වයඹ ඡන්දයේ දී සලකුණු කළ තවත් ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහා විද්‍යාලයයේ තවත් ශාලාවකින් සොයා ගත් බව වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රී ආබ්දීන් යෙහෙයියා මහතා කියයි.
එම ඡන්ද පත්‍රිකා අධිකරණයට භාර දී නැතැයි ඔහු කියයි.
පසුගිය සිකුරාදා මෙම පුවත එසැණට ලැබුණත් පුත්තලම තේරීම්භාර නිලධාරී කාර්යාලයයේ ප්‍රතිචාරය නොලැබුණු නිසා එය පළ කිරීම පමා කැරිණි.
පසුගිය 25 වැනිදා තවත් ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම මැතිවරණ කාර්යාල නිලධරයන් විසින් භාර ගන්නා ලදැයි පුත්තලම දිසාපති කිංස්ලි ප්‍රණාන්දු මහතා කියයි.
එම ඡන්ද පත්‍රිකා ශීල් තබා සුරක්ෂිතාගාරයේ තැම්පත් කළ බව ද දිසාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝ අර ඡන්දය දිනුවා කියලා තප්පුලපු බන්දුල පෙරේරා?(නදී)
මොන පක්ෂය මොන සංවර්ධන වැඩ කළත් ඒක ආයුධයක් නොමේ. මොනයම් විදියකින් හෝ ඡන්දය උදුරාගැනීම. මේකද මහා ලොකුවට කයිවාරු ගහන ප්‍රජාත්‍රන්තවාදය? ඡන්දය කියන්නේ තමන්ගේ පුද්ගලික කැමැත්ත. ඒ කැමැත්ත තමන්ගේ අම්මා තාත්තාටවත් වෙනස් කරන්න බැහැ මා දන්නා විදියට. (නි)
පුත්තලමේ ලුණු ,පුත්තලම් බූරුවා... මේ වචන හරි ප්‍රසිද්ධයි.දැන් පුත්තලම් ඡන්දෙ වගේ කියලා අලුත් කියමනකුත් එකතු වේවි (නි)
දැන්නම් හිතා ගන්න පුළුවන් ඡන්දෙ කරපු විදිය.අනේ මහජනතාව මුලා කරන විදිය? (නි)
දැන් ලංකාවේ මහා අමුතු දේවල් වෙනවනේ (නි)
පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්දය නැවත තියන්න. (නි)
මේ ඡන්ද පොලේ රාජකාරි කරපු ස්ථානාධිපති නම් රජයේ සේවයේ තියන්න වටිනා පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ නොසැළකිල්ල නිසා අපහසුවට පත් වන්නේ රජයයි. ඒ වගේම කොයිතරම් මහජන මුදල් නාස්තියක්ද? ඔහුට උපරිම දඬුවම් දිය යුතුයි. (නි)
ඡන්ද කාලෙට විතරයි මැතිවරන කාර්‍යාලය වැඩ කරන්නේ ඒ ටිකවත් හරියට කරගන්න බැහැනේ හනේ හනේ...(නදී)
දැන් හිතෙනවා පුත්තලම ඡන්දය නැවත තිබ්බොත් සාදාරණයි කියලා. කොහෝ හො මගඩියක් වෙලා තියෙනවා. මේ නිලධාරීන්ට දඩුවම් කළ යුතුයි.(නදී)
එය එසේනම් වයඹ ඡන්දය අහෝසි කළ මැනවි.(නදී)
ඡන්දයේ මොනවාහරි ප්‍රශ්නයක් තියනවා නම් ඒක ගැන හොයලා වාර්තා කරන එක පොලිසියේ නැත්තම් මතිවරණ නිලධාරීන්ගේ රාජකාරියක්. නැතුව හිටපු පළාත් සභා මන්ත්‍රීන්ගේ නොවේ. ලනු දෙන පමාවට ගිලින්න එපා. (නි)
මේක සන්දානෙම අයගෙ වැඩත්. ජනාදිපති ලංකාවට ආපු ගමන් සන්දානේ දෙන්නෙක් විතර ගෙදර එලෙව්වා නම් ඔක්කොම හරියනවා. අපි ශ්‍රීලංකා නිදහස් පක්ෂේ අය කලකිරෙනවා මනාප වලට මරගන්නවට.(නදී) මේ මනාප ක්‍රමය නැතිකරන්න ඕනේ
මෙන්න දැන් ලැබුන තවත් ඡන්ද මිටියක්. වයඹ දිස්ත්‍රිකය - පුත්තලම මැතිවරණ කොට්ටාශය.(නදී)
පළාත් තුනේ කී පොලක ඡන්ද කටයුතු කළාද? මෙතන පමණක් මොකක්ද? මේ විකාරය ?(නදී)
ඒ ඒ කන්තෝරුවල ඉන්න මනාප ගත්තෝ කව්ද කියල රජයට හොයන්න වෙයි වගේ. රජය අපහසුතාවයට පත් කරන්න අනිත් පැත්තේ වැඩ රජයේ ගමන වලක්වන්න කාටවත් බැහැ මේවා කරලා.(නදී)
