හොරොයින් වැනි තහනම් දෑ වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය කරන මෙහෙවර ඇතැම් මාධ්‍ය හා සහෝදරයන් සේ සිටින ඇතැමුන් හැල්ලුවට පත්කරන බවත් ඊට හේතුව ලෙස පෙනෙනුයේ මාධ්‍යකරුවන් අල්ලසට යට වීම බවත් පෙනේ යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය තම විනය ඉහළින්ම රකින්නේ යැයි ද කිසිවිටෙකක් කිර්තිය හා ප්‍රසිද්ධිය හඹා නොයන්නේ යැයි ද ඔහු අවධාරණය කළේය.
පසුගිය 18 වැනි දා පොලිස් කාර්ය සේවා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දි ඔහු පැවසුයේ සත්‍යයේ පිහිටා ක්‍රියා කරන ලෙස මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලා සිටි බවයි.
lankadeepa.lk සංස්කාරක මෙසේ කියයි
නියෝජ්‍ය පොලිස්පති හා අණදෙන නිලධාරී රංජිත් පෙරේරා මහතා කළ යුත්තේ ඔහු ළඟ ඇති තොරතුරු අනූව අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් කවුදැයි නම් ගම් සහිතව සුදුසු ආයතනයකට පැමිණීලි කිරීමයි. එසේ නොමැතිව පොදුවේ චෝදනා කිරීම අල්ලසට යට නොවූ මාධ්‍යවේදීනට බලවත් අසාධාරණයක් හා නිග්‍රහයක් බව කිව යුතුය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.