දින සීයේදී රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් ඇණ සිටි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
එම කාලයේදී රට ආර්ථික වශයෙන් මෙන්ම සාමාජයීය වශයෙන් ද සංවර්ධනය වූ බවත් සංවර්ධනය ඇනහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බවත් කරුණානායක මහතා පවසයි.
යකඩ සපත්තුවේ ඒකාධිපති පාලනයකට එරෙහිව සටන් කර මනුෂ්‍යත්වයෙන් යුත් ජනාධිපතිවරයෙක් අපි පත් කළා. අපි රට දවස් 183 ක් පාලනය කර තිබෙනවා. අපේ පොරොන්දුව දවස් සියෙන් පොරොන්දු සීයක් ක්‍රියාත්මක කරනවා කියලා. එයින් පොරොන්දු 96 ක් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වුණා. විමල් වීරවංශලා, දිනේශ්ලා, ජී.එල්. පීරිස්ලා, බන්දුල ගුණවර්ධනලා මේ වගේ රාජපක්ෂගේ හෙන්චයිල්ලා ටික පාර්ලිමේන්තු වැඩ කටයුතු අවුල් කළ නිසා ඉතිරි පොරොන්දු 04 ක්‍රියාත්මක කරන්න බැරි වුණා. “ඡන්ද පනත ගේන්න බැරි වුණා. තොරතුරු දැන ගැනීමේ පනත ගේන්න බැරි වුණා. ඒත් අපි කිව්වොත් කරන පක්ෂයක්. ඒ නිසා ජනවාරි 08 දිනූ ජයග්‍රහණය අගොස්තු 17 වෙනිදා විජයග්‍රහණයක් බවට පත් කරන්න ඕනේ යැයිද මුදල් අමාත්‍යවරයා කියා සිටියේය”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. වියගහේ බැඳලා ඉන්නේ දේශපාලකයා නොවෙයි අසරණ ඡන්දදායකයා. (නි)
අනේ රවී මහත්තයෝ, මේ පාර බුද්දිමත් ජනතාව ඔයා ගැන බලාගනී. (ර)
හරවත් කතාවක්.මේවා තේරෙන්නැති මෝඩයොත් තවම ඉන්නවා. (ස)
මොනව නැතත් කට නං තියෙනව මෙයාගෙ.කමක් නෑ. මේ පාර ආයෙත් විපක්ශෙ තමා (බ)
ඡන්ද පනතට අකුල් හෙළුවේ කව්ද කියලා අපි නම් හොදට දන්නවා. (ර)
බැහැර කරන්න බැරි ප්‍රකාශයක්. ගත යුත්තකුත් තියෙනවා.(නදී)
නටන්න බැරි මිනිහත් පොලව ගැන මෙහෙම දෝෂයක් කරාලු . තමන්ගේ නොහැකියාව වහගන්න අනුන්නට ඇගිලි දිගු කරන්න එපා. (ර)
අපි නොදන්නා රවී ? (ර)