සිත්ති මර්ලියා ගේ කතාව ම පුවත්පතකට ලිවේ මීට වසර දෙකකටත් කලිනි. ඒ ඇය රිය අනතුරට ලක්වී රෝහල් ගත කළ කාලයේදීමයි.
ඇය දෙදරු මවකි. මීට වසර 10 කට පෙර ඇයගේ සැමියා මිය ගියේය. ඇය පදිංචිව සිටියේ සැමියාගේ නංගිගේ ගෙදරය. දරුවන්ගේ ඉගනීමේ කටයුතුත් ආර්ථික අහේනියත් නිසා කොළඹ විදේශ රැකියා ආයතනයකින් ඇය සෞදි අරාබියේ රියාද් නුවර ගෘහ සේවිකාවක් ලෙස පැමිණියේ මීට වසර හතර හමාරකට කලිනි.
සෞදි හාම්පුතා කාන්තාවන් නිවෙස් වලට මුදලට විකිණීමේ ජාවාරමක් කරනබව දැනගත්තද ඔහුට අවනත වීම හැර සිත්ති මර්ලියාටද කළ හැක්කක් නොවූ තැන වසර 5 ක් තිස්සෙම විවිධ නිවෙස්වල බැලමෙහෙවර කම් කිරීමට සිදුවිය. මෙසේ රැකියාව කරමින් සිටියදී යේමන් ජාතික පවුලක් සමග අභා බලා ආවේ රාමසාන් සමයේය. මෙසේ රාමසාන් උත්සවය අවසන්වී නැවත රියාද් බලා පිටත්වූ සිත්ති මර්ලියා ඇතුළු යේමනි පවුල අභා සිට පැයක පමණ දුරක් යාමට මත්තෙන් කමිස් මුසායඩ් රියාද් මාර්ගයේදී බිහිසුණු රිය අනතුරකින් ඉන්දියා ජාතික රියදුරු, යේමන් පවුල වසර පහක පිරිමි දරුවා සහ ඉතියෝපියා ජාතික ගෘහ සේවිකාවද එතනම මරුමුවට පත්වූහ. බේරුණේ ශ්‍රී ලාංකික සිත්ති මර්ලියා පමණී. ඒ 2012 ජුලි 16 දිනයි. එදා සිට මේදක්වා කමිස මුසයිඩ් රෝහලේ එකම ඇඳක නේවාසිකව ප්‍රතිකාර ලබන මර්ලියා හට ඊයේ (18) දින තම මව්බිමට යාමට වාසනාව උදාවුයේ අභා නගරයේ ක්‍රියාත්මක වන අබු කුලිසාන් රාජ්‍ය නොවන සංවිධානයේත් කමිස් රෝහලේ බලධාරීන්ගේත් සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් ප්‍රයත්නයෙන් බව එහි වෙසෙන නිමල් එඩේරමුල්ල මහතා පවසයි .
කෙසේ වුවද මෙම කාන්තාව අබා ගුවන් තොටුපොලෙන් රියාද් දක්වාද එතැන් සිට සෞදි අරාබියා ගුවන් යානයකින් ශ්‍රී ලංකාවටද පියාසර කළ බව වාර්තාවේ. වසර තුනක් පමණ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සිත්ති මරලියා පැවසුවේ අබු කුලිසාන් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ පිහිට නොලබන්නට තමාට අත්වන ඉරණම කුමක්දැයි සිතාගත නොහැකි බවයි. තමා ශ්‍රී ලංකා රජයේ බලධාරීන් පිළිබඳව දැඩි කලකිරීමෙන් පසුවන බවත් ඇය පවසන්නීය.
මෙම කාන්තාව පිළිබඳව සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව කටුනායක ගුවන් තොටුපොළේ සහන පියස නිලධරයෝ පොරොන්දු වූ බවද නිමල් එඩේර මුල්ල මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මේ වගේ අසරණ වෙන වෙලාවට උදව්කරන්න බැරිනම් මොකටද තානාපති සේවයක් (බ)
අහිංසකයෝ වැලි කතරේ දහ දුක් විඳිනවා. අයියෝ දුප්පතුන්ගේ සල්ලි නේද මේ මිලියන ගණන් වියදම් කරලා තියෙන්නේ සවාරි යන්න. (බ)
ඒ වුනාට විදේශ සේවා අමත්‍යංශයේ නිලධාරියෝ ටික ගුවන්තොටුපොළට වෙලා ඉන්ෂුවරන්ස් එකට සල්ලි ගෙවලද කියල අනිවාර්යයෙන් බලනවා. නැත්නම් යන්න දෙන්නේ නෑ. මෙහෙම කරදරයක් වෙච්ච මනුස්සයෙකුටවත් පිළිසරණක් වෙන්නේ නැත්නම් ඔය උලව්වෙන් ඇති වැඩේ මොකක්ද ? (බ)
දෙවියන්ගේ කැමැත්ත. (ස)
දෙවියන්ගේ කැමැත්ත. (ස)
චන්ද්‍රසිරි ,තානාපති සේවය තුළ උපකාර නැත. රාජකාරිය පමණක් ඇත.නමුත් මෙය රිය අනතුරක් බවත් මෙහි නීතිමය පැත්තක්ද තිබෙන බව කිවයුතුය. තානාපති කාර්යාලයට හෝ නිලධාරින්ට වැඩකරන්න බැහැ නීතියට පිටින්. අපි ඉන්නෙත් නීතියට යටින් බව මතක තියාගන්න (නි)
ලජ්ජා නැති ජාතියක් එන්නවනම් ඒ අපියි, ලංකාවේ කියන්නත් ලජ්ජි, ගැහැණු රට යවල විදෙස විනිමය හොයනවා, රට යන්නේ මොකටද පාරේ හිඟාකපල්ලා මීට හොදි, තමුන්ගේ ගනී බිල්ලට දීල කන පිරිමි එන්නේ ලංකාවේ විතරි,ගැහැනුන්ව රට යවන්න එපා, රණවිරිවන්ටත් එක්ක ලජ්ජි රට විරුවෝ කියන එක, රට්ටුන්ගේ කක්කුස්සි හෝදනෙඑක වුණ්ගේ ඉඳුල් කන එකද වීර කම, (අ)
මැදපෙරදිග සේවය නීතිගතකර එය පාලනය කරන්නේත්, මැදපෙරදිග සේවයට යන්නන්ගේ දුක සැප සොයාබැලීම කරදර හිරිහැර සිදුවන විට ඔවුන් රැකබලා ගැනීමේ වගකීම ඇත්තේත් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයටයි. (නි)
"තමා ශ්‍රී ලංකා රජයේ බලධාරීන් පිළිබඳව දැඩි කලකිරීමෙන් පසුවන බවත් ඇය පවසන්නීය." මේක තමයි යථාර්ථය. (බ)
සැපේදි විතරක් රටවිරුවන් යැයි අගයන, දුකේදි අහක බලන රාජ්‍ය ආයතන වලින් ඇති ප්‍රයෝජනය කිම? (නි)
වෙනස් කළ හැකි දේ සීමිතය (නි)
රටවිරු ටැලන්ට්‌ස්‌ටාර් නම් වු ව්‍යාපෘතියක් වෙනුවෙන් එක් රටක වැඩ සටහනක් පටිගත කිරිමට කාර්යාංශය පුද්ගලයින් 20 ක් පමණ රැගෙන ගොස් ඇති බවද එක් ගමනක් වෙනුවෙන් රුපියල් මිලියන 03 ක් පමණ වැය වූ බවද එක්තරා ප්‍රසිද්ධ පුවත් පතක පලවී තිබුණි. (බ)