මූලාශ්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික ආචාර ධර්ම බිඳ දමමින් හා කිසිදු වග විභාගයකින් තොරව ප්‍රවෘත්ති පල කිරීම මගින් සමාජයේ දුර්මත පතුරුවන්නට ඇතැම් ජනමාධ්‍ය උත්සාහ ගනිමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
තව මාස නවයකින් යුද අධිකරණය ඇරඹෙන බවට, විදෙස් විනිසුරුවන් එන බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බව ද එම නිවේදනයේ සඳහන්ය.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
‘ඇතැම් අයගේ පෞද්ගලික මට්ටමේ ක්‍රියාකාරකම් ජනමාධ්‍ය අවභාවිතයට ගෙනෙමින් ඒවාද රජයට එරෙහි සන්දර්භයක පිහිටුවා තබා පටු දේශපාලන වාසි ලබා ගැනීමට සමහර මාධ්‍ය ආයතන පෙළඹී ඇති බව පෙනේ. ඒ සඳහා උදාහරණයක් වන්නේ මඩකළපුව මංගලාරාම නායක ස්වාමීන්වහන්සේ තම විහාරයේ ඉදි කරන ලද සමරු පලකයක් කඩා දැමීමේ ප්‍රවෘත්තියයි. එම සිදුවීමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැත. එහෙත් මූලාශ්‍ර විමසීමේ ආචාර ධර්මය බිඳ දමමින් රටේ රාජ්‍ය නායකයාට එරෙහිව පෞද්ගලික ද්වේශයක් මතුවන ලෙස එවැනි පෞද්ගලික මට්ටමේ පුවත් පළ කිරීම කිසිදු දියුණු මාධ්‍ය සම්ප්‍රදායක ලක්ෂණයක් නොවේ.
රටේ පවතින නිදහස් මාධ්‍ය වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් හා ජනමාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් රජයටත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ නායකයන්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සමහර මාධ්‍ය ආයතන ද්වේශ සහගත ලෙස හැසිරීමක නිරත වී සිටින ආකාරය මෙම කෘත්‍රීම ප්‍රවෘත්ති වලින් පෙනෙන්නට තිබේ.
මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව දැනට පවතින මාධ්‍ය නියාමන හා නීතිමය යාන්ත්‍රණ මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බව ද සඳහන් කළ යුතුය.‘
COMMENTS
මොකද්ද අවුල? ඒ හාමුදුරුවන්ට ඒක කියන්න අයිතියක් නැද්ද? මේ එන්නේ මාධ්‍ය වාරණයක් දාන්න නේද? ලැජ්ජයි! (අ)
බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම බලන්නේ හැම විටම තමන්ට පක්ෂ මාධ්‍ය හසුරවන්නයි. විරුද්ධ අදහස් මහාජනයා දැන ගන්නවාට හැම ආණ්ඩුවක්ම කැමති නැහැ (ම)
රංග කලන්සුරිය මහතා වැදගත් කෙනෙක්. හැබැයි ඔබ මේ වගේ වක්‍ර තර්ජනයක් මාධ්‍යයට දාන්න එපා. මාධ්‍ය තොරතුරු වාර්තා කරන්න ඕනේ, මහජනයා හරි තීරණය ගනී. ඔබ නිකන් අවශ්‍ය දේවල් කියල සවුත්තු වෙන්න එපා. දේශපාලකයෝ එනව යනවා. ඔබල ගේ නම තියාගන්න. (අ)
ආණ්ඩුව ආචාර ධර්ම කඩනකොට මාධ්‍යටත් කඩන්න වෙනවා තමයි. අපිට කාගෙන්වත් වාරණ නැතුව මාධ්‍ය නිදහසයි අවශ්‍ය.(අ)
මහත්තයෝ අපේ රටේ මිනිස්සුන්ට තියෙන එකම හයිය මේ දුප්පත් මාධ්‍යවේදියෝ ටික. ඒ මිනිස්සු ටිකට පාට් දාන්න එන්න එපා. ඔතන අවුලක් වුණා නම් ජනාධිපති මාධ්‍ය අංශයට පිළිතුරු දෙන්න කියන්න. ඔයා මැදට පැනල සද්දේ දාන්න එපා, මාධ්‍යට. (අ)
හයිබ්‍රිඩ් උසාවිය ගැන ප්‍රශ්නය හැදුවේ ලංකාවේ මාධ්‍ය ද? අපිට මාධ්‍යට ගැන දේශනා දෙන්න කලින් පොඩ්ඩක් කියවල බලන්න මානව හිමිකම් කොමසාරිස් ගේ ලිඛිත ප්‍රකාශය. ජනපති, අගමැති -විදේශ ඇමති කියන්නේ කතා දෙකක්. ඉතින් ඒක දැම්මහම මාධ්‍ය ද වැරදිද ? (අ)
ගිය ඒකාධිපති ආණ්ඩුව නැති වුනෙත් වැරදි තැනට ගහන්න ගිහින්. ඕගොල්ලොත් නාගන්නේ මාධ්‍යයට මෙහෙම තග දාල. ඔක්කොම හාදයෝ එකයි. අපි තමයි රැවටෙන්නේ අන්තිමට. (බ)
ඒ කතාව සම්පුර්ණ ඇත්ත. පසුගියකාලේ මාධ්‍ය අවභාවිත කරමින් මාධ්‍ය කැලා පත්තර බවට පත්කර ගනිමින්, පත්තර කඩවල මේසේ යට රිංගගෙන කුලියට අදහස් දාපු අයත් ඔය කියන ජඩ මාධ්‍ය ඇතුලේ හිටියා. (බ)
මාධ්‍ය වාරණයක් දාන්නද දන්නෙ නැහැ මේ කැසකවන්නේ? (නි)
මාධ්‍යට අයිතියක් තිබිය යුතුයි සෑම දෙයක්ම ජනතාවගේ දැනගැනීමට ලක්කරන්න. මේවාට වාරණ දැමිය යුතු නැහැ (නි)
ඒකාධිපති වියරුවට බියවී සමහර මාධ්‍ය ක්‍රියාකළ හැටි අපි දන්නවා. රටකට අවශ්‍ය වගකීමක් ඇතුව ඇත්ත ප්‍රකාශ කරන මාධ්‍යයයි. රටක් අමාරුවේ දාන දේශපාලන මාධ්‍ය අවශ්‍ය නැත. (නි)