මට නම් හිතාගන්න බැරි ඡන්ද දාපු ගැනයි වැටිලා තියෙන ඡන්ද පත්‍රිකා ගනින්නයි සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ එක එක අපේක්ෂකයා ලබපු ඡන්ද ගණනයි අහක යන ඡන්ද පත්‍රිකා ගනනයි සමාන වෙන්න ඕනේ. එතකොට ඉස්සරනම් කලේ එහෙමයි. එතකොට එතන මොකක් හරි අඩුවක් හෝ වැඩියෙන් තියෙනවනම් හොරයක් කරලා බව පේනවා. අනේ මන්ද දැන්;;;;;;;;;;;;ඉස්සරට වඩා දැන් ඉන්න අය උගත්, මොලේ තියෙනවා කියල ගමේ ගොඩේ අයට හිනා වෙන්න දන්නවා මිසක් මේ වගේ සරල දෙයක් වත් විසදා ගන්න බැරුව කොහොමද රටක් කරන්නේ? අනික ආපහු ඡන්ද දාහක් තිබ්බත් කමක් නැහැ තම තමන්ගේ සල්ලි වලින් කරනවානම්. අහිංසක දුප්පත් මිනිසුන්ගේ බඩ ගෝස්තරේ හුරගෙන මේ වගේ ඡන්ද තියනවට වඩා හොදයි නිකම් ඉන්නවා.(නදී)
එතකොට කොහොමද වයඹ චන්දෙ සාධාරණයි කියන්නේ. මේවා ජාත්‍යන්තර නිරීක්ෂයන්ගේ ඇස්වලට වැලි ගසා කරපු වැඩක් වගෙයි පේන්නේ. අනේ මේ කීයක් ගියත් කමක් නැහැ ආයෙමත් මේ වගේ අහුවෙන්නේ නැතුව ඡන්දයක් තියන්න. (නදී)
ඉන්දියාවේ අපේක්ෂකයා හොඳ නැතිනම් රිජෙකට් කරන්න පුළුවන් වෙන ආකාරයට ඡන්ද පත්‍රිකාව වෙනස් කලේ මෑතකදී. ලංකාවෙත් ඡන්දෙ ඉල්ලන කුඩු මුදලාලිලා සහ මදාවියෝ රිජෙක්ට් කරන්න මේ ක්‍රමය අනිවාර්ය කරන්න ඕනේ.(නදී)
ලංකාවේ ඡන්ද දුෂණ කවදාවත් නැති කරන්න බැහැ. මම හිතන්නේ අපේ යුතුකම තමයි අපේ වැඩක් බලාගෙන ඉන්න එක.(නදී)
ඔව්වට කියන්නේ පස්චත් භාගෙන් එන ගුද ඡන්ද මිටි කියලා.(නදී)
අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇමති වරු ගොඩාක් ඉන්න දෙපාර්තමේන්තුවක්. මැතිවරණ දෙපාර්තමේන්තුවට ඇමතිලා නැහැ.ඒ නිසාද මෙහෙම වෙන්නේ.(නදී)
තව ඉන්දියන්කාරයෝ ගොඩක් ඡන්ද පොලට එක්කගෙන යන්න කියලා පනතක් ගෙනෙමුද? (නි)
පුත්තලම් බූරුවන්ටම ගිය පුත්තලමේ ඡන්දය.(නදී)
අපේ මැතිවරණ කොමසාරිස්තුමාට මානසික ආතතියක් ඇතිවේද දන්නේ නැහැ ? (නදී)
රවින්ද්‍ර මෙන්න දැන් ලැබුන තවත් ඡන්ද මිටියක්. වයඹ දිස්ත්‍රිකය - පුත්තලම මැතිවරණ කොට්ටාශය.(නදී)
මේවා පැරදුන අයගේ කුමන්ත්‍රණ. ගුරුන් දණගස්සපු පලාතක් මේක.(නදී)
අපි නම් මේවට ඡන්ද කියල කියන්නේ නැහැ. ඔහොම ඡන්ද තියල දිනන්න කාට බැරිද. රටට දෙවියන්ගේම පිහිටයි.(නදී)
,සුවාසිලන්තයෙන්, උගන්ඩාවෙන්, ඉතියෝපියාවෙන්,සොමලියාවෙන්, නේපාලයෙන්,කෙන්නියාවෙන්,සුදානයෙන්,බන්ගලිදේශසයෙන් වැනි ලෝකයේ දියුනුම රටවල් වලින් නිරීක්සකයන් ගෙන්වන කොට මට නිකමට හිතුනා මේ සැරේ එතාම සාදාරන ඡන්දයක් පවත්වන්න තමයි හදන්නේ කියලා.(නදී)
පුත්තලම් බූරුවෝ කියන්නේ නිකන්ද ?(නදී)
මේක නිලදාරීන්ගේ හෝ බලගතු දේශපාලක්‍යන්ගේ නොසලකිල්ලද, නැතිනුම් මේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය වල පල්ලට යාමද.? ප්‍රබාකරන් නමැති පාහර මිනිස් මැරයව මෙල්ල කල හමුදාවක් සිටිද්දී ,දේශපාලන් මැරයන්ව මෙල්ල කර, ඡන්දය දෙන ලද ස්ථානයේදීම එතන සිටින සියලුම පක්ෂ නියෝජිතයන් ඉදිරියේදී පක්ෂ වලට ලැබුන ඡන්දය ගණන් කිරිමේ ක්‍රමයක් සකස් කල නොහැකිද?(නදී)
ඕවා මොනවද ජනාධිපතිවරනයේදි ජෙනරල් සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නු ඡන්ද මිටි අදටත් කුණුගොඩවල් වලින් හම්බ වෙන්නේ.(නදී)