IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇන්ජලාත් උසාවි එයි.

කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෂින් මත් කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ශ්‍රී ලාංකිකයා රැඳවුම් නියෝග යටතේ අද (9) වනතුරු රඳවාගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඉන්දියාවේ සිට සඟරා අස්සේ මත්කුඩු එවා ඇත්තේ ජනප‍්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලකට පෙර පදිංචිවී සිටි ලිපිනයටය. අතියට පත් පාර්ශවය වෙනුවෙන් ඇන්ජලා ද අද උසාවියට ආවාය. මේ සිද්ධිය නිසා තමා අපකීර්තියට පත්වී රැකියාවද අහිමිවූ බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට දැන්වීය. ඇය නඩුවේ සැකකාරියක නොවන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. ඇය සේවය කළේ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේය. අත් අඩංගුවට පත්ව සිටින  විදේශ ජාතිකයන් දෙදෙනා  ඇප අයදුම් පතක් ඉදිරිපත් කළහොත්  තමන් එයට විරුද්ධ විම සඳහා  මෙසේ පැමිණි බවත්  මෙම සිද්ධියට තමන්  කිසි ලෙසකත්  සම්බන්ධ නොවු බවත් ඇය මාධ්‍ය සමග පැවසීය.



අදහස් (0)

ඇන්ජලාත් උසාවි එයි.

පුසන්ග Wednesday, 09 May 2012 08:15 AM

ඕනම දේක දෙපැත්තක් තියෙනවා. මෙතුමිය වැඩ කළේ තානාපති කාර්යාලයක නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න ලේසියි. අපිය ඒ ගැන තියෙන්නේ සාධාරණ සැකයක්

:       0       0

අනුර - ඉරාකය Tuesday, 08 May 2012 03:22 PM

බය වෙන්න එපා. ඔබට රැකියාව ලැබෙයි.

:       0       0

රුවන් Tuesday, 08 May 2012 03:30 PM

මෙතුමියත් දේශපාලනයට එන්න වගේ.

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 08 May 2012 03:35 PM

නිරපරාදේ මිනිසුන්ට මඩ ගසා පසුව ඒ ගැන පොඩියට නිවැරදි කිරීම් පලකරන, පල කල පසුත් ඔවුන්ව නැවතත් අපහසුතාවට පත් කර තම අලෙවිය වැඩිකර ගැනීමට වලිකන, හොල්මන් ගුප්ත විද්‍යා හා ගණිකාවන් විකුණන, මෑතකදී එළිදුටු පුවත්පත් වලට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙනවානම් හොඳයි. මේ ප්‍රශ්නයේදී ලංකාදීපයේ හැසිරීම අගය කරමු.

:       0       0

සමන් Wednesday, 09 May 2012 09:21 PM

ආයෙත් මෙතුමියට කොටි වලිගයක් අහුවෙලා වගේ

:       0       0

අලිබබා Tuesday, 08 May 2012 04:05 PM

ඇත්තටම කණගාටුයි. චරිතෙත් ඝාතනය වුනා. රස්සාවත් නැතිවුනා. නැතිවු දෙයක් නැවත ලබාගන්න ලේසි නෑ නෝනේ.

:       0       0

ඇලෙක්ස් Tuesday, 08 May 2012 04:27 PM

ඔබ නිවැරදියි. වරද කරුවන්ට දඩුවම් දෙමු.

:       0       0

ගාමිනී Tuesday, 08 May 2012 04:34 PM

නිර්දෝශී නම් ඇයි වන්දි ඉල්ලන්න බැරි?

:       0       0

සෑම් Tuesday, 08 May 2012 05:05 PM

මේවා හොදයි දැන් කාලේ වැරදි වැඩ කරන අයට ඉගෙන ගන්න.

:       0       0

මංජුල Tuesday, 08 May 2012 05:26 PM

ඔය කියන වර්ගයේ මත් කුඩු ‍සෞදි අරාබියේ ගොඩක් ජනප්‍රියයි. හරියට අපේ රටේ ගංජා වගේ. මේ කියන නෝනත් සෞදි තානාපති කාර්යාලයේ වැඩ කරන නිසා මේ ගැන ටිකක් හොයා බැලුවොත් ගොඩක් හොදයි.

:       0       0

සුදර්ශන Tuesday, 08 May 2012 08:21 PM

දැන්වත් තමන්ගේ කියල ගෙයක් හදාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site