පුටින්ගෙන් ට්‍රම්ප්ට තර්ජන දිනෙන් දින ඔඩුදුවන ඉරාන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක් කළේය... 53 minutes ago
Y අසංග · 1 hour ago ගව් ගාණක් ඈත රටක සිට මේ වගේ දසුනක් දකින්නත් අපි පින්කරන්න ඕනෑ. ඇත් රජුනි, ඔබ මහා පින්වන්තයෙක් මේ වගේ ගරුසරු ලබන්න. ඔබට සහ ඔබව නඩත්තු කරන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි. මේ දසුන් අපට ඉදිරිපත් කරන ලංකාදිපයටත් විශේෂ ස්තුතිය! (නි) Reply 0
Y දිනේෂ් · 1 hour ago අපේ පින් පැත්තක තියලා අර රජින්ද කියලා තියෙන කතාව ගැන හිතුවා නම් හොඳයි නේද? වී කරල් ගුලිකරන් මැරුණා කිව්වම ගින්දරක් දැනෙනවා නේද. මේ ඇත් රජු ඒ බව දැනගන්න පුළුවන් තත්වයක හිටියා නම් මහා ලොකු කකුල් දෙකේ මිනිස්සු ගැන මොනවා නොහිතයිද? (නි) Reply 0
Y ලුම්බිණි · 1 hour ago මිනිසුන්ට වන අසාධාරණ වලදී ඒ ගැන කටයුතු කරන්න, කියන්න පුළුවන් වුණත් සතුන්ට වන අසාධරණ වලදී එම සතුන්ට ඒ ගැන පැමිණිලි කරන්න බැහැ. කියන්න බැහැ. ඒකයි අප සතුන් ආරක්ෂා කර සතුන්ගේ යහපතට කටයුතු කළයුත්තේ. (නි) Reply 0
Y මැටිපහන · 1 hour ago පව් මේ ඇත් රජා! කැලේ හිටියා නම් නිදහසේ තමන්ගේ රැලත් එක්ක ඉන්න උජාරුව බලන්න තිබුණා (නි) Reply 0
Y ඉමේෂ් · 1 hour ago ඔය පොලිස් හමුදා රාළහාමිලටත් සළකන්න. එයාලත් පයින්ම යනවනේ ගිනි අවුවේ. අමාරු ඇතිනේ එයාලටත්. (නි) Reply 0
Y පුබුදු · 1 hour ago දැන් බලාගන්න විතරයි අලි ඇත්තු ටිකක් ඉන්නේ. මේ යන විදිහට අනාගතයේ අපිට අලි ඇත්තු බලන්න වෙන්නේ පින්තූර වල විතරයි. (නි) Reply 0
Y නුවරඑළියේ වසන්ත · 1 hour ago නැදුන්ගමුවේ රජුට මෙහෙම කෘතගුණ සළකන එක ප්‍රසංශා කළයුතු දෙයක්. ආරක්ෂාව සැපයීම අද කාලේ හැටියට ඉතාමත් වැදගත් කාරණයක්. ඒ ගැන වගකිවයුත්තන්ට ප්‍රණාමය පුද කළයුතුයි. නමුත් අපේ අලි පරපුර වඳවීම කියන කාරණය ගත්තහම බලධාරීන්ගේ ක්‍රියාකලාපය අන්තිම නින්දාසහගතයි. කිසිම තැකීමක් නැහැ. ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කරළා වරක් උනන්දුවීම පමණයි කරන්න තියෙන්නේ. ඔය වගේ වැඩ වලට විදේශ ආධාර වුණත් යහමින් ලබාගන්න ඉඩප්‍රස්තාව තියෙනවා. රටේ සිටින සියලුම අලි එක අභය භූමියකට රැස්කරලා හොඳින් රැක බලාගෙන සංරක්ෂණය කරන්න වුණත් පුළුවන්නේ. (නි) Reply 0
Y මනෝජ් · 1 hour ago මේ ඇතාගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න ඕනෑ. මහ දවල් තාර පාරේ ගෙනියන එක නම් හොඳ මදි. (නි) Reply 0
Y හේවා · 1 hour ago මොනතරම් වාසනාවන්තයෙක්ද? කුසගින්නේ කෑම හිඟාකන වන අලි මතක්වෙන විට ඇසට කඳුළු උනනවා (නි) Reply 0
Y ධනුෂ්ක · 1 hour ago මෙයාගේ බර වැඩි නිසා තමා මෙයාගේ අය්තිකාරයා මෙයාව ලොරිවල යවන්න බය (යනගමන් කඩන් වැටිලා අනතුරක් වෙයි කියල )(රේ) Reply 0
