සර්ප දෂ්ට කිරීම්වලට ලක්වු රෝගීන් හතර දෙනකු මහියංගණ රෝහලේදී මිය යෑමෙන් පසුව ඉන්දියාවෙන් ගෙන්වන ඒ වී එස් එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි මහියංගණ රෝහල් ආරංචි කියයි.
පසුගිය දෙමාසයේදී සර්පයන් දෂ්ට කිරීමෙන් මහියංගණ රෝහලට ඇතුළු කළ හතර දෙනකු මිය ගිය නිසා එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන වෛද්‍යවරු සැක කළහ.
ඒ අනුව මහියංගණ රෝහලේ වෛද්‍ය අධිකාරී සෙනරත් බණෟඩාර මහතා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට හා සෞඛ්‍ය අමාත්‍යංශට පැමිණිලි කළහ.අමාත්‍යංශ පරීක්ෂණය ඇරැඹුණේ එහි ප්‍රතිපලයක් ලෙසය.
ඒත් මේ ප්‍රතිවිෂ එන්නත ගැන සම්බන්ධයෙන් ගැටළු පවතින බව රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය පවසයි
සංගමයේ සහකාර ලේකම් දොස්තර නලීන්ද හේරත් පැවසුයේ එම එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු සපයන ලෙස සංගමයේ සියළු ශාඛා වෙත දැන්වු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර දෙනාම එකම දවසේ නයා දෂ්ට කරලා ඉස්පිරිතාලෙට ආවා වෙන්න බැහැ !! හතර දෙනෙක් මැරෙනකන් ඉන්නේ නැතුව දෙන්නෙක් මැරුනට පස්සේ වත් එන්නත පාවිචියෙන් තුරන් කරන්න තිබුනේ !! අනිත් එක මේකත් බෙහේත් දූෂනයේ කොටසක් !! (අ)
ඔය කට්ටියමද එක වතාවක් වීදුරු කටු තිබෙන එන්නත් එව්වේ අපිට? (නි)
දැන් ලංකාවට ගේන බේත් ලාබයි.ඒකයි ඒ.(හේ)
දැන් එහෙනම් ප්‍රමිතිය නොබලා මේ එන්නත් ගෙන්නපු කෙනාව සොයා ගෙන සුදුසු දඬුවමක් දෙන්න ඕන නේද ? (ර)
එන්නත ප්‍රමිතිය අඩු වීම නිසා මිය ගියාද දන්නේ නැහැ. (ර)
ඉන්දියා, චීන, පකිස්තාන් බේත් ගැන විස්වාස නොකරමු.(බ)
කවුද මේ බෙහෙත ගෙන්වූයේ? බෙහෙත ගැන සොයා බලන්නට තිබුනා නේද පාවිච්චියට ප්‍රථම? අපරාදේ මනුස්ස ජීවිත! කණගාටුයි . (නි)