හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන නිලධරයා වූ නගුලන් (ශිවමූර්තී කනපතිපිල්ලේ) යාපනයේ කෝපායිහිදී ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග කියයි.
2009 යුද්ධය අවසානයේ ඔහු සාමාන්‍ය වැසියෙකු ලෙස යාපනයේ කෝපායිහි පදිංචිව සිටියේය. චාල්ස් ඇන්තනී බලකායේ රාම් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් ලද තොරතුරක් අනූව නගුලන් අත්අඩංගුවට ගන්නට ඇතැයි දැනගන්නට තිබේ.
යුද්ධයෙන් පසුව නගුලන් සිය බිරිඳ සමඟ ජීවත් වූ බවත් ඔවුන්ට අවුරුදු 04 ක දරුවෙකු සිටින බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංදර්ශන (බ)
බොරු සහජීවනයට අපලද (බ)
මුලස්ථානයට පැනපුව අමතක කරන්න හදනව වගේ ඔබතුමාලා කරනෙත් බොරු කියන්නෙත් බොරු (බ)
දෙන්නෙක් නිදහස් කලානේ . දඩුවම පමුණුවල ජනපති ලවා නිදහස් කරගන්න.(ම)
මානුෂික මෙහෙයුමක් නොවන්නේ නම් නගුලන් ජීවතුන් අතර ඉඳීද? (බ)
හමුදා බුද්ධි අංශය ඇතුලේ වුනාට කමක් නැහැ, මෙයාව ඉක්මනට නිදහස් වේවාය් පතමි (බ)
සහජීවනය නැතිවේවි! වහා නිදහස් කරනු (ම)
වැඩිය ප්‍රචාරය කරන්න එපා සහජීවනය බිඳෙයි (බ)
අන්න හොඳයි. අපිට හරිම සතුටුයි (නි)
අනේ! ඔන්න ඔය අහිංසක මිනිස්සු අතහැරලා දාන්න කියලයි මම නම් කියන්නේ (නි)
පිස්සෝ වගේ කෑගහනව, ඉඩ දෙන්නකෝ හමුදාවට හා පොලිසියට පරීක්ෂණ කරගන්න (කෞ)
හොඳ ප්‍රවණතාවයක්. අපිට සතුටුයි මේ උනන්දුව ගැන (නි)
යුද්ධෙ කාලෙදි හමුදාවට භාර වෙලා පස්සේ සමාජයට මුදා හැරපු අය තමයි මේ. (කෞ)
ලංකාව ලෝකයට විහිලු සපයන්න වෙලා කියලයි අපිට නම් හිතෙන්නේ. මරාගෙන මැරෙන්න ආ කොටි නිදහස් කරන රටේ නැවතත් හිටපු කොටි නායකයන්ව අල්ලන්නේ ඇයි දන්නේ නැහැ (නි)
සමහර නඩුවල චුදිතයන් වූ රණවිරුවන් රිමාන්ඩ් ගතකර තිබුනාට, සහජීවනයේ නාමයෙන් මේ අහිංසකයන්ට සමාවක් ලැබේවිද? (නි)
මොකක්ද මේ වෙන්න යන්නේ? තව කොච්චර නිදැල්ලේ ඉන්නවද? (නි)
බුද්ධි අංශ ක්‍රියාත්මකවීම ගැන සන්තෝෂයි. (නි)
දැන් මොහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? (නි)
අනිද්දට ලස්සනට එලිය එයි.(කෞ)
ඇයි ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක් නැහැ කියුවේ. දැන් මොකද මේ 7-8 දෙනා අත් අඩංගුවට ගන්නේ. ජනතාවට ඇත්ත නොකියුවත් ජනතාව රජයට වඩා ඉදිරියෙන් බව මතක තියා ගත්තොත් හොදා.(ම)