Y අනුරාධ · 1 hour ago මැටිපහන,හරියටම හරි.ඇතාට කතා කරන්න පුලුවන්නම් හොඳ ඒවා ටිකක් අහගන්න පුළුවන් (රේ) Reply 0
Y චතුරි · 1 hour ago ඔබ නම් රජෙක් වගේ. නමුත් ඔයාගෙම සහෝදර සහෝදරියෝ හරියට දුක්විඳිනවා. මේ සැළකුම් කරන අයම තමයි ඒ අයට හිරිහැර කරන්නේ. (නි) Reply 0
Y නිරේෂ් · 1 hour ago බොහොම සන්තෝෂයි දකිනකොටත්. දේශපාලුවන්ගේ ප්‍රවෘත්ති නැතුව මේවගේ ඇහැට ප්‍රිය දේවල් විතරක් දකින්න පුලුවන් නම් අපි ගොඩක් සතුටුයි. (නි) Reply 0
Y පද්මිණී · 1 hour ago අපි ගොඩක් සංවේදී හදවත්තිබෙන මිනිස්සු. උල්පතකින් ගලනවා වගේ මට කඳුළු නවතගන්න බැහැ. මෙවන් දසුන් නිතර අපට දැක ගන්න සලස්වන්න ලංකාදීප කතු තුමනි. ඔබලාට බොහෝ පින්. (බ) Reply 0
Y ගීතාංජන · 1 hour ago සද්දන්තයාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුවය! ආදරණීය මිනිසුනි, ඔබ අප රටට ආඩම්බරයකි. වෙඩි උණ්ඩයෙන්, උගුල් වලින් සද්දන්තයන් මරාදමන කුරිරු මිනිසුනේ, සාධුකාර දීපල්ලා. සද්දන්තයින්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩදීපල්ලා. (නි) Reply 0
Y එරන්ද · 1 hour ago පින්වත් ඇත් රජෙක් ආරක්ෂා කරන යුද හමුදාවට ගොඩක් පින් වාසනාවන්ත ඇත් රජෙක් ඔබට තවත් බොහෝ ආයුස ලැබේවා බුදු සරණයි (බ) Reply 0
Y ශ්‍රීලාල් · 1 hour ago පෙර භවයේදී ඔබ කළ පින් දැන් ලැබී ඇත. පෙර පින් මදි බැවින් අද ඇතෙකු වී ඇත. මතු බවයේදී පින් ඇති ස්ථානයක උපදීවා! (නි) Reply 0
Y රජින්ද · 1 hour ago මේ පින්තුර දකිත්දී මට මතක් වුනේ අර පෙරේදා කුඹුරකදී වෙඩි තියලා මරලා දාල තිබුණු අලියව. අන්තිම මොහොතේ ඒ සතාගේ හොඩවැලේ ගුලි කරගෙන උන්නු වී කරල් ටික කන්න ආව නිසාලු වෙඩි තියලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සු අලින්ව සීග්‍රයෙන් වඳ කරගෙන යනවා. පොඩ්ඩක් මේ ඇත්රජු ගැනවත් හිතලා එයාලගේ සනුහරේ රැකගන්න අපි ඉදිරිපත් වෙමු.(හේ) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago මෙයාව ඇයි මෙච්චර වෙහෙස කරවන්නේ පයින් ඇවිද්දවමින්. අනික මේ සතා වයසින් වැඩි නිසාත් තරබාරු වැඩි නිසාත් එයාගේ සෞඛ්‍ය තත්වයට හොඳ නැහැ නේද. මෙයා ගෙනියන්න දෙන්න ප්‍රවාහන පහසුකම් නැද්ද? (නි) Reply 0
Y ජනප්‍රිය · 1 hour ago මේ ඇතා කැලේ හිටියනම් මෙලහකටත් දල දෙකත් අරන් හිටපු තැන් වල ගසුත් පැල වෙලා (රේ) Reply 0
Y සරත්.ස · 1 hour ago සමහරුන්ට මේවා දැක්කහම හරි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඉතින් එයාලට මෙවැනි දසුන් නයාට අඳුකොළ වගේ (නි) Reply 0
