එ.ජා.ප රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඔහුගේ පුත් මධ්‍යම පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සිර භාරයට ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
තමන් සොරකම් කර ඇති බවට මෙම දෙපළ චෝදනා කරන බවත් දැනට පවතින්නේ ඔවුන්ගේ රජයෙන් හැකිනම් තමා අත් අඩංගුවට ගන්නැයිද ඔහු අභියෝග කරයි.
අලුවිහාරේ මහතාගේ චෝදනාව ගැන ප්‍රමිත තෙන්නකෝන් මහතා සීයා වන ටී.බී.තෙන්නකෝන් කවියාගේ කිවියකින් පිළිතුරු දුන්නේය. එහි අග පදය මෙසේය.
‘‘ගංවතුරකට බිය වේවිද මහ මුහුද”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දැනට කවි කිය කියා ඉන්නකෝ. (නි)
තව කල් යනකොට කියා වී කව්ද එහෙම කිව්වේ කියලා (දී)
"කටමැත දෙඩීම සහ දවල් සිහින දැකීම" යන විනෝදජනක රංගනයන්ගෙන් සහ හදපිනායන දෙබස් වලින් දැන් අපේ රට පිරිලා (නි)
ගංවතුරට මුහුද බයයි තමයි. මොකද ඔක්කොම වැසිකිළි හා කුණු ගොඩවල් හෝදාගෙන එන වතුර ටික මෝයකටෙන් මුහුදට දාන්නේ ගංවතුර නිසා. (නි)
මිනිස්සු දුක්විඳින සැටි නොබලා සින්දු කිය කියා ඉන්න හැටි! (නි)
ඒ වුණාට මුහුද දැනගන්න ඕනෑ ඔය මුහුද හැදෙන්නෙත් ගංගා වල වතුර එකතුවෙලා කියලා (නි)
පොලිසියෙන් නෙවෙයිද දැන් අත්අඩංගුවට ගන්නේ (දී)
රටේ මිට වඩා දරුණු ප්‍රශ්න නැද්ද (දී)
හැබැයි ඇමතිතුමෝ වැරදි කරලනම් කවදාහරි පටිසන් දේවි එදාට කවි කියලා හරියන්නේ නැහැ. (දී)
අපිත් කට ඇරගෙන මේවා අහගෙන (දී)
ලංකාව සංවර්ධනය නොවන්නේ සමහර දේශපාලකයින් රටේ සම්පත් සොරාකන නිසයි. මොවුන්ට මේ සම්පත් සොරකම් කිරීමට ජනතාව විසින් කතිරයේ බලය ලබා දෙනවා.දේශපාලකයාට ඉහළින් යන්න නීතියක් ලංකාවේ නොමැති නිසා මොවුන් ප්‍රයෝජන ගන්නවා.මොනවා වුණත් ඉන්දියාවේ පවතින පිරිසිදු නීතිය නොබෝදා එරට නායිකාවකට දුන් දඬුවම ලංකාවේ නීතියට එල්ල කරන්නේ කනේ පහරක්. (නි)
තව නැද්ද (දී)