IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමැති අතාවුදත් නිවැරදිකරු බව කියයි

වරකාපොළ  කොහොඹදෙණියේ  ජල ව්‍යාපෘතියකට  අලාභ හානි කැර රුපියල්  දස ලක්ෂ අසුහාරදහක අනර්ථයක් සිදු කළ බවට චෝදනා ලබා සිටි කෑගල්ල  දිස්ත්‍රික් අමාත්‍ය  අතාවුද සෙනෙවිරත්න මහතා  ඇතුළු  සැකකරුවන්  18 දෙනකුට තුල්හිරිය මහෙස්ත්‍රාත්  සනත්  ජේ මොරවක  මහතා  ඉදිරියේ අද (05) චෝදනා බාර දෙනු ලැබීය.

 චෝදනා පහටම නිවැරදිකරුවන් බව ඔවුහු පැවසුහ.

ඒ අනුව නඩු විභාය ලබන ජනවාරි 10 වැනි දිනට කල්  තැබීය.

 2012  ජුනි 12 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී වරකාපොල කොහොඹදෙණියේ පදිංචි කේ .ටී ජයලත්  බණ්ඩාර යන  අයගේ නිවසට විත්තිකරුවන්  ඒකරාශි වී  අයුතු බලපෑම් කොට ඇතුළු වී  නිවසේ ජල ව්‍යාපෘතියට හානි කොට රුපියල්  දස ලක්ෂ  අසුහාරදාහක අනර්ථයක් සිදු කිරීම පිළිබදව  මෙම නඩුවේ චෝදනාව  ලබා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය  අතාවුද සෙනෙවිරත්න  වරකාපොළ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත්  සුමනසුරිය (එජනිස)  ,අමිල වික්‍රමරත්න,ආනන්ද කුමාරසිරි,කේ.ගුණවර්ධන,පිරීස් කුමාර,සරත් පතිරණ,මල්ලිකා දමයන්ති, මාලනී ජයන්ති, තරංගා රුවන්, ලාල් දිසානායක,අජිත් සිසිර කුමාර,වික්‍රම සිංහ ගුණසේන,කේ කරුණාවති, ඇතුළු තවත් සැකකරුවෝ පස්දෙනකි.



අදහස් (0)

ඇමැති අතාවුදත් නිවැරදිකරු බව කියයි

අසාද් Friday, 05 July 2013 06:50 PM

අනේ මේ ගොල්ලො බබාලා.(නදී)

:       0       0

රෝහණ Friday, 05 July 2013 07:19 PM

කමල් ඔබ හරි. නඩුව දාපු කෙනාට පිස්සු අපේ ඇමතියෝ එහෙම කරනවද. අපේ අය ඉන්නේ ආශ්චර්යමත් රටකනේ.(නදී)

:       0       0

කමල් Friday, 05 July 2013 03:30 PM

බොරුවට නඩු දාන මිනිස්සුත් ඉන්නවා එහෙනම්, ඔය මිනිහම වෙන්න ඇති ටැංකිය කඩා ගන්න ඇත්තේ.(නදී)

:       0       0

වසන්ත Friday, 05 July 2013 03:31 PM

ජනතා බලය පුද්ගලික අරමුණුවලට යට කරන්න බැහැ. ඇමතිතුමා ජනතාවගේ පැත්ත ගත්තේ.ශුභ අනාගතයක්. (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 08:09 PM

සියලුම මැති ඇමතිවරු නිවැරදිකරුවෝය, දුප්පත් මහජනතාව වන අපි සියලුදෙනා වැරදිකරුවෝය. (නි)

:       0       0

පැකුම් මිහිරංග Friday, 05 July 2013 03:33 PM

අනේ පිස්සුද? කවද්ද අපේ මන්ත්‍රී උත්තමයෝ වැරදිකරුවෝ උනේ? හැම හෝටලයකම පරිප්පු තියෙනවා වගේ, ඕනෙම දහජරා වැඩක් පිටිපස්සේ පළාත් බබෙකුත් ඉන්නවා.(නදී)

