බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන කරන රහස් පොලිස් නිලධරයනට බැන තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
විමර්ශන නිලධාරීන්ට හෝ සාක්කිකරුවනට බලපෑම් කළහොත් නැවත ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බව ද මහේස්ත්‍රාත් පැවසීය.
මොහොමඩ් සියාම් ඝාතනය කළැයි ද, සරත් එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීයැයි ද කියන නඩු දෙකක් සම්බන්ධයෙන් ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරෙහි වන කාටත් ඔය සෙතේ තමයි.(නදී)
අපිත් ඉතින් පැත්තකට වෙලා නටන නාඩගම් බලාගෙන තියෙන දෙයක් කාලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ඇරනේන අපි කියලා මොනවා කරන්නද?(නදී)
කව්රු කොහොම කිව්වත් ගිම්හාණිගේ කතාවේ ඇත්තක් තියෙනවා. බුදුන් වහන්සේත් දේශනා කළා සත්‍ය කවදා හෝ ජයගන්නවා කියලා.(නදී)
ගිම්හනිව අත්අඩංගුවට ගත්තා නම් වාස්ගේ තව වැඩ කෑලි හොයාගන්න පුළුවන් කියලා හිතෙනවා! (ස)
ගිම්හානි මොකද මෙයත් එක්ක ඔයත් බාගයක් බෙදා ගන්න ගේමක් දුන්නද. කොහොමත් සත්‍ය ජය ගන්නවා විතරක් නෙවෙයි කල කර්මත් පල දෙනවාමයි.(නදී)
ඔන්න නිල්මිණි හා ගිම්හානි අතර හොඳ තරඟයක්. (ස)
ගිම්හානිගේ රෝගය හොදටම පැහැදිලි වෙනවා (දී)
ගිම්හානිගේ රෝගය හොදටම පැහැදිලි වෙනවා (දී)
ඔයාල මොනවා කිව්වත් මම පිළිගන්නේ නැහැ වාස් මහත්තය මේ වගේ අපරාද කාරයෙක් කියල, මේවා සැලසුම් සහගතව කරන පලිගැනීම්, මතකනේ ෆොන්සේකා මහත්තයට වෙච්ච දේ, අපේ උදවියට ඉතින් ඉක්මනටම අමතක වෙනවනේ අතීතය. (නදී)
ගිම්හානි, එතකොට වාස් මහත්තයාගේ පුතාලා, නෝනා අවි උස්සගෙන ඉන්නේ පින්තුරවල මේක ගැන ඔබගේ අදහස කුමක්ද, ඔබගේ කොමන්ට් එකේ අන්තවාදී බවක් පෙන්නුම් කරනවා ගිම්හානි.(නදී)
ගිම්හානිව අත් අඩංගුවට ගත්තා නම් බහු විවාහය කටත් වාස් අහුවෙයි. (ස)
ගිම්හානි, කියන්නෙ සිව්පාවෙක්ද? නැත්නම් බබෙක්ද? (ස)
ගිම්හානිගේ රෝගය පද්මිණිටත් හැදිලා.මේ අය වහාම ලංකාවෙන් පිටවිය යුතුයි. (නි)
ගිම්හනිගේ කතාව හරි. මමත් එතුමාගේ සේවය අගයනවා.කහවත්තේ මිනීමැරුම් නැවැත්තුවේ, ලොකු ලොකු අයගේ වැරදි අහුවෙන කොට එතුමාව වෙන පළාත් වලට මාරු කරේ එතුමාගේ සේවයෙන් ලොකු ලොක්කන්ගේ වැඩ අහුවෙන නිසා.කල දේවල් පල දුන්නත් මේ රටට එතුමාගෙන් ලොකු සේවයක් වුනා. (ස)
