අද දහවල් 12ට නැවත දැනුම් දෙන තුරු අලුත්ගම හා ධර්ගා නගර් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අද දහවල් 12ට නැවත දැනුම් දෙන තුරු අලුත්ගම හා ධර්ගා නගර් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දකින්නේ දෙපැත්තේම වැරදි හදාගත යුතුයි. තම වර්ගයා වැඩිපුර ඉන්න පලාතක කියලා අනිත් ආගමික පුජකවරුන්ට පහර දෙන එක වැරදියි. අනිත් පැත්තෙන් එහෙම සිදුවීමක් සිද්ද උන නිසාම මිනිස් ජීවිත් අහිමි වෙන තැනට කටයුතු දුර දිග යාමත් වැරදියි (නදී)
ජාතිවාදය ආගම්වාදය පතුරවන හැම සංවිධානයක්ම රජය තහනම් කල යුතුයි. එයයි හොඳම විසදුම. ප්‍රශ්න බේරන්න තමයි ආණ්ඩුවක් පත් කර ගන්නේ. ඒක විසදිය යුත්තේ රජය විසින්ම තමයි. (නදී)
ලොව ආගම් බිහිවීමට විවිද හේතුන් තිබේ. ඉන් ඉතාම සාදාරන හේතුව "සත්‍ය අවබෝදය " සඳහා කරන කැපකිරීම වෙයි. නමුත් මිනිසුන් අදහන ආගම වෙනස් කිරීමට බලපාන ප්‍රදාන කුරිරු සාදකය වන්නේ ආර්ථික සහ දේශපාලන බලකාමය සඳහා මෙහෙයවනු ලබන කුරිරු යුද්දයයි. ගණ ගෝත්‍ර සමාජයේ සිට අද දක්වා මානව ඉතිහාසය සාක්ෂි දරන්නේ හිංසනය සහ යුධ වාදී ආක්‍රමණ මගින් පිහිටුවනු ලබන ප්‍රදේශ හෝ යටත් විජිත වල ජිවත් වන ජනයා භීතිය සහ ආර්ථික වාසිය නිසා තම ආගම වෙනස් කොට ඇති බවයි. අද පවතින ලෝක දේශපාලන ආර්ථික බලය හමුවේද සිද්ධ වන්නේ මෙයයි. ඉදිරියටත් මෙය මෙලසම සිදු වනවා ඇත. එනිසා යුක්ති ගරුක මිනිසුන් විසින් කල යුත්තේ අප ජීවත් වන යුගයේ ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම නිදහසට ගරු කොට, මිනිසුනට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට හිස නැමීමයි. මේ වෙනුවෙන් පෙනී සිටීම සියලුම මානව හිතවාදීන්ගේ පරම යුතුකම වන්නේය (නදී)
ආගම යනු මිනිසා යහ මග යොමු කරන මගයි, මෙය තේරුම් නොගෙන දේශපාලනය විසින් මුළා කරනු ලැබූ අය උමතු වෙලා. මිනිසත් බවය අති උතුම්.(නදී)
රට ජාතිවාදයෙන් ආගාදයට අරගෙන යන අයට සාප වේවා. මම මේ කියන්නේ භේදයක් නැතුව (නදී)
අන්තවාදී වෙන්න එපා එතකොට ප්‍රශ්න වැඩියි ජිවිතයට එය පාඩමකට ගන්න (දී)
ආගමානු කුලව ජිවත් වෙන්න එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ (දී)
ප්‍රශ්නය ඉවරයක් වෙනකල්ම ඇදිරිනීතිය තියෙන එක නම් හොදයි (දී)
තව අයෙකුට හිංසා කිරීමේ අරමුණින් හදන ලද සියලු සංවිධාන තහනම් කලයුතුය (දී)
ජීවහර්ෂ ඔයා කියන්න දෙයක් නැහැ මිනිස්සුන්ට ආගමානුකුලව ඉන්න කියලා (දී)
ලංකාවේ කිසිම සංවිධානයකට දොස් කියන්න එපා, එසේ සන්විධාන ගතවීම මුලික මිනිස් අයිතියක් (දී)
අපි එකිනෙකාට ගරු කිරීමට පුරුදු වෙමු (නි)
තාමත් මිනිස්සු 88, 89 උන දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන නැහැ. (දී)
ඇඳිරි නිතිය දාල මේවා විසදන්න බැහැ මේවාට ස්ථිර විසදුම් දෙන්න (දී)
රට කිලිටි වෙන එක විතරයි මේ වැඩ වලින් වෙන්නේ (දී)
අනේ මගේ රටට ගිය කලක් මෙවන් විපතක් නැවත නොවේවා (දී)
අපි හීනෙකින් වත් හිතුවේ නැහැ ලංකාවේ මෙවන් තත්වයක් වෙයි කියලා (දී)
පිට රටවල් වල ඉගෙන ලංකාවට උපදෙස් දෙන්න එන්න එපා කවුරුවත් (දී)
මිනිස් වර්ගයාගේ මානසිකත්වය හදන්න ඕනේ නැතුව මේවාට මොන විසදුම ගත්තත් වැඩක් නැහැ (දී)
ලසන්ත එතකොට එහෙම සංවිධානය වෙලා අනික් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන එකත් මුලික මිනිස් අයිතිවාසිකමක් ද? (නදී)
ගහගන්න එපා මිනිසුනේ. (දී)
පතිරණ ඔබ කියන දේත් එක්ක මම එකඟ නැහැ (දී)