නීති උපාධිය සඳහා වන ව්‍යාපෘතියක් නිසි වේලාවට භාර නුදුන් සිද්ධියක් මත ශිෂ්‍යයකු නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකට පිහියෙන් අනින්නට ඇතැයි පොලිසිය කියයි.
එම ශිෂ්‍යයා ද පෙතිවර්ගයක් ශරීර ගත වී කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගුරුවරුන්ට අපල කාලයක් ලබලා වගේ. මොකද මේ වෙන්න යන්නේ. (නි)
මමත් මේ අංශයේ තමයි ඉගෙනගන්නේ (නි)
රටේ අධ්‍යාපනයට මොකද මේ වෙන්නේ ? (අ)
අනේ මගේ ලංකාවට මොනවද මේ වෙන්නේ? (නි)
මෙයා ඇමති කෙනෙක්ගේ පුතෙක්ද ? මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක්ද ? එහෙම නැත්නම් පලා බබෙකුගේ පුතෙක්ද ? එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක්ද ? අනේ එහෙමත් නැත්නම් ඊට වැඩිය ලොක්කෙකුගේ පුතෙක්ද ? (නි)
ලුම්බිණි, ඔයා මුස්ලිම්ද? (නි)
තාත්තලා ඉස්කෝලේ ගිහින් ගුරුවරු දණ ගස්සනවා. සමහර ගුරුවරියෝ ළමයින්ව ගණිකා සේවයේ යොදවලා අහුවෙනවා. සමහර ගුරුවරු ළමයින්ව අපයෝජනය කරලා අහු වෙනවා. ළමුන් ගුරුවරුන්ට පිහියෙන් අනින තත්වෙට රට පත්වෙලා. මේ රට යන අත කුමක්ද?මේ රට යන්නේ ආස්චර්යටම තමයිද කියලත් හිතෙනවා ? (නි)
පිහියෙන් අනින්නේ නැතිව දණ ගැස්සුවානම් ඉවරනේ (අ)
කෝපි කාලේ ඉගැන්වීම් ක්‍රම අපිට ගැළපෙන්නෙ නැහැ. ළමයින් සමග සුහදව, ආදරයෙන් ඉගැන්වීම් කළ යුතුයි (නි)
පොලව කොටන තැන.... පාර සදන තැන..... ගිනියන් අවුවේ මහා වරුසාවේ ... දෙවියෝ වැඩ ඉන්නේ...... දෙවියෝ වැඩ ඉන්නේ...... බලන් කඩතුරා හැර දෑසේ......... (දෙවියනි ඔබ කොහෙද?) (ත)
නීතිය ඉගෙනගන්නා සිසුන් මෙහෙම නම් රටේ ඉදිරි අනාගතය ගැන කවර කතාද? (නි)
පෙම් පළහිලව්වක් සම්බන්ධ ගැටළුවක් විය නොහැකිද? (නි)
1970 - 80 අපි ඉස්කෝලේ යන කාලේ පාසලේ නාට්‍යක් කළා. නම "උමතු සං වරුෂාව" ඒ කතාවේ විදිහට "උමතු සංවරුෂාව වහිනවා ,තෙමෙන අය හැමදෙනාම උමතු වෙනවා,,,// ඒ වැස්සට තෙමුණ හැම දෙනාම පිස්සෝ වෙනවා. සමහරු නොතෙමි ඉඳලා බේරෙනවා. ඒත් බේරුණ අයට ටිකකලක් යනකොට වැටහෙනවා රටේම ගොඩක් දෙනෙක් පිස්සු හැදිලා ඉන්නවිට කිහිපදෙනෙක් හොද සිහියෙන් ඉඳආ තේරුමක් නැහැ කියලා.ඉතින් එයාල හැමතැනම දුවමින් එළියේ පොල්කටු බෙලෙක්ක වල එකතු වුන වතුර හොය හොයා ඒ වතුර ඔලුවේ හලාගෙන උමතු හදාගන්නවා.වෙනවා.දැන්නම් මටත් හිතෙනවා අපේ රටටත් එහෙම වැස්සක් වැහැලා වගේ.හොදම වැඩේ අපිත් පිස්සු හදාගන්න එක. හැමදාම හැමතැනම සිදුවන උමතු වැඩ දැක්කම හොද සිහියෙන් ඉන්න අමාරුයි. (නි)
මටත් අපේ ලෙක්චර් කෙනෙක්ගෙන් ලොකු අසාධාරණයක් වුණා. ඒත් මම ඉවසුවා. (නි)
ලුම්බිණි,වෙනත් ආගම් වල අයට හිංසා පීඩා කලාට බුදු දහම බැබලෙන්නේ නැහැ කියන එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද? (නි)
අධ්‍යාපනය සහ ගුරු වෟත්තිය කෙලෙසා දමන්න, නැතිනම් රටේ ප්‍රශ්න වෙනතකට යොමුකිරීමේ අරමුණෙන් යම් කණ්ඩායමක් සැලසුම් සහගතව ක්‍රියා කරනවාදෝයි යම් සාධාරණ සැකයක් මතුවෙනවා. හරියටම සතියක් ඇතුලත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවීම් පෙලක් එක දිගට සිදුවුණේ කෙසේද? අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිවෙකු පැමැණිලි කරනකම් බලා සිටිනවාද? උසස් අධ්‍යාපන අංශවලත් ලොකු කඩාවැටීමක් සිදුව තිබෙනවා නොවේද? (නි)
