(සමන් පාලිත නානායක්කාර)
ඇඳිරි නීතිය පැවතියේ දී අද (22) බණ්ඩාරවෙල පුනාගල ප්‍රදේශයේ මැණික් ගැරූ පුද්ගලයින් දස දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි.
මැණික් කුඩ උදලු ඉල්ලම් කූරු ඇතුළු මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් ද සමඟ සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුවන් බණ්ඩාරවෙල පුනාගල ප්‍රදේශවල පදිංචි අයවෙති.
ඇඳිරිනීතිය පැවැතියදී හොර රහසේ මොහු කුඹුරක මැණික් ගරමින් සිටියදී පොලීසියට කොටු වී තිබේ.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුළ ද සිල්වා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී ඩී. එම්. දසනායක මහතාගේ උපදෙස් ඇතිව බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදු කළහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd