(කාංචන කුමාර ආරියදාස)
හබරණ හිරිවඩුන්න තුම්ඹිකුලම රක්ෂිතයේ මියගිය ගොස් සිටි ඇතින්නියන්ගේ ශරීරයන්හි යම් විෂක් ඇතුළත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී යම් වශයෙන් හෙළිව තිබුනද ,එය නිශ්චිතවම කිව නොහැකි බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද ( 29 ) පැවසීය.
එම විෂ ශරීරගත වී ඇත්තේ යමෙකු විසින් ලබා දුන් ආහාරයක් මගින් යැයි තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධකයක් නොමැති බවත් පැවැසූ වෛද්‍යවරයා සඳහන් කළේ එක ඇතින්නියකගේ උදරයේ කැකිරි ඇට කිහිපයක් සහ අනිත් සෑම ඇතිනියකගේ ම උදරයේ තණකොළ පමණක් තිබුණු බවයි.
එහෙයින් වෙනත් ආහාරයක් පිටතින් ලබා දී ඇති සලකුණක් දැකගැනීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඔවුන්ගේ මරණ පරීක්ෂණවලින් ශරීරයේ හමු වූ ආහාර වලින් යම් විසක් ශරීර ගතවී උදරයට අධික ලේ වහනයක් සිදුව තිබූ බවට සැක කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසූයේ නිශ්චිත වශයෙන්ම මියයෑමට හේතුව ප්‍රකාශ කළ හැක්කේ විද්‍යාත්මක පරීක්ෂණයෙන් පසුව බවයි. ඒ සඳහා අවශ්‍ය කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
අද යුද හමුදාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් රක්ෂිතයේ සිට කලාවැව දක්වාම මළසිරුරු ඇද්දැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
ඇතින්නියන් තිදෙනකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (29) සිදු කෙරිණි.
ඇතැම් මළසිරුරු දැඩි ලෙස නරක් වී තිබීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලටද බාධා ඇති විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශු වෛද්‍යවරුන්ට මේ ඇතුන් "හත්" දෙනාගේ මරණයට හේතුව හොයාගන්න කොච්චර අමාරුවුණත් රටේ සාමාන්‍ය ජනතාව සහ සුද්දෙන්ම දන්නවා අර "මලයාලම්" කට්ටඩියගේ උපදෙස් පරිදි මේ "ඇතුන් හත් දෙනාව" තමන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් "බිලි පූජාවකට" කල් කරාය කියන විත්තිය. මොහුගේ පියාණනුත් මේ විදියටම "මලයාලම්" කට්ටඩින්ට ඕනෑ විදියට ඔය එක එක ජාතියේ අය සහභාගි කරගෙන "හත් දෙනාගේ" පූජා තියපු විදිය එදා රටේ ජීවත් වූ සෑම පුරවැසියෙක්ම දන්නවා. මොන රජකම ලැබුණත් මේක සහගහන වැඩක්. ගැබිණි සතෙක් මැරීම මේ ආත්මේ විතරක් නෙමෙයි, ලබන ආත්ම ගණනාවකටම හේතුවක්...
පැටවුන් කෝ?
දිලාන්, තවම මානසික වෛද්‍යවරයෙක් හමු උනේ නැතිද ?
ඔය වගේ මිත්‍යා පස්සේ දුවන්නේ ජනාධිපති සිහිනය සැබෑ කරගන්න කියන එක මේ වගේ නූගත් හරකුන්ට තේරුම්කර දෙන්න මිනිස්සුන්ගේ බුද්ධිය පෙන්වන්න හරි විදියට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. අනික සතුන්ගේ හරි මළමිනී උඩින් රජවෙන මේ වගේ මානසිකත්වයක් තියන් රජ උනාම තමන්ගේ රජකම රැක ගන්න මේ රටේ මිනිස් සංහාරයක් උනත් නැති කරන්න පැකිලෙන්නේ නෑ. සංවර්ධනේ කොහොම උනත් මේ වගේ මෝඩයින් රජ කිරීමෙන් අපිට අපේ ජීවිත පවා නැති වෙයි. ඒක ගැනත් හිතල ඡන්දය දෙන්න අපි සැම වගබලා ගන්න ඕන.
සත්තු හත් දෙනෙක් වීමත්, උන් ගැහැණු සතුන් වීමත් මේ මරණ වලට හේතුව ඔය දිලාන් සහ දිලුම් කියන දෙය නොවෙන්න පුළුවන්. ඒක එහෙම නම් ඔය දේ ඒ අය ඡන්දෙ දෙන්න කියන කෙනා කරා වෙන්නත් පුළුවන්.ඒ නිසා මේ වගේ ගොන් කතා කියල මිනිස්සු නොමග යවන්න එපා.
අලි පමණක් නොව වෙන ඕනෑම සතෙක් මරණයට පත් වීම දුකට කරුණක්. අලි මැරුණු විට ඉහත සඳහන් පරිදි බොහෝ දෙනෙක් ශෝකයට පත්වුවත් මේ වල් අලින්ගෙන් පහර කා මිය යන ගොවීන් සහ ඔවුන්ගේ දරු පවුල් පිළිබඳව රටේ බොහෝ දෙනෙක් කතා නොකරන්නේ සහ එතරම් ශෝකය පළ නොකරන්නේ මන්ද?