කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෂින් මත් කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ශ්‍රී ලාංකිකයා රැඳවුම් නියෝග යටතේ අද (9) වනතුරු රඳවාගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඉන්දියාවේ සිට සඟරා අස්සේ මත්කුඩු එවා ඇත්තේ ජනප‍්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලකට පෙර පදිංචිවී සිටි ලිපිනයටය. අතියට පත් පාර්ශවය වෙනුවෙන් ඇන්ජලා ද අද උසාවියට ආවාය. මේ සිද්ධිය නිසා තමා අපකීර්තියට පත්වී රැකියාවද අහිමිවූ බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට දැන්වීය. ඇය නඩුවේ සැකකාරියක නොවන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. ඇය සේවය කළේ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේය.
අත් අඩංගුවට පත්ව සිටින විදේශ ජාතිකයන් දෙදෙනා ඇප අයදුම් පතක් ඉදිරිපත් කළහොත් තමන් එයට විරුද්ධ විම සඳහා මෙසේ පැමිණි බවත් මෙම සිද්ධියට තමන් කිසි ලෙසකත් සම්බන්ධ නොවු බවත් ඇය මාධ්‍ය සමග පැවසීය.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම දේක දෙපැත්තක් තියෙනවා. මෙතුමිය වැඩ කළේ තානාපති කාර්යාලයක නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න ලේසියි. අපිය ඒ ගැන තියෙන්නේ සාධාරණ සැකයක්
බය වෙන්න එපා. ඔබට රැකියාව ලැබෙයි.
මෙතුමියත් දේශපාලනයට එන්න වගේ.
නිරපරාදේ මිනිසුන්ට මඩ ගසා පසුව ඒ ගැන පොඩියට නිවැරදි කිරීම් පලකරන, පල කල පසුත් ඔවුන්ව නැවතත් අපහසුතාවට පත් කර තම අලෙවිය වැඩිකර ගැනීමට වලිකන, හොල්මන් ගුප්ත විද්‍යා හා ගණිකාවන් විකුණන, මෑතකදී එළිදුටු පුවත්පත් වලට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙනවානම් හොඳයි. මේ ප්‍රශ්නයේදී ලංකාදීපයේ හැසිරීම අගය කරමු.
ආයෙත් මෙතුමියට කොටි වලිගයක් අහුවෙලා වගේ
ඇත්තටම කණගාටුයි. චරිතෙත් ඝාතනය වුනා. රස්සාවත් නැතිවුනා. නැතිවු දෙයක් නැවත ලබාගන්න ලේසි නෑ නෝනේ.
ඔබ නිවැරදියි. වරද කරුවන්ට දඩුවම් දෙමු.
නිර්දෝශී නම් ඇයි වන්දි ඉල්ලන්න බැරි?
මේවා හොදයි දැන් කාලේ වැරදි වැඩ කරන අයට ඉගෙන ගන්න.
ඔය කියන වර්ගයේ මත් කුඩු සෞදි අරාබියේ ගොඩක් ජනප්‍රියයි. හරියට අපේ රටේ ගංජා වගේ. මේ කියන නෝනත් සෞදි තානාපති කාර්යාලයේ වැඩ කරන නිසා මේ ගැන ටිකක් හොයා බැලුවොත් ගොඩක් හොදයි.
දැන්වත් තමන්ගේ කියල ගෙයක් හදාගන්න.