IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇඳුමක් ඇඳගෙනද බැන්නෙ?

20160902motorbike-1

නව පරපුරේ රංගන ශිල්පිනියන්ට ලොකු උණක් තියෙනවා කලා ලොවේ විශේෂ උත්සවවලදී හොඳින් කැපිලා පේන්න. ඒ වෙනුවෙන් දන්න වැඩකිඩ සේරම දානවා.

කොණ්ඩ මෝස්තර දානවා ආයි මෙලෝ මනුස්සයෙකුට අඳුනගන්න බැරි විදිහට. නමුත් ගොඩ දෙනෙක් කරන්නෙ සුපිරි නිර්මාණකරැවන් ලවා විශේෂ ඇඳුම් මහගන්න එක තමයි. ඒ තරගය නම් මේ වනවිට බරපතළ ලෙස උත්සන්න වෙලා තියෙනවා. ඔන්න මෑතකදී පවත්වපු එවැනි උත්සවයකට සහභාගි වෙන්න නවක නිළියො හතර වටේම දුවනවලු ඇඳුම් නිර්මාණ ශිල්පීන් සොයාගෙන.

මේ අතරතුර ඉන්නවා තමන්ටම කියලා ක්ෂේත්‍රයේ නමක් හදාගන්න ඕන නිසා නොමිලේ ඇඳුම් නිර්මාණ වැඩ කරන අලුත් මල්ලි කෙනෙක්.

ඒ නිසා මල්ලිට බටර් ගාගෙන එන අලුත් නිළියො වැඩිවෙනවලු දවස ගානෙම. අර මෑතක තිබුණ උත්සවයටත් අලුත් නිළියන් කීප දෙනෙකුගෙ ඇඳුම් මහන්න මේ මල්ලි භාර අරගෙන. ඒත් ඉතිං ඒවට කාලය හොයන එක ලේසි නැහැනෙ.

ඔන්න උත්සවය පටන්ගන්නෙ රූ 7ට කියමුකො. දවල් තුනටත් එක නිළියකගෙ ඇඳුම ලැහැස්ති නැහැලු. මළපැන්න ඒ නවක නිළිය මෙයාගෙ සාප්පුවට ඇවිත් බැන්නලු පලු යන්න වටපිට ඉන්න අය ගැනවත් හිතන්නෙ නැතුව.

අනේ ඒ අහිංසක කොල්ලා කරබාගෙන හිටියලු. නිළිය ගියාට පස්සෙ එතන හිටිය කට්ටිය ඇහුවලු එයා ඇඳුම් ඇඳගෙනද එහෙම කතා කළේ කියලා.

 

 



අදහස් (0)

ඇඳුමක් ඇඳගෙනද බැන්නෙ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site