(ඩී.ජී.සුගතපාල)
ඇඳිරි නීතිය කඩ කරමින් කසිප්පු තිප්පොළකට ගොස් මත්පැන් රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අද(21) අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා අක්මීමණ පොලිස් වසමේ තොටගොඩ ප්‍රදේශයේ කසිප්පු තිප්පොලකට ගොස් කසිප්පු පැකැට්ටුවක් රැගෙන එමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කරන බවය.
අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල රංජිත් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ තැබෑරුම් දැන්වත් වසාදමන්නේ නැත්තේ ? මත්පැන් , මත්ද්‍රව්‍ය .. මේ රෝගය පැතිරීම සීඝ්‍රගාමී බවට පත්වෙනවා නේද?
ප්‍රසිද්ධ ස්ථානයක මාන්චු දමා අන්අයට දකින්නට සලස්වන්න
අපේ රටේ හුඟාක් පිරිමි අය ලංකාවේ සිටියත් ලෝකයේ වෙන රටක සිටියත් දුකටත් සැපටත් කොයි දෙයටත් මූලික තැන දෙන්නේ මත්පැන් වලටයි.