හොරොයින් වැනි තහනම් දෑ වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය කරන මෙහෙවර ඇතැම් මාධ්‍ය හා සහෝදරයන් සේ සිටින ඇතැමුන් හැල්ලුවට පත්කරන බවත් ඊට හේතුව ලෙස පෙනෙනුයේ මාධ්‍යකරුවන් අල්ලසට යට වීම බවත් පෙනේ යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය තම විනය ඉහළින්ම රකින්නේ යැයි ද කිසිවිටෙකක් කිර්තිය හා ප්‍රසිද්ධිය හඹා නොයන්නේ යැයි ද ඔහු අවධාරණය කළේය.
පසුගිය 18 වැනි දා පොලිස් කාර්ය සේවා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දි ඔහු පැවසුයේ සත්‍යයේ පිහිටා ක්‍රියා කරන ලෙස මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලා සිටි බවයි.
lankadeepa.lk සංස්කාරක මෙසේ කියයි
නියෝජ්‍ය පොලිස්පති හා අණදෙන නිලධාරී රංජිත් පෙරේරා මහතා කළ යුත්තේ ඔහු ළඟ ඇති තොරතුරු අනූව අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් කවුදැයි නම් ගම් සහිතව සුදුසු ආයතනයකට පැමිණීලි කිරීමයි. එසේ නොමැතිව පොදුවේ චෝදනා කිරීම අල්ලසට යට නොවූ මාධ්‍යවේදීනට බලවත් අසාධාරණයක් හා නිග්‍රහයක් බව කිව යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් මෙවැනි කටයුතු කළයුත්තේ රහසිගතවමය. ජාවාරම්කරුවන් එම නිලධාරීන් පසුපස හඹාගොස් බලපෑම් කර මත්ද්‍රව්‍ය මැඩලීමට ගෙනයන වැඩපිළිවෙල අඩාල කළහැකිය (නි)
මාධ්‍යවේදීන් නැත්නම් මේ රටේ වෙන දේවල් අපිට දැනගන්න වෙන්නේ නැහැ (නි)
අල්ලන කුඩු වලට මොනවද වෙන්නේ? ඒවා ප්‍රසිද්ධියේ විනාශ කරන්න. අාපිට පේන්නෙත් ඒවා අායෙත් හොරාට විකුණනවා වගේ. අපේ රටේ නීතිය! (නි)
අපේ ප්‍රණාමය සැමවිටකම රට කුඩුකාරයින්ගෙන් බේරාගන්නට කැපවෙන පොලිසියට හිමිවෙනවා. පගාවට වැඩකරන අය ගැනත් අපි දන්නවා (නි)
කතාව වෙන අතකට හරවන්නේ නැතුව කොකේන් වල නියම හිමිකරුවා උසාවියට ඉදිරිපත් කරන්න. සීනි මිලදීගත් සමාගමේ නම හෙළිකරන්න බැරි ඇයි? (නි)
මමත් සමාජයට යමක් කරන මාධ්‍ය වේදීයෙක්.ඔය කියන ගනයට අයත් වෙන මාධ්‍ය වේදියෙක් නොවේ. නමුත් ඔය කියන ගනයේ මාධ්‍ය වේදීන්ට තමා හැම තැනින්නම සැලකුම්.එහෙම අල්ලස් නොගන්න ගන්න අය මාධ්‍ය වේදීන් අතර කොන් වෙනව. මාධ්‍යෙවේදීන් ගැන ලියන්න තවත් කොටසක් හැදෙන්න ඕන.(අ)
ලංකාදීප සංස්කාරකතුමා කියන දේ ඇත්ත (නි)
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී මාධ්‍යහමු පවත්වනවානම් පොලිස් මාධ්‍ය ඒකකයක් අහවල් දේකටද (අ)
බරපතල චෝදනාවක් එල්ල කරන නිසා කරුණු ඇතුවම කිව්වා නම් තමයි හොඳ. (ර)
හැමතැනම පගාවට යට වෙලා තියෙන්නේ... (ර)
මම නම් හිතන්නේ මේ වෙලාවේ කට වහගෙන ඉන්න එක තමයි හොඳ, (හේ)