IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමැති ජනක ඉල්ලා අස්වීමේ ලිපිය කවියෙන් යවයි

පළාත් සභා හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මින් මද වේලාවකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවූ බව ඒ මහතා පවසයි.

එම අස්වීමේ ලිපිය කවියෙන් ලබාදී තිබීම විශේෂත්වයකි.

කවි 11කින් සමන්විත ඉල්ලා අස්වීමේ ලිපියෙන් තමා ජනපතිට කරුණු පැහැදිලි කර ඇතැයි තෙන්නකෝන් මහතා කියයි. නාම යෝජනා බාර දීමෙන් පසු ජනපති කළ කථාව වගේම එජාපය සමග හවුලේ ගෙන යන ක්‍රියාදාමය වැනි හේතුන් ගණනාවක් තමාගේ ඉල්ලා අස්වීමට බලපෑ බව ඔහු සඳහන් කරයි.

‘‘පවසන්නෙමි ජනපතිඳුනි            මේ     වැකිය

සැනසෙන්නෙමි මිනිසුන් මැද හිටි            හැටිය

නවතින්නෙමි මේ ලෙස ගමනක්             නැතිය

පිළිගන්වමි මගෙ අස්වීමේ                 ලිපිය‘‘

 

අතත් පත් දිගහැර මිනිසුන්                     ලෙසට

රටත් දැයත් රැකගෙන ආවෙමි                පෙරට

සිතත් කයත් ශ්‍රී ලංකා නැත                    පිටට

එයින් තොරව ගමනක් නෑ මේ                රටට

 

හෙළිකළ රටම පොදුජන සළකුණය         අත

වැඩකළ කරන හදවත් වල රැඳී                ඇත

නිලතල නැතිව එය රැකගත් දඹුලු            පුත

කවිකොළ ලියූ ටී.බී. බව හදේ                ඇත

 

නිරතුරු දඹුල්ලේ අව් වැසි හිරු            අපට

අනතුරු පමණි එනමුත් නොසැලී         පෙරට

රජවරු කරපු ගොවි පරපුර ඇත          මෙමට

තනතුරු මොටද මහජන සේවෙට        අපට

 

බරිතය පෙමින් මගෙ පියවෙන තුරුම    නෙතූ

නියතය වෙනස් නොම වේ අද මෙන්ම   මතූ

අයිතිය පොදුජනගෙ එය සුරැකුමයි         යුතූ

චරිතය නොවෙයි මට මගෙ පක්ෂයයි    ලොකූ

 

‘‘ඇත්තයි මුළු රටම හඬගානා                   පුවත

තිත්තයි කොළ පාට රටටම කළ               විපත

කැත්තයි උදැල්ලයි හුරු මිනිසගෙ           සැපත

සත්තයි හදනවා නිල් යුගයක්                 නැවත‘‘

 

‘‘නිරතුරු දඹුල්ලට සිරි සැප ගෙන          දැම්මා

තනතුරු නැතත් වැඩ කරනෙමි නැත      නිම්මා

පක්ෂය නැතිව මොන දේ දුන්නත්          නම්මා

ලක්ෂය දුනත් පාවා දෙනවද                  අම්මා‘‘

 

ගතිමි කළෙමි මැතිකම් නිල් යුගය         පතා

සිතමි පතමි නිල් හදවත් ගැනම             ඉතා

සිතිමි පැතිමි ඔබටත් කැක්කුමක්          ඇතා

දකිමි විඳිමි ඔබ පක්ෂය සමග              නැතා

 

‘‘කියනෙමි ඔබට සිත ළතැවුල් ඉවත         දමා

තවමත් ඔබට හැක එක්වනු නොමැත        පමා

අගමැති සමග නුදුරෙම එමි වන්න            සමා

අද යමි දඹුල්ලට තනතුරු මෙහිම              දමා‘‘

 

‘‘බුලත් කොළය යළි රට මුදුනට           ගෙනෙමු

සුරත් ලකුණෙ මහින්ද අගමැති                 කරමු

මළත් දුකක් නෑ පක්ෂය මත                  මැරෙමු

යළිත් රළපෙළක් මුහුදක් වී                   නැගෙමු‘‘



අදහස් (0)

ඇමැති ජනක ඉල්ලා අස්වීමේ ලිපිය කවියෙන් යවයි

රයන් Saturday, 25 July 2015 08:32 AM

අනේ මන්දා මොනවද ඔබේ දෙබිඩි කතා. අද කිව්වේ මහින්ද ගැන නොමනා කතා සල්ලි වලට යට වෙන කොට ඔහොම තමයි. දාහත් වෙනිදා දෙන්නම් නැති වෙන්න කතා. (ස)

:       0       0

වේලුසුමන Friday, 24 July 2015 08:21 AM

රටක කවියෙක් අැමති කෙනෙක් වී සිටියා පුදුමයි (ම)

:       0       0

ලාල් Friday, 24 July 2015 05:53 AM

ඇඩෙනවා කවි ටිකට.අගෝස්තු 18වෙනිදා මෙයාගේ තව දොම්නස් කවි පෙළකුත් රටට අහාන්න ලැබේවි.(ම)

:       0       0

උපුල් ගලප්පත්ති Friday, 24 July 2015 10:12 AM

කියන දේ අහන්නේ නෑ මේ මහින්දයා එහෙම කියා ඇඩුවා ඒ කාලෙ මෙයා දඹුළු ගිහින් තලගොයි දඩයමෙත් ගියා (අ)

:       0       0

උපුල් Friday, 24 July 2015 10:15 AM

මහනුවර ධර්මරාජේ දක්ෂ ක්‍රිඩකෙයක් (අ)

:       0       0

දිලිප් Saturday, 25 July 2015 02:56 PM

දුකට කියන කවි! (නි)

:       0       0

සමන් Friday, 24 July 2015 10:35 AM

ඇමති ජනක මොනවද දැන් කියන කතා මතකද ඇඩූවා කිය කිය දුක හිතෙන කතා (ම)

:       0       0

නෙරන්ජ විජේසිංහ Friday, 24 July 2015 06:57 AM

දැන් හරි තේරුම් ගත්ත එක ගොඩක් හොදයි .ජය සිකුරුයි .(ම)

:       0       0

විජිත් Friday, 24 July 2015 11:13 AM

..දැන් ඉතින් ගෙදර ගිහින් මැරෙනකම්ම අඩ අඩා ඉන්න වේවි...මේ තිබුණා වගේ චාන්ස් ආයේ ලැබෙන්නේ නැහැ...හම්බ කරපුවා මදැයි...(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 162 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site