IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇන හිටියේ රාජපක්ෂ සංවර්ධනය පමණයි

දින සීයේදී රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් ඇණ සිටි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

එම කාලයේදී රට ආර්ථික වශයෙන් මෙන්ම සාමාජයීය වශයෙන් ද සංවර්ධනය වූ බවත් සංවර්ධනය ඇනහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බවත් කරුණානායක මහතා පවසයි.

යකඩ සපත්තුවේ ඒකාධිපති පාලනයකට එරෙහිව සටන් කර මනුෂ්‍යත්වයෙන් යුත් ජනාධිපතිවරයෙක් අපි පත් කළා.  අපි රට දවස් 183 ක් පාලනය කර තිබෙනවා.  අපේ පොරොන්දුව දවස් සියෙන් පොරොන්දු සීයක් ක්‍රියාත්මක කරනවා කියලා.  එයින් පොරොන්දු 96 ක් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්  වුණා.  විමල් වීරවංශලා, දිනේශ්ලා, ජී.එල්. පීරිස්ලා, බන්දුල ගුණවර්ධනලා මේ වගේ රාජපක්ෂගේ හෙන්චයිල්ලා ටික පාර්ලිමේන්තු වැඩ කටයුතු අවුල් කළ නිසා ඉතිරි පොරොන්දු 04 ක්‍රියාත්මක කරන්න බැරි වුණා. “ඡන්ද පනත ගේන්න බැරි වුණා.  තොරතුරු දැන ගැනීමේ පනත ගේන්න බැරි වුණා.  ඒත් අපි කිව්වොත් කරන පක්ෂයක්.  ඒ නිසා ජනවාරි 08 දිනූ ජයග්‍රහණය අගොස්තු 17 වෙනිදා විජයග්‍රහණයක් බවට පත් කරන්න ඕනේ යැයිද මුදල් අමාත්‍යවරයා කියා සිටියේය”. 

 

 

 

 

 



අදහස් (0)

ඇන හිටියේ රාජපක්ෂ සංවර්ධනය පමණයි

සත්‍යයා Wednesday, 22 July 2015 12:52 AM

කතාව ඇත්ත. වියගහේ බැඳලා ඉන්නේ දේශපාලකයා නොවෙයි අසරණ ඡන්දදායකයා. (නි)

:       0       0

නදී Tuesday, 21 July 2015 11:35 AM

අනේ රවී මහත්තයෝ, මේ පාර බුද්දිමත් ජනතාව ඔයා ගැන බලාගනී. (ර)

:       0       0

අශාන් Tuesday, 21 July 2015 12:06 PM

හරවත් කතාවක්.මේවා තේරෙන්නැති මෝඩයොත් තවම ඉන්නවා. (ස)

:       0       0

ජයසිංහ Tuesday, 21 July 2015 12:44 PM

මොනව නැතත් කට නං තියෙනව මෙයාගෙ.කමක් නෑ. මේ පාර ආයෙත් විපක්ශෙ තමා (බ)

:       0       0

කනිෂ්ක Tuesday, 21 July 2015 09:48 AM

ඡන්ද පනතට අකුල් හෙළුවේ කව්ද කියලා අපි නම් හොදට දන්නවා. (ර)

:       0       0

දිලිප් Tuesday, 21 July 2015 10:01 AM

බැහැර කරන්න බැරි ප්‍රකාශයක්. ගත යුත්තකුත් තියෙනවා.(නදී)

:       0       0

බණ්ඩාර -කැකිරාව Tuesday, 21 July 2015 10:15 AM

නටන්න බැරි මිනිහත් පොලව ගැන මෙහෙම දෝෂයක් කරාලු . තමන්ගේ නොහැකියාව වහගන්න අනුන්නට ඇගිලි දිගු කරන්න එපා. (ර)

:       0       0

සිසිර Tuesday, 21 July 2015 10:15 AM

අපි නොදන්නා රවී ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site