(පාලිත ආරියවංශ)
ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බැවින් ඇතැමුන්ට සජිත් භීතිකාව සෑදී ඇතැයි විදේශ රැකියා, විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී අද (28) පැවසීය.
රන්මාවත් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළ සිට බදුල්ල වැල්බෝධිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යපෘතිය ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීවේය.
“එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මේ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයා වියයුත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. දැන් එතුමාගේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති නිසා සමහරුන්ට සජිත් භීතිකාවක් ඇතිවෙලා.
අපි නම් බය ගෝඨාභයටයි. ඒ බය තියෙන්නේ වෙන දෙයක් නිසා නොවෙයි, සුදු වෑන් සංස්කෘතිය මෙන්ම ජාතිවාදී නරුම ප්‍රතිපත්තියක් ඔහු ළඟ තිබෙන නිසයි” යැයිද ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ප්‍රේමදාස නෙමේ රණසිංහ ප්‍රේමදාස ආවත් ඔය කාටවත් ආයි ඡන්දෙ දෙන්නේ නැහැ.... අපි කොහොමද මිනිස්සු විදියට දෙන්නේ අර මැරිච්ච අහිංසකයෝ 300 ට වග කියන්න ඕන ඔහෙලා බව දැන දැන . තුවාල වූ මල් කැකුළු වගේ දරුවෝ අදත් තවම මැරෙනවා , ඔවුන්ට කිසිම සාධාරණයක් කලේ නැහැ , නුඹලා පස්සේ වැටිච්ච අමනුස්ස බත් බැලයෝ ටික දෙනෙක් නම් ඡන්ද දෙයි මැරුවත් , නමුත් සාමාන්‍ය සිංහල දෙමල මුස්ලිම් අපි නුඹලාට ඡන්දෙ දෙන්නේ නැහැ
සුභ අනාගතයකට අපේ පැතුම්.... සජ්ත් ජනාධිපති, හරීන් ඇගමැති.... බොරලැස්ගම්වේ දියුණුවට මඟපෑදුවේ සජිත් ඇමතිතුමයි
ඔව් ඔව් " ඔක්කොම රිලවුන්ට " තියෙන්නේ අහිංසක මහජනතාවට මුණ දෙන්න බැරි භීතිකාවක් ...ජාල භිතිකාවටනම් එන්නත් තියෙනවා නමුත් රිලව් 225 හැදිලා තියෙන එම භීතිකාවට නම් බෙහෙත් නැහැ එත් ඉතින් බලමු බල්ලන්ට දෙන එන්නත්වත් රිලව් 225 ම විදලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියල.
සහතික ඇත්ත... අපිටත් තිබෙන්නේ භීතිකාවක් රටේ බෝම්බ පුපුරන්න යනවාය කියන පණිවිඩය ජනතාවට දීගන්න බැරිවුණා ඔබ යෝජනා කරන සජිත් ගැන අපි භීතිකාව අැතිනොකර ගැනීමටවත් නොමැත. අපි හිතන්නේ මේ ගොයියා මොන මරාලයක් ගෙනෙන්න හදනවාද කියායි... සජිත් බලයට පත්වෙලා මේ ගොයියා ආරක්ෂක ඇමති වුනොත් රට හාන්සියි කියා හිතෙන කොට සජිත් භීතිකාව ඇතිවෙනවාය.
ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බැවින් ඇතැමුන්ට සජිත් භීතිකාව සෑදී ඇතැයි කියන ප්‍රකාශයට තදින්ම විරුද්ධයි. මේ යෝජනාව ගේන හරින්ගේ මතය වුණත් අපි බලන්න ඕනේ සියලුම පාක්ෂිකයන්ගේ මතයයි. කිරි ගහට ඇන්නා වගේ දර්ශනයක් ප්‍රතිපත්තියක් ඇති පුද්ගලයකු මේ පක්ෂය දිනවන්න අවශ්‍යයි. අවුරුදු 52දී තරුණයෙක්ද මේවා දර්ශන, ප්‍රතිපත්ති නෙමෙයි. මේරු පරිණත බුද්ධියක් ඇති කෙනෙකු සියලුම දෙනාගේ කැමැත්තෙන් කරුණාකරලා යෝජනා කරන්න...
88/89 ගැන මතක්වෙනකොට... අනේ අප්පේ එහෙම එකක් නොවී තියෙන්න පිලිවනිද?
හාමු මහත්තයා සජිත්ට නම් අපේක්ෂකකම මේ ආත්මෙට දෙන්නේ නැත..
සජිත්ව දැම්මොත් විපක්ෂයට කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැත. රනිල්, සජිත්ට වැඩේ දෙනවා නැගිටින්න බැරිවෙන්නම... ගාමිණී දිසානායක මහත්තයාට කරපු දේ අපිට නම් තවම මතක තියෙනවා. අපි නොදන්න රනිල්...
