රුපියල් කෝටි ගණනක මුදල් වංචා නඩු දෙකක් සඳහා ඇප මත මුදා හැර සිටින විත්තිකාර අඹු සැමියන්ගෙන් නීතිඥවරියක් රුපියල් කෝටි 5ක මුදලක් ඉල්ලා තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළ හඬ පටයක් අධිකරණ රෙජිස්ටාර් බාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළාය.
අනුර මුදුන්කොත්ගේ හා අමරංගනී ලියනාරච්චි යන අඹු සැමියන් එසේ ඇප මත මුදා හැර සිටිති.
විත්තිකාර සැමියා සතුව ජාතික හැඳුනුම්පත් දෙකක් තිබීම ගැන පරික්ෂණ සිදු කෙරෙන අතර ඇප ලබාදීමට මුල්වූ නීතිඥවරිය නඩුවට පෙනී සිටීමේ ගාස්තු වශයෙන් රුපියල් කෝටි 5ක මුදලක් ඉල්ලා නිතර නිතර කරදර කරන බව අදාළ විත්තිකරු උසාවියේදී ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේකම මිනුම මුදල වුන අරුමය සහ කරුමය (බ)
මේ කතාව සත්‍යක් මොහු මැණික් බිස්නස් කරන කෙනෙක් (බ)
දීපු ඡන්දෙ අපරාදේ කියලා හිතෙනවා දැන්. කේ. පී. ට සාක්කි නැතිලු.තවත් අයගේ විදෙස් ගමන් බලපත් ආපසු දීලලු.උප්පැන්න,ගමන් බලපත්‍ර හොරට හදපු අය ගැන සද්ද නැතිලු.කාගෙහරි හැඳුනුම්පත නැතිවෙනවා කියමු.එයා අලුතින් එකක් ගන්නවා. කාලෙකදී නැතිවුණ එක තැපෑලෙන් ගෙදරට ලැබෙනවා.එතකොට එයා ළඟ දෙකක් තිබෙනවානේ. (නි)
පේනවා නේද කාන්තාවන්ගේ වැඩ? (නි)
මේකට තමයි සිංහලෙන් කියන්නේ ගිනී කනවා කියලා. (ම)
හැදුනුම් පත් දෙකට කෝටි දෙකක් ඇප! නමුත් පාස්පෝට් දෙකට මුකුත් නැහැ! (ම)
නඩුවට කලින් ගාස්තුව ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා මෙහෙම ගියොත් (නි)
පාස්පෝට් දෙක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් යහපාලන ආණ්ඩුවත් යටගහනවා කියනෙකයි අපේ හැගීම. බලාගෙන යද්දී අපීයි හරක්. පාට පක්ෂ වෙනස් වුනාට මේ හැමෝම කරන්නේ අන්තිමට ජනතාව ඇන්දීම තමයි. මොවුන් උසාවියේ වගේම පාර්ලිමේන්තුවේත් එකිනෙකට යටිගිරියෙන් කෑ ගැහුවට ඉන් පස්සේ කරත අත දාගෙනයි එලියට යන්නේ.(බ)
එක්තරා මහා පරිමානයේ දේශපාලු කපල් එකක්ද ඔය හොර තක්කඩි වැඩේ තියාගෙන ඉඳලා අහුවුනා, (අ)