Y දර්ශන · 1 hour ago මේ නම් ඇත්තෙන්ම හස්ති රාජයෙක්. රාජා නම ඉතාම ගැළපෙන බවත් උදාර පින්වන්ත සත්වයෙක් බවත් බැලූ බැල්මට පේනවා. නැදුන්ගමුවේ රාජා නුවර ඇසළ පෙරහරේ කරඬුව සිය පිටමත වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත ඇතුන් කීප දෙනාගෙන් එක්කෙනෙක්. ඔවුන් ඒ සඳහා නුවරට පැමිණෙන්නෙත් නැවත යන්නෙත් බෙල්ලන්විල සිට මේ යන පරිදිම පා ගමනින්ම බවයි සඳහන් වන්නේ. ආසියාවේ උසම ඇතා වන ඔවුන්ගේ දැන් වයස අවුරුදු 64ක් බව කියැවේ. මා නම් හිතන්නේ එවැනි වයෝවෘද්ධ වයසක සිටින ඔවුන් රත්වුණ තාර පාරේ අව්වේ පයින් ගමන් කරන්නට නොසළස්වා විශාල ලොරි රථයක ප්‍රවාහනය කළයුතුයි කියායි. ජාතික වස්තුවක් වන නැදුන්ගමුවේ රාජා ඇත් රජුට දීර්ඝායුෂ ලැබේවා! (නි) Reply 0
Y සමන් · 1 hour ago සාධු සාධු! පින්තූර දකිද්දී ඇස් වලට කඳුළු එනවා. මෙහෙම පින්තූර දැම්මාට ලංකාදීපයට පින්. (නි) Reply 0
Y සුරංග · 1 hour ago මොනවා වුණත් මෙම හස්තියට ආරක්ෂා සහිතව පාරේ ගමන් කිරීමට සැළැස්වීම ඉතාම වැදගත්. (නි) Reply 0
Y පෙරේරා · 1 hour ago ලංකාවේ සමහර දේශපාලකයන්ටත් ඔය වගේ වන්දනාමාන ලැබෙනවා ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්න නිසා. (නි) Reply 0
Y සෝමා · 1 hour ago මෙම වටිනා වස්තුවට කෑම දෙන්න පිට අයට ඉඩදෙන්න එපා. තරහකාරයින් වස දෙන්නත් ඉඩ තියෙනවා. මේ සතාගේ අයිතිකරු දැනුවත් කරන්න. (නි) Reply 0
Y විද්‍යා · 1 hour ago පෙරහරට නෙමෙයි, මොන දේවාලෙකට අරන් ගියත් හෙණ්ඩු වලින් ඇනලා නම් හිරිහැර කරන්න එපා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් සිතන, කියන හැමෝටම පින්! (නි)
ගව් ගාණක් ඈත රටක සිට මේ වගේ දසුනක් දකින්නත් අපි පින්කරන්න ඕනෑ. ඇත් රජුනි, ඔබ මහා පින්වන්තයෙක් මේ වගේ ගරුසරු ලබන්න. ඔබට සහ ඔබව නඩත්තු කරන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි. මේ දසුන් අපට ඉදිරිපත් කරන ලංකාදිපයටත් විශේෂ ස්තුතිය! (නි)
අපේ පින් පැත්තක තියලා අර රජින්ද කියලා තියෙන කතාව ගැන හිතුවා නම් හොඳයි නේද? වී කරල් ගුලිකරන් මැරුණා කිව්වම ගින්දරක් දැනෙනවා නේද. මේ ඇත් රජු ඒ බව දැනගන්න පුළුවන් තත්වයක හිටියා නම් මහා ලොකු කකුල් දෙකේ මිනිස්සු ගැන මොනවා නොහිතයිද? (නි)
මිනිසුන්ට වන අසාධාරණ වලදී ඒ ගැන කටයුතු කරන්න, කියන්න පුළුවන් වුණත් සතුන්ට වන අසාධරණ වලදී එම සතුන්ට ඒ ගැන පැමිණිලි කරන්න බැහැ. කියන්න බැහැ. ඒකයි අප සතුන් ආරක්ෂා කර සතුන්ගේ යහපතට කටයුතු කළයුත්තේ. (නි)
පව් මේ ඇත් රජා! කැලේ හිටියා නම් නිදහසේ තමන්ගේ රැලත් එක්ක ඉන්න උජාරුව බලන්න තිබුණා (නි)
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ලංකාදීපයට හා මේ අදහස් දාපු හැමෝමට (නි)
ඔය පොලිස් හමුදා රාළහාමිලටත් සළකන්න. එයාලත් පයින්ම යනවනේ ගිනි අවුවේ. අමාරු ඇතිනේ එයාලටත්. (නි)
අලියා නිරෝගීව ඉන්නේ පයින් ගමන් කරන නිසා තමා ......(ම)
