩාවැටීම සහ වංචාව නැවැත්විය යුතුයි. (නි)
මෙහෙමත් මාධ්‍ය සාකච්ඡා තියෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති. මේගොල්ලන්ගේ හිතේ රටේ ජනතාවට මේ කෙපර අහන ඉන්නවට වඩා වැඩක් නැතිව ඇති කියලද? මමත් ආසියාවේ රටවල් කිහිපයකම චන්ද පවත් වන හැටි දැකල තියෙනවා. එරටවල ඡන්දයක් තියෙනවද කියලවත් දැනගන්න අමරුය්. අපිබලන්න ඕන අපේ කට්ටිය මෙතරම් මේ ගැන උනන්දු මොකද කියලය්. (අ)
අත්‍යවශ්‍ය වැඩක් තියෙන්න ඇති (නි)
හා, හා. හොරේ දැනුනා දැනුනා, මට නාවේ මොකෝ කියලා.... (නි)
හොරකම් නොකර අවංකව සේවය කරනවා නම් රට සංවර්ධනය කරන එක සුළු දෙයක් (නි)
කුරුල්ලෝ ටික හිරෙන් නිදහස් වෙලා වත්ද ? එද්දී එනවා වගේම තමයි යද්දී යන්නෙත් ... ඉපදුනොත් මැරෙනවයි කියනවා නේ .(හේ)
සමහරු තවම මේ ආණ්ඩුව හොඳයි කියනවා, ඒත් හිතන්න, ඡන්දෙ දාට තමන්ගේ පක්ෂේ දිනුවට කඩේ ගිහින් බඩු ගන්න වෙන්නේ තමන්ට, එතකොට බදු පිට බදු, ඒනිසා මෙදා පාර බහුතරය මෛත්‍රීට, ඇමතිවරු ඒක දන්නවා ,(අ)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
අපරාදේ! මාධ්‍යවේදීන්ගේ කාලය. (නි)
ඇවිත් කතා කරන්න දෙයක් නැතුව ඇති.(හේ)
පොළොන්නරුව පැත්තෙවත් ගිහිල්ලද? (නි)
පෙරේරා, ඔව් ජනතාව මෝඩයි. ඒත් මේ පාර සාධාරණ ඡන්දයක් තිබ්බොත් ජනතාව පෙන්නාවි ජනතාවගේ මෝඩකම. (නි)
"කුම්බලා මාළු කෑවානම් දුක විදපන් බළලෝ" කියුවලු. මම හරි අසාවෙන් බලාගෙන ඉන්නේ ජනවාරි 8 වෙනිදාවෙන් පසු දෙන්නම් කියන දේවල් බලන්න. එ්ක තමයි බන්දුල පෙරේරා කියන දේ. දෙවෙනි එක ඡන්දෙට නැකත දුන්න කෙනා ලොක්කාගෙන් ගුටි කාල අඬමින් කියන දේ බලන්න. (නදී)
එන්න බැහැ කියලා පස්සේ හිතෙන්න ඇති (නි)
ඔය කට්ටිය කට කයිවාරු ගැහුවට රජ කුමරුන් ජන්දයට ටික දවසක් තියලා ලැම්බෝගිනියෙන් අතවනා ගෙන රට වටේ රවුමක් ගියහම ඒ තේජස ඇති ජන්දය දිනන්න. කොල්ලෝ කෙල්ලෝ උඩපැනගෙන ගිහිල්ල ජන්දේ දාන්නේ. (නදී)
ජන මතයට ජය වේවා (දිල්)
නියත පරාජය දැන්ම ඔලුවට වැටිලා අසිහියෙන් වැඩ කරන්නේ.!!!(හේ)
ඉතින් ඇත්තනේ ඒ මිනිස්සු ඇවිත් මොනවා කියන්නද? බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි. (හේ)
කලින් යොදා ගත් කටයුතු ඔහොම හදිසියේ අවලංගු කරලා වෙන තැන් වල යනවාද ? ඊටත් මේ වගේ මැතිවරණ කාලෙක ! (හේ)
මෙහෙම නෙමෙයි, තව ඉස්සරහට හොඳ හොඳ දේවල් තියෙයි (නි)
ක්ෂණික සතුටක් ලබන්න ඕනෑ අයට මේක හොඳ ප්‍රවෘත්තියක් තමයි. හැබැයි ඒ අය හිතන විදිහට සිද්ධ වෙන්නේ නම් නැහැ. බලාගෙන ඉන්නකෝ. (නි)
