ඌව පළාත් සභා ඡන්දයේදී මාර්ග නීතී උල්ලංඝණය කරමින් හෙල්මටයක් නොමැතිව යතුරු පැදියකින් ගිය පශූ සම්පත් ඇමැති ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙවර නීතීය අකුරටම පිළිපදිමින් එදා කළ වරද අවංකවම පිළිගන්නා බව පිළිබිඹු කරමින් කොටගල සිට හැටන් දක්වා අද (04) යතුරු පැදියෙන් ගියේ හෙල්මටයක් පැළදගෙනය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට ගරු කිරීම හොද වැඩක්.(හේ)
මෙන්න නියම ආදර්ශමත් දේශපාලනඥයෙක් (දී)
ඒ මහත්තයා හිතන්න ඇති මේ වතාවේ නම් ඔලුව බේරගන්න ඕන කියල ,...ඡන්දේට කතිරේ ගහද්දීත් පරණ වැරැද්ද මතක් උනොත් හොඳයි ...(ම)
හමුදාවේ කට්ටිය දැක්කම තනි ඇහැට ඇඩෙනවා .(ම)
මේක හතර බීරි කතාවක්. හෙල්මට් නැතුව ගිහින් වරදට අහුවුනා නම් ඔහුට එදා නීතියෙන් දඩ කොලයක් දී තිබිය යුතුයි. එහෙම වුනාද? මේ ප්‍රවුර්තියේ එහෙම දෙයක් කියා නැහැ. එහෙම නොවුනා නම් අනෙක් මිනිසුන්ටත් මේ වගේ වරද පමණක් පිළිගෙන දඩයක් නොලබා යන්න පුළුවන් කම තිබිය යුතුයි. මොකද මේ ලංකාවේ තිබෙන්නේ මහා පුදුම නීතියක්. මුදල් තිබෙනවා නම්, බලය තිබෙනවා නම් නීතියේ නීතිත් වෙනස් කල හැකි රටක් අපේ සිරි ලංකාව.(නදී)
ලංකාවේ මිනිස්සු හැමදේම දිහා බලන්නේ කුහකත්වය හා දේශපාලනය ගාවා ගෙන. මිනිහෙක් වැරද්දක් කලොත් බනිනවා. හැබැයි හොඳ දෙයක් කලොත් එ්කට විවිධ අර්ථ කතන දීල එක විනාශ කරනවා. ඔය මහා ලොකුවට මේකේ අදහස් දාන උදවිය ජීවිතේට කිසිදු වැරද්දක් කරලා නැති උත්තමයෝ වෙන්න ඇති නේද? (නදී)
අනේ කාලේ! (නි)
හොඳ වැඩක් කියලා දෙයක් දේශපාලකයෝ කළා නම් ඒ බොහොම කලාතුරකින් (නි)
නීතිය කොහොම වුණත් මෙයාලා තමයි ලොක්කෝ. (නි)
මෙහෙම යන එක වීරකමක් කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ (නි)
බය වෙච්ච තරමට රටේ බඩු මිල අඩු වෙනවා. (නදී)
සමහරු කියනවා රටේ නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා.එතකොට එහෙම යතුරුපැදිය පැදවීමට දුන් දඬුවම කුමක්ද ? අපිටත් මේ වගේ වරද පිළිගෙන දඩ නොගෙවා, උසාවි නොයා ගොඩයන්න පුලුවන් නම් ..... (නි)
මේ අර ළඟදි දුන්න යතුරුපැදියක්ද? (නි)
හමුදාවේ අය ඔතන මොකද ඔය කරන්නේ? (නි)
අන්න හොද වැඩක්.(හේ)
මේවා හරියට සිනමාවේ කතා කොටස් වගේ. එක එක කාලෙට ජනප්‍රිය වෙන්න කරන දේවල්. හෙල්මට් නැතුව ගියත් පොලිසිය ලංවන්නේ නැහැ. නඩු නැහැ රජයේ ඇමති නිසා (නදී)
කී දෙනෙක් මෙයාගේ පස්සෙන් ගියාද දන්නේ නැහැ නේද ? (නදී)
පව් දෙයියනේ අාමි එකේ කොල්ලෝ ටික. මුන්ගේ පිස්සු වැඩ වලට කටු කන්නේ ඒ අහිංසක රණවිරුවෝ. (නදී)
කට්ටියටම නීතියට ගරු කරන්න මතක් වෙලා තියෙන්නේ දැනුයි (නදී)
බයික් පදින්න විතරයි දන්නේ. වරද පිලිගත්ත එක හොදයි. තව ටිකක් හිතන්න ඔනැ. (ර)
දින කීපයකින් රට වනස් වූ හැටි. (ර)
දයාන් මටත් හිතුනේ ඒකම තමයි.බලන්න ඔිනි මෙයාලට යතුරු පැදි ලයිසන් තියෙනවද කියලා (දිල්)
හෙල්මට් එක දාන් ගිහින් වැටුනොත් එකේ වටිනාකම එයාට තියෙයි. හෙල්මට් නොදා ගිහින් වැටුනොත් එකේ වටිනාකම මහජනතාවට තියෙයි.(හේ)
මේක හිතලා කරපු දෙයක්.(හේ)
පසුව හරි වැරැද්ද හදා ගත්ත එක ලොකු දෙයක්.(හේ)
තේරුම් යන්න ඇති එනපොට හොඳ නෑ කියලා. (ර)
බලන්නකෝ ලස්සන තේ වත්තේ. (ර)
මේක ප්ලෑන් කරලා කරපු වැඩක්. .(හේ)
මෙයා මොකටද යතුරුපැදියෙන් යන්නේ, (හේ)
මෛත්‍රී පාලනයක පෙර නිම්ති පේනකොට හොරකම් කරපු දේවල්, නීතියට ගරුකරන ඇමතිලා තව බොහෝ දේ ඉදිරියට දකින්න ලැබේවි (නදී)
බොරු ෂෝ එක (බ)
හෙල්මට් දැම්මට වැඩක් නෑ ඇමතිතුමා ඔලුව ඇතුලේ බේරෙන්න දෙයක් ඉතුරු වෙලා නෑනේ (නදී)
දේශපාලන සෝබන (නදී)
හෙල්මට් දාන්න ඔලුවක් කියලා එකක් තියෙන එකම ලොකු දෙයක්.(හේ)
වරද පිළිගත්ත එකම ලොකු දෙයක්.(හේ)
වැරැද්දට දඬුවම මොකද්ද ? (දිල්)