දැන් බලාගන්න විතරයි අලි ඇත්තු ටිකක් ඉන්නේ. මේ යන විදිහට අනාගතයේ අපිට අලි ඇත්තු බලන්න වෙන්නේ පින්තූර වල විතරයි. (නි)
නැදුන්ගමුවේ රජුට මෙහෙම කෘතගුණ සළකන එක ප්‍රසංශා කළයුතු දෙයක්. ආරක්ෂාව සැපයීම අද කාලේ හැටියට ඉතාමත් වැදගත් කාරණයක්. ඒ ගැන වගකිවයුත්තන්ට ප්‍රණාමය පුද කළයුතුයි. නමුත් අපේ අලි පරපුර වඳවීම කියන කාරණය ගත්තහම බලධාරීන්ගේ ක්‍රියාකලාපය අන්තිම නින්දාසහගතයි. කිසිම තැකීමක් නැහැ. ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කරළා වරක් උනන්දුවීම පමණයි කරන්න තියෙන්නේ. ඔය වගේ වැඩ වලට විදේශ ආධාර වුණත් යහමින් ලබාගන්න ඉඩප්‍රස්තාව තියෙනවා. රටේ සිටින සියලුම අලි එක අභය භූමියකට රැස්කරලා හොඳින් රැක බලාගෙන සංරක්ෂණය කරන්න වුණත් පුළුවන්නේ. (නි)
සාධු සාධු! පින්තූර දකිද්දී හරිම සතුටුයි (නි)
මේ ඇතාගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න ඕනෑ. මහ දවල් තාර පාරේ ගෙනියන එක නම් හොඳ මදි. (නි)
මොනතරම් වාසනාවන්තයෙක්ද? කුසගින්නේ කෑම හිඟාකන වන අලි මතක්වෙන විට ඇසට කඳුළු උනනවා (නි)
ඇසට කඳුළු ආවා (නි)
මෙයාගේ බර වැඩි නිසා තමා මෙයාගේ අය්තිකාරයා මෙයාව ලොරිවල යවන්න බය (යනගමන් කඩන් වැටිලා අනතුරක් වෙයි කියල )(රේ)
නැඳුන්ගමුවේ රාජා හරිම වාසනාවන්තයෙක් (නි)
මැටිපහන,හරියටම හරි.ඇතාට කතා කරන්න පුලුවන්නම් හොඳ ඒවා ටිකක් අහගන්න පුළුවන් (රේ)
ඔබ නම් රජෙක් වගේ. නමුත් ඔයාගෙම සහෝදර සහෝදරියෝ හරියට දුක්විඳිනවා. මේ සැළකුම් කරන අයම තමයි ඒ අයට හිරිහැර කරන්නේ. (නි)
බොහොම සන්තෝෂයි දකිනකොටත්. දේශපාලුවන්ගේ ප්‍රවෘත්ති නැතුව මේවගේ ඇහැට ප්‍රිය දේවල් විතරක් දකින්න පුලුවන් නම් අපි ගොඩක් සතුටුයි. (නි)
මෙවන් දසුන් නෙතට සුවයකි (නි)
අපි ගොඩක් සංවේදී හදවත්තිබෙන මිනිස්සු. උල්පතකින් ගලනවා වගේ මට කඳුළු නවතගන්න බැහැ. මෙවන් දසුන් නිතර අපට දැක ගන්න සලස්වන්න ලංකාදීප කතු තුමනි. ඔබලාට බොහෝ පින්. (බ)
සද්දන්තයාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුවය! ආදරණීය මිනිසුනි, ඔබ අප රටට ආඩම්බරයකි. වෙඩි උණ්ඩයෙන්, උගුල් වලින් සද්දන්තයන් මරාදමන කුරිරු මිනිසුනේ, සාධුකාර දීපල්ලා. සද්දන්තයින්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩදීපල්ලා. (නි)
පින්වත් ඇත් රජෙක් ආරක්ෂා කරන යුද හමුදාවට ගොඩක් පින් වාසනාවන්ත ඇත් රජෙක් ඔබට තවත් බොහෝ ආයුස ලැබේවා බුදු සරණයි (බ)
පෙර භවයේදී ඔබ කළ පින් දැන් ලැබී ඇත. පෙර පින් මදි බැවින් අද ඇතෙකු වී ඇත. මතු බවයේදී පින් ඇති ස්ථානයක උපදීවා! (නි)
චිරං ජයතු ඇත් රජුනි....! (නි)
ඇත් රජුනි, ඔබ මහා පින්වන්ත හස්තිරාජයෙක්!!! ඔබට තෙරුවන් සරණයි!! (හේ)
මේ වගේ දසුනක් දකින්නත් පින් කරන්න ඕනේ.(හේ)