:       0       0

සරත් Friday, 05 July 2013 03:47 PM

දේශපාලකයෝ කවදාවත් බොරු කියන්නේ නැහැ (දී)

:       0       0

සෑම් Friday, 05 July 2013 03:48 PM

මේ අය තමයි ඉතින් මේ රට පාලනය කරන දේශපාලුවෝ.(නදී)

:       0       0

අමාලි සිල්වා Friday, 05 July 2013 10:09 PM

ඇමතිවරු කවදාවත් තමන් වරදක් කළා කියන්නේ නැහැ. එමෙන්ම තම පවුලේ දු පුතුන් බිරින්දෑවරුන් වරදක් කළා කියා පිළිගන්නෙත් නැහැ. සිහිනෙන් ඔක්කොම වෙන කාලේ ඔක්කොම සිහිනයක් වෙලා යනවා.(නදී)

:       0       0

අචිනි Saturday, 06 July 2013 11:22 AM

පිස්සුද, ආණ්ඩුවේ ඇමතිවරු අතින් කවද්ද වැරදි උනේ. ඔක්කොම නිර්දෝශයි.(නදී)

:       0       0

බන්දුල-කටාර් Saturday, 06 July 2013 01:26 PM

ඕනෑම තුප්පහි වැඩක් කරලා නිවැරදිකරු කියන්න තරම් අපේ දේශපාලුවෝ හරි දක්ෂයි. එයාලට විරුද්දව කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ප්‍රසිද්දියේ මිනිමරන්නත් එයාලට බලය තියනවා රටේ නීතියත් දැන් දේශපාලනයට යටවෙලා. හැම නීතියක්ම තියෙන්නේ දුප්පත් අසරණ ජනතාවට විතරයි.(නදී)

:       0       0

චානක. Saturday, 06 July 2013 12:07 AM

දේශපාලනයේ යෙදෙන්නන්ගේ වත ගොත පරීක්ෂා කර දේශපාලනයේ යෙදීමට නීති මාලාවක් මෙතුවක් කල් ගෙනාවද?එහෙම කර තිබුණා නම් මේ ඉන්න ගොඩක් මැති ඇමති වරුන් දේශපාලනයට නුසුදුස්සෝ වෙනවා. කරුමෙට ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නේ හික්මීමක් ඇති පුද්ගලයන් නොව සදාචාරයක් රහිත පුද්ගලයෝය... (නි)

:       0       0

චානක. Saturday, 06 July 2013 12:35 AM

වසන්ත, නෙත් දෙක ඇරලා ලෝකය දෙස බලන්න. ලෝක සම්මත නීතියක් තිබෙනවා කෙනෙකු හට තවත් කෙනෙකුට ඇඟිල්ල ඔසවලා හෝ බලපෑමනක් කිරීමට නොහෙකි බවට. ලංකාවේ මෙවෙනි දේ කලාට නිතිය තදින් ක්‍රියාත්මක වන දියුනු රටවල මිනිසෙක් බහින් බස් වෙනවා දකින්නෙත් ඉතාම කලාතුරකින්.වසන්ත,කරුණාකරලා ලිඳෙන් ගොඩ ඇවිත් ලෝකය බලන්න ... (නි)

:       0       0

වාස් Friday, 05 July 2013 05:30 PM

මම හිතන්නේ අපේ දේශසාපලකයෝ දාමරිකයෝ නෙමේ.(නදී)

:       0       0

නිමල් Friday, 05 July 2013 06:42 PM

අනිත් ඒවා කොහොම උනත් මේ වැඩේනම් ඇමති තුමා කලේ හොද දෙයක්. ඇමතිතුමා ජනතාවගේ පැත්ත ගත්තේ. ශුභ අනාගතයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site