ඇමති ආරක්ෂක රියක් අඟහරුවාදා රාත්‍රී ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා පොලිස් මුරකුටියේ හැපීම සම්බන්ධයෙන් දැන් පොලීසිය පරීක්ෂණයක් පවත්වයි. වාහනයේ හත්දෙනෙක් පමණ සිටි බවත් එය පැදවූයේ පොලිස් කොස්තාපල් වරයකු ද නොඑසේනම් කපිතාන් වරයකු ද යන්න සොයා බැලේ.
මුරකුටියේ දෙදෙනා එළියේ සිටි නිසා තුවාල නොලබා බේරුණු බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කරන්න තිබෙන්නේ මුර කුටියේ රාජකාරියේ හිටපු රාළහාමිලා එහි නො සිටියේ මොකද කියා සහ මේ සිදුවිම වාර්තා කල මාධ්‍යවේදියා ගැන පරීක්ෂණයක් කිරීම, ඇමතිලට සහ ආරක්ෂකයන්ට කෝපයෙන් පසුවන මහා ජනතාව වතුර බෝතල් සහ ගල් මුල් වලින් පහර දෙන නිසා වේගයෙන් ගොස් පණ බේරා ගැනීමට අයිතියක් ඇත. (ස)
මොනවට ඔය ගැන පරීක්ෂණ කරනවද? දඬුවම් දෙන්නද? නැහැනේ. ජීවිත බේරුණු එක ගැන සතුටු වෙමු. (ස)
ඕකනේ වරද? මොකටද මුරකුටිය රෑ පාරට දැම්මේ? හොඳ වැඩේ මුරකුටියට. (නි)
නැහැ, පෙත්තෝ ජීප් එක එනකොටම මුර කුටිය පාරට පැනලා ...!! ඒකයි වැඩේ ..!! (ස)
ශ්‍රී ලංකාවේ මන්ත්‍රී ආරක්ෂක නිලධාරීන්ට ඇමති වරයාගේ ආරක්ෂාව පතා තරමක් අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කල යුතු වෙනවා. මේ නිසා මෙය තේරුම් ගත හැකි තත්වයක්. මේ අයට හොඳ රක්ෂණ ආවරණයක් රජයෙන් ලබා දෙන්නේ නම් එය අගය කල යුතු දෙයකි. (ස)
ඇමති ආරක්ෂකලට නඩුත් නෑ. ඔවුන්ට නීතියත් නෑ. (ස)
මුර කුටියේ හිටපු රාළහාමිලා දෙන්නට නම් මොනවා හරි පරික්ෂණයක් කරාවි. (ස)
සමන්ත රක්ෂණ ආවරණ ලැබුනහම හැප්පෙන එක අඩු වෙනවද. වේගයෙන් ගිහින් හප්පා ගෙන තව සල්ලි ගන්නත්!!. කාටද ඔය දර දිය අදින්නේ? (ස)
ඇමති නැති වෙලාවෙත් " වේගෙන් " යන්න ඕනෙද ? රාත්‍රියේ තියෙන හදිසි ගමන් මොනවද ? ඇමති වාහන වලින් බේරෙන්න අපිට රක්ෂණයක් දෙන්න ඕනේ ... ඒ මිනිස්සු පාරේ එලවන්නේ , නීතියක් නැති ගානට ... හරියට දුක හිතෙනවා ලංකාවේ පුරවැසියෙක් වීම ගැන, පාරේ තොටේ විනය දැක්කම . (ස)