පින්වත් ඇත් රාජයෙක්. බලන්න මොන තරම් ප්‍රතාපවත්ද?(හේ)
මේ පින්තුර දකිත්දී මට මතක් වුනේ අර පෙරේදා කුඹුරකදී වෙඩි තියලා මරලා දාල තිබුණු අලියව. අන්තිම මොහොතේ ඒ සතාගේ හොඩවැලේ ගුලි කරගෙන උන්නු වී කරල් ටික කන්න ආව නිසාලු වෙඩි තියලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සු අලින්ව සීග්‍රයෙන් වඳ කරගෙන යනවා. පොඩ්ඩක් මේ ඇත්රජු ගැනවත් හිතලා එයාලගේ සනුහරේ රැකගන්න අපි ඉදිරිපත් වෙමු.(හේ)
දිර්ඝායූෂ ලැබේවා.(හේ)
මේ වගේ සැලකිලි ලබන්න පින් කරන්න ඕනේ.(හේ)
මෙයාව ඇයි මෙච්චර වෙහෙස කරවන්නේ පයින් ඇවිද්දවමින්. අනික මේ සතා වයසින් වැඩි නිසාත් තරබාරු වැඩි නිසාත් එයාගේ සෞඛ්‍ය තත්වයට හොඳ නැහැ නේද. මෙයා ගෙනියන්න දෙන්න ප්‍රවාහන පහසුකම් නැද්ද? (නි)
ඇත්රජුනි, ඔබට දීර්ඝායුෂ...!!!! (නි)
මැටිපහන මැටිපහනක්ම තමයි(රේ)
මේ ඇතා කැලේ හිටියනම් මෙලහකටත් දල දෙකත් අරන් හිටපු තැන් වල ගසුත් පැල වෙලා (රේ)
මේ දේවල් දකින්නත් පින් කරන්න ඕනේ.(හේ)
පින්වත් හස්ති රාජයෙක්. ජාතික සම්පතක්. (නි)
සමහරුන්ට මේවා දැක්කහම හරි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඉතින් එයාලට මෙවැනි දසුන් නයාට අඳුකොළ වගේ (නි)
හස්ති රාජයාණනි, ඔබට නීරෝගී සුවය පතමි... (නි)
මේ නම් ඇත්තෙන්ම හස්ති රාජයෙක්. රාජා නම ඉතාම ගැළපෙන බවත් උදාර පින්වන්ත සත්වයෙක් බවත් බැලූ බැල්මට පේනවා. නැදුන්ගමුවේ රාජා නුවර ඇසළ පෙරහරේ කරඬුව සිය පිටමත වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත ඇතුන් කීප දෙනාගෙන් එක්කෙනෙක්. ඔවුන් ඒ සඳහා නුවරට පැමිණෙන්නෙත් නැවත යන්නෙත් බෙල්ලන්විල සිට මේ යන පරිදිම පා ගමනින්ම බවයි සඳහන් වන්නේ. ආසියාවේ උසම ඇතා වන ඔවුන්ගේ දැන් වයස අවුරුදු 64ක් බව කියැවේ. මා නම් හිතන්නේ එවැනි වයෝවෘද්ධ වයසක සිටින ඔවුන් රත්වුණ තාර පාරේ අව්වේ පයින් ගමන් කරන්නට නොසළස්වා විශාල ලොරි රථයක ප්‍රවාහනය කළයුතුයි කියායි. ජාතික වස්තුවක් වන නැදුන්ගමුවේ රාජා ඇත් රජුට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සාධු සාධු! පින්තූර දකිද්දී ඇස් වලට කඳුළු එනවා. මෙහෙම පින්තූර දැම්මාට ලංකාදීපයට පින්. (නි)
හරිම ප්‍රතාපවත් සතෙක් (නි)
තෙරුවන් සරණයි! (නි)
ඇත්ගොව්වට මොකුත් දෙන්නේ නැද්ද? (නි)
මොනවා වුණත් මෙම හස්තියට ආරක්ෂා සහිතව පාරේ ගමන් කිරීමට සැළැස්වීම ඉතාම වැදගත්. (නි)
ලංකාවේ සමහර දේශපාලකයන්ටත් ඔය වගේ වන්දනාමාන ලැබෙනවා ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්න නිසා. (නි)
මෙම වටිනා වස්තුවට කෑම දෙන්න පිට අයට ඉඩදෙන්න එපා. තරහකාරයින් වස දෙන්නත් ඉඩ තියෙනවා. මේ සතාගේ අයිතිකරු දැනුවත් කරන්න. (නි)
පෙරහරට නෙමෙයි, මොන දේවාලෙකට අරන් ගියත් හෙණ්ඩු වලින් ඇනලා නම් හිරිහැර කරන්න එපා. (නි)