ඔයාල කව්රු මට මොන අපහාස කලත් මම සැලෙන්නේ නැහැ .ලංකාවේ ගොඩක් අයට ගොඩක් තැන්වල තේරුම් ගැනීමේ ශක්තිය අඩු බව පේනවා මොකද අද පාර්ලිමේන්තුව දිහා බලන්න .කව්ද ඉන්නේ .එයාලව එතෙන්ට ගෙනාවේ කව්ද ?පත්තරවලින් කියන දේවල් වලට එහා ගිය කතන්දර ගොඩක් තියෙනවා.කව්රු මොනවා කීවත් වාස් මේ මිනීමැරුමට සම්බන්ද නැත ,බුදුන්ටත් ජෙසුටත් හතුරෝ හිටිය මට ඔයාල සතුරු උනාට මම ගණන් ගන්නේ නැහැ (දී)
හොඳ වැඩේ නේද? (නදී)
ගිම්හානි, මෙවැනි රත්තරන් වටිනා රටකට නිකරුනේ දොස් නගන්න එපා. ලංකාව කියන්නේ ලෝකෙන්ම උතුම් රටක්. ඒ වගේ රටක ඉපදෙන්න වාසනා කරන්න ඕනා....අපි වෙනත් රටකට වෙලා ඉන්න නිසා ලංකාවේ අගය අපිට තවත් වැඩියෙන් තේරෙනවා....අනික මොනයම් කෙනෙක් වරදක් කරා නම් තරා තිරමක් නොබලා දඬුවම් ලැබිය යුතුයි. (ස)
ගිම්හානි, මේවා ගැන නොදන්නා ගොන් හරක් තමා මෝඩ කමට කෑ ගහන්නේ. ඔයා ගණන් ගන්න එපා. වාස් මහත්තයව සැලසුම් සහගතව වැරදිකාරයෙක් කරලා,මේ රටේ යුක්තිය ඉටු කරන හැම අවංක නිලදාරින්ටම අන්තිමට කොහොමත් වෙන්නේ මේ දේ තමා, ඒක ලංකාවේ හැටි බුදුදහමත් වෙනස් කරන රටක් මේක.(නදී)
ගිම්හානි වගේ අයට දෙයක් හිතන්න මොළය කලඳක් නැහැ. (නි)
ගිම්හානි ගේ ඇති ගිම්හානයක් නැහැ. ලංකාවේද ඉන්නේ එහෙම නැතිනම් එංගලන්තයේද? (ස)
මම කතා කලේ වාස් ගැන පමණි එයාගේ නෝනා හෝ පුතා ගැන නෙමෙයි .මා සමග එකග වුන සැමට ගොඩාක් ස්තූතියි. මම ඉන්නේ කොහේ උනත් මම දකින ඇත්ත මේක තමා. මෙතුමාට නඩුවක් තියෙන නිසා මම නිහඩ වෙනවා. කවද හරි මම ඇත්ත මොකක්ද කියල මට අපහාස කල ඔබ සැමට තේරේවි. එතෙක් මම නිහඩ වෙන්නම්.(නදී)
මමත් ගිම්හානිව පිළිගන්නවා. ඔය කියන කතාව හරියටම හරි. වාස් මහතා අපේ රටට හොද සේවයක් කළා. නමුත් අද මේ මහත්තයා ඉන්නේ කොහෙද? (නි)
කිරි වල වස තියෙනවා කියලා අයෙත් නැහැ කියනවා. වතුර වල වස තියෙනවා කියලා අයෙත් නැහැ කියනවා. ගිම්හානි කියන දේ තමයි මටත් හිතෙන්නේ. නීතියට ඇණ ගහලා යුක්තිය වල දාපු දිනය අපි දුටුවා. (ස)
කවුරු මොනවා කිවුවත් වාස් මහතා නිර්දෝෂයි. බලන්න කවුද අන්තිමට හිරගෙදර යන්නේ. තව කට්ටියක් බලාගෙන ඉන්නවාලු තව ටික දිනකින් පැටිකිරිය දිග අරින්න. (නි)
ගැළවීමක් ඇත්තේම නැද්ද? (නි)
ගිම්හානි කටෙන්ද කතා කරන්නේ? (දී)
ගිම්හානි, ඔබ නිවැරදියි. වාස් මහතා කළ දේවල් දැන් අපේ මිනිස්සුන්ට අමතක වෙලා. එදිනෙදා රූපවාහිනී තිරයෙන් දකින රූප මත වීරයින් තීරණය කරන සමාජයකට සත්‍ය නොවැටහීම අරුමයක් නොවේ. මෙතුමා තවමත් යම් සිදුවීමකට සැකකරුවෙක් යන්නවත් මිනිසුන්ට අවබෝධයක් නැහැ. වාස් මහතා රටේ නීතිගරුක, යුක්තිගරුක ජනතාව වෙනුවෙන් කළ අවංක සේවය අපට අමතක නැහැ. (නි)
