(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇඳිරිනීතිය අවස්ථාවේ පොලිස් අණ නොතකා පලා ගිය යතුරුපැදියක් අද 21 දහවල් වේයන්ගොඩ දංවිලානෙ දී පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි.
යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ මියගිය හා තුවාල ලැබූ තරුණයින් උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අනතුරින් පසු පලා යමින් තිබූ ගිලන් රථය ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
තුවාල ලැබූ අනෙක් තරුණයාගේ ද තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි .
වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd