(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් සෙවීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම කමිටුව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ දී අද දහවල් රැස්වූ අතර කමිටු වාර්තාව අනිද්දා වන විට සකස් කර අවසන් කිරීමට හැකි වනු ඇතැයි කමිටු සාමාජිකයෙක් සඳහන් කළේය.
අර්ජුන රණතුංග, ආචාර්ය සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න තෙල් බෙදාහැරීමට තවත් සමාගම් දෙකකට පමණ අවස්ථාව දෙන්න. චීන සමාගමක්ද ඇතුළුව. එයින් තවත් තරඟකාරීත්වයක් ඇති කරන්න. තෙල් සංස්ථාව කියන්නේ අන්ත දූෂිත සහ අකාර්යක්ෂම ආයතනයක්. වෘත්තීය සමිති නායකයන් ඇවිත් වැල් බයිලා කියනවා. මූලෝපායික වශයෙන් තෙල් සංස්ථාව සීයට 40 ක් පමණ බෙදා හැරීමක් කළාම හොඳටම ඇති. තෙල් සංස්ථාව කොහොමත් පාඩු ලබන ආයතනයක්, රටට බරක්....
ත්‍රිකුණාමලය ටැංකි 20 ක් වත් අප රජයට අරන් එකේ තෙල් ටිකක් පුරවලා තිබ්බා නම් ගොඩක් වටිනවා මේ වාගේ වෙලාවට