මොනවා උනත් එතුමාගෙන් රටට සේවයක් උනා (දී)
ලංකාවේ ඉපදුන වරදට සහ යුක්තිය ඉටු කල හැම කෙනෙකුටම මේ වගේ දඩුවම් ලැබෙන බව අපි දන්නවා ,නොසැලී ඉන්න ,සත්‍ය කවදා හෝ ජය ගන්නවා .ඔබ තුමාට දෙවි පිහිටයි.(නදී)
මේ පාර ගැලවීමක් නැහැ. මොකද පොලිසියේ වෙලත් පොලීසිය හරහට ඉන්න හින්දා.(නදී)
ගිම්හානි ඔයා කටෙන්ද කතා කරන්නේ ?(නදී)
මෙයා අම්බලන්ගොඩ වෙරල පාරේ .කහින අය මාලු කාරයෝ වෙන්න ඕන .(අ)
ගිම්හානි, තරහ නැතුව වෙන උපමාවක් ගන්නවද මෙයාට ? මොකද සරත් පොන්සේකා කියන්නේ දුටු ගැමුණු පරපුරේ හොඳ හදවතක් තියෙන මානව හිතවාදී මනුස්සයෙක් , වාස් මහතාගේ පැටිකිරිය ගැන හැමෝම දන්නවා නේද ?(නදී)
මේ ගිම්හානි කියන මනුස්සයා පිස්සෙක්ද කොහෙද? වාස් කියන්නෙ යුක්තිය ඉටු කරපු කෙනෙක් නෙවේ. වාස්ට සල්ලි දීලා ඕනම ජරා වැඩකින් බේරෙන්න පුළුවන්.අහිංසකයන් පාතාලයන් කරලා මරලා දාපු පව්කාරයෙක්.බුදු දහම සත්‍ය නිසා දඞුවම් විදින්න වෙලා මේ ආත්මයෙදිම. (ස)
ගිම්හානි, මිනීමරුවන්ට දෙවි පිහිටි කියන්නේ..හිතන කොටත් කනගාටුයි. (ස)
ගිම්හානි, එතකොට අර මාලබේ විශ්ව විද්‍යාලයේ ළමයටත් අම්මල, තාත්තල, පුතාල, එකතුවෙලා යුක්තිය ඉටු කරන්නද ගියේ. (නදී)
මිනීමරුවන් කප්පම්කරුවන් කවදාවත් සාක්කිකරුවන්ට බලපෑම් කරන්නේ නැහැ, මේ අය ලග වෙන ක්‍රම තියනවා. නීතිය තවත් වැඩි දියුණු කල යුතු වෙයි.(නදී)
මම ඇත්ත නැත්ත මොකද්ද කියල දන්නේ නැහැ. හැබැයි ගිම්හානි කියන දේ සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්. (නදී)
ගිම්හනිගේ නෑයෙක් වගේ මිනීමරුවන්ට කහින්නේ.මෙයත් මේවට සම්බන්ධ ඇති. (ස)
ගිම්හානිගේ පැත්තට මමත් ඉන්නවා ...? මේ සදහා මම එවූ .. කෙමෙන්ට් එක සම්පුර්ණ සත්‍ය කතාවක් නිසා මෙහි පළකර නොමැති බව වේදනාවෙන් සටහන් කරමි. ගිම්හානි අපේ මිනිසුන්ට ඇස්, කන් ,ඔලු හදවත් නැතිවයි මේ ලෝකේ ඉපදෙන්න තිබුනේ ...ඔයා සැලෙන්න එපා, ඇත්ත හැමෝටම තිත්තයි ....? (නදී)
ගිම්හානිට ඇමරිකාවේ උපදින්න තිබුනේ . කොහොම වුනත් ගිම්හානිගේ කතාවේ ඇත්තකුත් තියෙනවා .මොකද කවදා හරි සත්‍ය ජයගන්නවා .ඒ නිසානේ දැන් ඔය විඳවන්නේ . (ස)
ගිම්හානිට අද බෙහෙත් පෙති බොන්න අමතක වෙලා වගේ.(නදී)
ගිම්හානි වැරදි කරලා තියනවනම් වාස් නෙමේ කාට උනත් දඩුවම් ලබා දෙන්න ඕන . මම නම් හිතන්නේ වාස්ල වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕන කියලයි . (දී)
රෑ හීනෙන් මට පේන්නේ ගිම්හානිව.(නදී)