පාලකයෝ නිතිය එක්ක සෙල්ලම් කරනකොට නිතිය රකින්න උගන්වන තැනුත් දැන් කෙළිමඬල වෙලා. අහෝ මෙරට අධිකරණය නිතිය සහ විනිසුරන්.(නදී)
ලුම්බිනි, ඔයාගෙ පැත්ත මාරු වෙලාද? නැත්නම් වයර් මාරු වෙලාද? (නි)
මෙන්න මේ ගැන තවත් විස්තර ටිකක.නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන,අංශාධිපති යශෝදරා කදිරගාමර් මහත්මියට අද විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පිහියෙන් තුවාල කළ නීති ශිෂ්‍යයා වෛද්‍යවරයෙකු බව පොලිසිය කියයි. ශිවඥාණ සුන්දරම් සුරන්ජිත් නැමැති ඔහු යාපනයේ අයෙක් බවත්, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හදාරමින් සිට ඇත.(අ)
කෙනෙක් (අ)
මමත් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මේ පිහියෙන් ඇනීම මොනම හේතුවක් මතවත් හරි දෙයක් නෙවෙයි. ඒ උනත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් (සමහර ) ශිෂ්‍යයන්ට වෙන අසාධාරණකම් එලියට ආපු අවස්ථාවක් විදියටයි මම දකින්නේ. මටත් එහෙම අසාධාරණයක පෞද්ගලික අත්දැකීමක් තියෙනවා, කවදාවත් අමතක වෙයි කියලා හිතන්න බැරි.(අ)
ලුම්බිනිගේ කතාවෙත් අත්තක් තියනවා. ටිකක් හිතල බැලුවොත් හරියට. (අ)
ළමයින්ගේ ජීවිත එක්ක ලෙක්චර්ස්ලත් සෙල්ලම් කරන එක හොද නැහැ (නි)
බොහෝම කණගාටුදායක පුවතක්. (නදී)
අනුමානයක් නැහැ ,මේ පුතාගේ අප්පච්චි ,ඇමතිවරයෙක් නම් වියම ,විය යුතුයි! (අ).
ලුම්බිනී ඔයාගේ ගෙදරින් මෙ වැඩේ පටන්ගන්න.(නදී)
රට බොහොම අවසනාවන්ත පැත්තකට වේගයෙන් ඇදිලා යනවා. පටු අරමුනු පැත්තකට දමලා සියලුම වගකිව යුතු දේශපාලකයො එකතුවෙලා රට හරි මගට ගත යුතුයි. නැත්නම් අපේ දරු දැරියන්ගෙ අනාගතේ අඳුරෙන් අඳුරට යන එක වලක්වන්න කිසිම ජගතෙකුට බැහැ (නි)
ඒ පාර ගුරුවරුන්ට අපලයි. මේවා එක රැල්ලට යන්නේ (නි)
ගුරුවරුනට මහා අපල කාලයක්. දිනෙන් දින සමාජය පිරිහෙනව. මේවට වග කියන්න ඕන දේශපාලනාඥයෝ සහ ආගමික නායකයෝ. (අ)
එක ළමයෙක් පැනලා මැරුනා. මේ තව එකක්. මේ හැම දෙයකින්ම පෙනෙන්නේ රට ගමන් කරන අවාසනාවන්ත පැත්ත. පාරවල් හැදුවට, බිල්ඩින් හැදුවට රටක් දියුණු වෙන්නේ නැහැ. හමුදා පුහුණු දුන්නට රටක් හැදෙන්නේ නැහැ. මිනිසුන්ගේ ගුණධර්ම දියුණු කළ යුතුයි. වෙනත් ආගම් වල අයට හිංසා පීඩා කලාට බුදු දහම බැබලෙන්නේ නැහැ. අපට මොකද වෙලා තියෙන්නේ කියලා හිතන්න කාලය ඇවිත්. (නි)
මානසික පීඩනය....ලංකාවේ විහාග අමාරු කරන්නේ සමත් වෙන ප්‍රමානේ අඩු කරන්න.පර්යේෂණ වලින් පෙන්වන විදියට විභාග අමාරු කළා කියලා වැඩි බුද්ධියක් තියන අය බිහි වෙන්නේ නැහැ.මේ නිසා ඇතිවන මානසික පීඩනේ තමා මේ පිටවෙන්නේ. (නි)
මේ ළමයා මේචචර කල් ඉගෙන ගත්තේ මොනවද දන්නෙ නැහැ. මොළේ කල්පනාවෙන් වැඩ කරන්න එපැයි (නි)
මේ කතිකාචාර්යවරිය මොන වගේ ක්‍රියාමාර්ගයක් ගත්තද දන්නේ නැහැනේ මේ සිසුවාට.ඒ මොනවා වුනත් වෙලා තියෙන්නේ වරදක්. (නි)
දැන් ලංකාවේ ළමයින්ගේ විනය පිරිහිලා (නි)
ළමයිනේ, මොකද විනයට වෙලා තියෙන්නේ? (නි)
ශරීරගත වී කියන්නේ කව්රුහරි බලෙන් ශරීරගත කරලද? (නි)
අපේ රටේ දරුවන්ට දහම් අධ්‍යාපනය මදි (නි)
ලුම්බිනි ඔබ හරි.(නදී)