එ.ජා.ප රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඔහුගේ පුත් මධ්‍යම පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සිර භාරයට ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
තමන් සොරකම් කර ඇති බවට මෙම දෙපළ චෝදනා කරන බවත් දැනට පවතින්නේ ඔවුන්ගේ රජයෙන් හැකිනම් තමා අත් අඩංගුවට ගන්නැයිද ඔහු අභියෝග කරයි.
අලුවිහාරේ මහතාගේ චෝදනාව ගැන ප්‍රමිත තෙන්නකෝන් මහතා සීයා වන ටී.බී.තෙන්නකෝන් කවියාගේ කිවියකින් පිළිතුරු දුන්නේය. එහි අග පදය මෙසේය.
‘‘ගංවතුරකට බිය වේවිද මහ මුහුද”
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඇමති ජානක හා පුතාට කරන දේ එජාප මන්ත්‍රී කියයි
විපුල Monday, 29 September 2014 08:54 PM
එහෙනම් දැනට කවි කිය කියා ඉන්නකෝ. (නි)
ජනක Tuesday, 30 September 2014 07:10 AM
තව කල් යනකොට කියා වී කව්ද එහෙම කිව්වේ කියලා (දී)
රාජුන් Monday, 29 September 2014 09:40 PM
"කටමැත දෙඩීම සහ දවල් සිහින දැකීම" යන විනෝදජනක රංගනයන්ගෙන් සහ හදපිනායන දෙබස් වලින් දැන් අපේ රට පිරිලා (නි)
සත්‍යයා Monday, 29 September 2014 10:38 PM
ගංවතුරට මුහුද බයයි තමයි. මොකද ඔක්කොම වැසිකිළි හා කුණු ගොඩවල් හෝදාගෙන එන වතුර ටික මෝයකටෙන් මුහුදට දාන්නේ ගංවතුර නිසා. (නි)
වීරසිංහ Monday, 29 September 2014 11:48 AM
මිනිස්සු දුක්විඳින සැටි නොබලා සින්දු කිය කියා ඉන්න හැටි! (නි)
ශ්‍යාමෙන් Tuesday, 30 September 2014 02:25 AM
ඒ වුණාට මුහුද දැනගන්න ඕනෑ ඔය මුහුද හැදෙන්නෙත් ගංගා වල වතුර එකතුවෙලා කියලා (නි)
සෙනරත් Monday, 29 September 2014 12:02 PM
පොලිසියෙන් නෙවෙයිද දැන් අත්අඩංගුවට ගන්නේ (දී)
පියල් Tuesday, 30 September 2014 04:09 AM
රටේ මිට වඩා දරුණු ප්‍රශ්න නැද්ද (දී)
සදුනි Monday, 29 September 2014 04:18 PM
හැබැයි ඇමතිතුමෝ වැරදි කරලනම් කවදාහරි පටිසන් දේවි එදාට කවි කියලා හරියන්නේ නැහැ. (දී)
ඉන්නවා ප්‍රසන්න Monday, 29 September 2014 04:20 PM
අපිත් කට ඇරගෙන මේවා අහගෙන (දී)
චානක Monday, 29 September 2014 05:12 PM
ලංකාව සංවර්ධනය නොවන්නේ සමහර දේශපාලකයින් රටේ සම්පත් සොරාකන නිසයි. මොවුන්ට මේ සම්පත් සොරකම් කිරීමට ජනතාව විසින් කතිරයේ බලය ලබා දෙනවා.දේශපාලකයාට ඉහළින් යන්න නීතියක් ලංකාවේ නොමැති නිසා මොවුන් ප්‍රයෝජන ගන්නවා.මොනවා වුණත් ඉන්දියාවේ පවතින පිරිසිදු නීතිය නොබෝදා එරට නායිකාවකට දුන් දඬුවම ලංකාවේ නීතියට එල්ල කරන්නේ කනේ පහරක්. (නි)
කපුටා Tuesday, 30 September 2014 07:04 AM
තව නැද්ද (දී)