බන්දුල පෙරේරා කෝ හැබෑට මේ දවස්වල? (නි)
වැඩි දෙනෙක් මැටි මෝල්ලු නම්, මැර බලය, පාතාලය තියනව නම්, හොර ඡන්ද දාන්න පුළුවන් නම් ඡන්දෙ දිනාගන්න එක එච්චර අමාරු නැහැ. (නදී)
සමහරවිට වෙන වැඩක් වැටෙන්න ඇති ඇත්තටම (නි)
නිදහස් පාක්ෂිකයින් බහුතරය සන්දානය සමග නොවන බව පැහැදිලියි. විමල් ට කෙහලියට මර්වින්ට ඇස් බී දිසානායකට යන එන මන් නැති වෙනවා. (නදී)
ඇයි කොම්පුටෙර් ජිල්මර්ට්?(අ)
ෆයිල් තියෙන අය යන එකක් නැහැ වගෙයි. ෆයිල් නැති අය ඉක්මනටම යයි. ජනතාවගේ ඡන්දය මේ යන එන පනින ඡන්ද 160 ගානට වඩා ගොඩක් වැඩියි (නි)
ඔින්න දැන් සිස්ටමි එක වෙනස් වීගෙන එන්නේ. එනපොට හොඳ නැති බව කාටත් දැන් තේරිලා. මෙයාලා වැඩි පාට් දැම්මේ රටෙි සියලුම දෙනාවම අන්දවන්න පුලුවන් බව හිතාගෙන දැන් හරිනේ. සියලුම ජනතාව බැලයෝ කියලා හිතාගෙන ඉන්න දේශපාලකයන්ට පොදු ජනතාව හොඳ පාඩම් උගන්නාවි ලඟදීම. ජනතාව ඉදිරියෙන් දේශපාලකයා පසුපසින් විය යුතු කාලය පැමිණ අවසන්. (නදී)
අපරාදේ ජනාධිපතිතුමා ත්‍රස්තවාදීන් නැති කරලා දැම්මේ. බඩු මිල අඩු කරලා කාලා බීලා මල පෙරේතයෝ වගේ ඉන්න ඇරලා, කෙලෙහි ගුණ නොදන්න ජාතිය විනාශ වෙලා යනකන්ම කොටින්ට තැන් තැන්වල බෝම්බ පුපුරුවන්න ඉඩ දීලා නිකම්ම හිටියනම් ඉවරයි. කට්ටියගේ අදහස් වල හැටියට ඒ කාලේ ත්‍රස්ත සෙල්ලම් එක්ක ජොලියෙ ඉදලා තියෙනවා. දැන් තමයි ඒ ජොලිය නැති වෙලා තියෙන්නේ. (නදී)
ඕක තමයි රට උන විනාශ උන හේතුව. ඇමති කරන කියන දේ ලේකම් දන්නේ නැහැ? ලේකම් කියනදේ ආයතන වල සභාපති ගණන් ගන්නේ නැහැ?නියෝජ්‍ය ඇමතිගේ ටෙලිෆෝන් කෝල්ස් වලට ලේකම් ආන්සර් කරන්නේ නැහැ ?ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද? මිනිස්සු රස්තියාදුවේ. (නදී)
මොකද දන්නෙ නැහැ කලින් දාගත් කාර්යය අවලංගු කරලා වෙනත් වැඩකට බේරුවල ගියේ?? (නි)
මේ රටට අවශ්‍ය අධිවේගී මාර්ග විතරද? ඊට කලින් මහජනතාව නඟා සිටවන්න, විශේෂයෙන් තමන්ට ඡන්දය දුන් දේශප්‍රේමී ජනතාව දියුණු කරන්න මොනවාහරි කරන්න තිබුනා. දැන් ජනතාව මේ රජයෙන් ඈත්වෙලා. නව බලාපොරොත්තු ඇතිවෙලා.ඇමතිවරු මඟ හරින්නේ ඒවා දැනගෙන වෙන්න පුළුවන්. සාධාරණ ඡන්දයක් තියන්න (නි)
මේ දමා තිබෙන අදහස් වලින් පෙනෙන්නේ සිංහලයාට ඉතා ඉක්මනින් අමතකවීමේ රෝගය වැළඳෙන බවයි. (නි)
අලුත් ප්‍රින්ටින් මැෂිමක් ආනයනය කරලා කියාලා ආරංචියි. (අ)
අලුත් ප්‍රින්ටින් මැෂිමක් ආනයනය කරලා කියාලා ආරංචියි. (අ)