රටේ සාමාන්‍ය මිනිස්සු දන්නවා දැනටමත් දිනන්නේ කවුද? කියල ඔබතුමාලා නොදන්නවා උනාට, සජිත් භීතිකාව තියෙන්නේ රටේ මිනිසුන්ට නෙමේ ඔබතුමාලගේ පක්ෂේ මුල් පෙලේ පුටු වලටමයි.
හරින් අල්ලපු ගොට්ටට මොකද වුනේ..// අලුත් ගොට්ට මටසිලිටුයි දැනිලද කොහෙද..// පරණ ගොට්ට පරුවෙලා බව දැනිලා නොවේද..// අල්ල අල්ල හිටපිය තොපි හෙන වැදුණාට රටට..//
භීතිකාවක් ඇතිවෙලා නිසාද මහත්තයෝ රවී කරුණානායක කියන්නේ "ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් වී සිටින පුද්ගලයකු තෝරාගත යුතුයි " කියලා? පුළුවන් නම් "තමන්ගේ අධ්‍යාපන සහතික සහ විදෙස් සරසවියක උපාධියක් ඇතැයි කියන්නේ නම් එ්කත් කරුණාකරලා ගෙදර බිත්තියේ එල්ලාගෙන ඉන්නේ නැතුව ප්‍රසිද්ධියට පත්කරන ලෙස" එයා අභියෝග කරලා තියෙනවා දැක්කේ නැද්ද? මොකද්ද මේ විරසකය? ඔහොම පුලුවන්ද ඡන්දයක් දිනන්න?
ඇමති සජිත්ගෙන් චන්ද්‍රිකා යුගයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.
ඔව් ඇත්තටම මමනම් බයයි. හේතුව සජිත්ගේ ආර්ථික සංවර්ධන සැලැස්ම දෙකේ පන්තියේ ළමයෙක්ගේ සැලසුමක් වගේ..
මුන්ද රට පාලනයට එන්නේ..// පොල්පිති හොදා හිටවන්නට දියවන්නාවේ..// අලියා වුණත් බැහැ නොව කෑමට මරාගෙන ..// අම්මපා බදුල්ලේ ඉන්නෙත් බුරියානි කන හරකුන්ද ..??
මොනවද මේ අමන කතා..? සජිත් කියන්නේ කවුද කියලා පහුගිය දවස් ටිකේ කරපු කතා ටික බැලූවා නම් හිතාගන්න තිබ්බා.. ජනාධිපති වුනොත් පාසල් ළමයින්ට කිරි වීදුරුවක් සපත්තු ජෝඩුවක් දෙනවලු.. මේ මනුස්සයා ජනාධිපති වෙන්න කලින් ඇමැති වුනේ කොහොමද කියලා හොයලා බලන්න.. ආර්ථිකය ගැන විදේශ ප්‍රතිපත්ති ගැන කිසිම අදහසක් තියෙන මනුස්සයයෙක් නෙමෙයි. දැන් ඉන්න කෙනාට හපන් මෙයා ජනාධිපති වුනොත්...
රටට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවානම් ඔය පොඩි පොඩි ගෙවල් හද හද යන වැඩේ වහාම නවත්තන්න. ඉදිරි දැක්මක් තියෙන මනුස්සයෙක්නම් කරන්නේ මහල් නිවාස සංකීර්ණ හදන එකයි. අපිට වඩා විශාල රටවල් පවා මේ තනි නිවාස හදන එක නවත්තලා ගොඩක් කල්. මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ සහනාධාර නෙමෙයි. තමන්ගේ ස්ව ශක්තියෙන් නැගිටින්න පුලුවන් ආර්ථිකයක් හදන එකයි..
හරීන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත.
අර 113 හදාගන්න කට්ටියක් ලෝභ නැතුව අත් දෙකම දිග ඇරලා සල්ලි විසි කළා කියලා කියපු වෙලාවේ මේ මහත්තයාගේ ලන්සුව දවසෙන් දවස ඉහලට පහලට ගියා කියලා ඒකාලේ කතාවක් පැතිරුණා. අපට මතකයි. සල්ලි දෙන්න හදපු කට්ටිය " හරින් හරි " කියලා ප්‍රචාරයකුත් ගෙනගියානේ. ඒ අවස්ථාවේදී මෙතුමාත් අර අප්‍රිකාවේ අලි බලන්න ගිය මහත්තයත් සල්ලන් වෙන එකෙන් බේරා ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තමයි ඒ කාලේ කතා බස් වුනේ. ඉතින් මෙතුමන්ලා ඒ පැත්තට හුරේ දාන එක පුදුමයක් නෙවේනේ.
හරින් ඔබ දන්නවාද 1989 සිංහල කොල්ලෝ කෙල්ලෝ 60000 ගේ පාර අයින්වල ටයර් වල පිච්චුන බව. ඔලුව පමණක් කොටුවල ගහලා පාරේ අයින්වල සිටවා තිබුන බව. ඒවා කලේ කව්ද කියා අසා දැනගන්න.