IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇමති ආරක්ෂක රියක් දියවන්නා මුර කුටිය කඩයි

ඇමති ආරක්ෂක රියක් අඟහරුවාදා රාත්‍රී ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා පොලිස් මුරකුටියේ හැපීම සම්බන්ධයෙන් දැන් පොලීසිය පරීක්ෂණයක් පවත්වයි. වාහනයේ හත්දෙනෙක් පමණ සිටි බවත් එය පැදවූයේ පොලිස් කොස්තාපල් වරයකු ද නොඑසේනම් කපිතාන් වරයකු ද යන්න සොයා බැලේ.

මුරකුටියේ දෙදෙනා එළියේ සිටි නිසා තුවාල නොලබා බේරුණු බවත් දැනගන්නට ඇත.



අදහස් (0)

ඇමති ආරක්ෂක රියක් දියවන්නා මුර කුටිය කඩයි

ද සිල්වා Wednesday, 16 October 2013 03:23 PM

දැන් කරන්න තිබෙන්නේ මුර කුටියේ රාජකාරියේ හිටපු රාළහාමිලා එහි නො සිටියේ මොකද කියා සහ මේ සිදුවිම වාර්තා කල මාධ්‍යවේදියා ගැන පරීක්ෂණයක් කිරීම, ඇමතිලට සහ ආරක්ෂකයන්ට කෝපයෙන් පසුවන මහා ජනතාව වතුර බෝතල් සහ ගල් මුල් වලින් පහර දෙන නිසා වේගයෙන් ගොස් පණ බේරා ගැනීමට අයිතියක් ඇත. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 16 October 2013 09:11 AM

මොනවට ඔය ගැන පරීක්ෂණ කරනවද? දඬුවම් දෙන්නද? නැහැනේ. ජීවිත බේරුණු එක ගැන සතුටු වෙමු. (ස)

:       0       0

පෙත්තා Wednesday, 16 October 2013 09:39 AM

ඕකනේ වරද? මොකටද මුරකුටිය රෑ පාරට දැම්මේ? හොඳ වැඩේ මුරකුටියට. (නි)

:       0       0

චන්දි Wednesday, 16 October 2013 10:35 AM

නැහැ, පෙත්තෝ ජීප් එක එනකොටම මුර කුටිය පාරට පැනලා ...!! ඒකයි වැඩේ ..!! (ස)

:       0       0

සමන්ත Wednesday, 16 October 2013 10:42 AM

ශ්‍රී ලංකාවේ මන්ත්‍රී ආරක්ෂක නිලධාරීන්ට ඇමති වරයාගේ ආරක්ෂාව පතා තරමක් අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කල යුතු වෙනවා. මේ නිසා මෙය තේරුම් ගත හැකි තත්වයක්. මේ අයට හොඳ රක්ෂණ ආවරණයක් රජයෙන් ලබා දෙන්නේ නම් එය අගය කල යුතු දෙයකි. (ස)

:       0       0

සමීර සාලින්ද Wednesday, 16 October 2013 11:10 AM

ඇමති ආරක්ෂකලට නඩුත් නෑ. ඔවුන්ට නීතියත් නෑ. (ස)

:       0       0

ගයාන් Wednesday, 16 October 2013 11:53 AM

මුර කුටියේ හිටපු රාළහාමිලා දෙන්නට නම් මොනවා හරි පරික්ෂණයක් කරාවි. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ - නවසීලන්තය Wednesday, 16 October 2013 11:58 AM

සමන්ත රක්ෂණ ආවරණ ලැබුනහම හැප්පෙන එක අඩු වෙනවද. වේගයෙන් ගිහින් හප්පා ගෙන තව සල්ලි ගන්නත්!!. කාටද ඔය දර දිය අදින්නේ? (ස)

:       0       0

කාලිංග ද සිල්වා Wednesday, 16 October 2013 01:15 PM

ඇමති නැති වෙලාවෙත් " වේගෙන් " යන්න ඕනෙද ? රාත්‍රියේ තියෙන හදිසි ගමන් මොනවද ? ඇමති වාහන වලින් බේරෙන්න අපිට රක්ෂණයක් දෙන්න ඕනේ ... ඒ මිනිස්සු පාරේ එලවන්නේ , නීතියක් නැති ගානට ... හරියට දුක හිතෙනවා ලංකාවේ පුරවැසියෙක් වීම ගැන, පාරේ තොටේ විනය දැක්කම . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site