IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇත්තමයි තාම පෙම්වතෙක් නෑ

විනූ උදානි සිරිවර්ධන ජනප‍්‍රිය වුණේ.. ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ ‘තරුමලී’ ගෙ චරිතය හරහායි. ඉදිරියෙදි විනූ රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශනය වෙන්නත් තියෙනවා. විනූ මේ දවස්වල ඉන්දියානු අධක්‍ෂවරයෙකුගේ චිත‍්‍රපටයක රඟපෑමට සූදානමිනුයි ඉන්නෙ...

2 

01විනූ සිරිවර්ධන කියෙන්නේ මොනවගේ ගති ගුණ තියෙන කෙල්ලෙක්ද?
‘‘මෙහෙමයි... මම මේ වගේ කියලා මමම කියාගන්න එක හරි මදිනෙ. ඒත් ගොඩක් අය කියන්නෙ මම අහිංසකයි කියලයි... මට තරහා යනවා අඩුයි.. මම නරකයි කියලා කියන, වැරදියි කියලා හිතෙන දේවල් කරන්නෙ නෑ..


01 ඒ කියන්නේ මිනු හරිම හොඳ කෙනෙක්...? කියන එක නේද...?
‘‘ම්... ඔව්, මමත් එහෙම හිතනවා.’’


01 විනූගෙ පාසල් කාලෙ ගැන සිහිපත් කරද්දි.. හිතට දුකක්.. වේදනාවක් දැනෙන දේවලූත් තියෙනවද..?
‘‘ නෑ... කොහෙත්ම නෑ.. පාසල් කාලෙ ගැන මතක් කරද්දි මගේ හිතට සතුට දනෙන දේවල්මයි තියෙන්නෙ.. මගේ ජීවිතේ සුන්දරම කාලෙ තමයි පාසල් කාලෙ..’’


01 ආදරය ගැන ඔයාගෙ හිතට හැඟීම් දැනීම් එන්න කලින්.... ඔයාගෙ සම වයසෙ යාළුවෝ ආදර සම්බන්ධතා ඇතිකර ගැනීම ගැන ඔයාගෙ හිතට දැනුනෙ මොනවගේ අදහසක්ද..
‘‘මම පාසලේ ශිෂ්‍ය නායිකාව වෙලා හිටියනෙ. ඒ නිසා අපි තමයි ඒ වගේ දේවල් ගැන හොයලා බැලූවෙ. ඒ වගේ දේවල් ගැන ආරංචි වුණාම.. මම ඒ අයට අවවාදත් කරලා තියෙනවා පාසල් කාලෙ ඒ විදිහෙ සම්බන්ධකම් ඇති කරගන්න එපා කියලත්.


01 ඒ විදිහෙ අවවාද දීපු ඔයා පාසල් කාලෙදි පෙම්වතියක් වුණේ නැද්ද.... ඇත්තම කියන්න.
‘‘ඇත්තමයි කියන්නෙ පාසල් කාලෙදි මගේ ඒ විදිහෙ කිසිම සම්බන්ධයක් තිබුනෙ නෑ.’’


01 ඔයා ගැන බලාපොරොත්තු වුණ පිරිමි ළමයි ඒ කාලෙ හිටියෙත් නැද්ද?
‘‘ටියුෂන් ක්ලාස් යද්දිනම් තේරුණා... ඒ වගෙ අය හිටියා කියලා. ඒත් මම මගේ තීරණය වෙනස් කරන්නෙම නැතුව හිටියා...’’


01 මොකක්ද ඔයාගෙ තීරණය...?
‘‘ඒ වයසෙදි පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නෙ නෑ කියලා.’’

1
01 ඒ විදිහට ආදරය ඉල්ලගන ආපු පිරිමි ළමයින්ගෙ හිත නොරිද්දලා ෂේප් වුණ අවස්ථා නැද්ද.?
‘‘ඒ කාලෙ මම හරිම නිහඬ කෙනෙක්. පිිරිමි ළමයි එක්ක කතාවට යන්නෙත් නැති තරම්. මා ගැන අදහසක් හිතේ තිබුනත් මගෙන් නෙවෙයි අහන්නෙ, මගේ යාළුවන් ගෙන්නෙ. ඒ නිසා යාළුවො මම ගැන එයාලට කියනවා. එතකොට එයාල ඒ අදහස් අත් ඇර ගන්න ඇති. ඒ වගේ අවස්ථාවලදී මගේ නිහඬකම මට වාසියක් වුණා..’’


01 ඔයාගෙ ජිවිතෙත් ‘‘ප‍්‍රථම පේ‍්‍රමයක්’’ ඇතිනෙ... ඔයාගෙ ඒ ප‍්‍රථම පේ‍්‍රමයට ආයුෂ තිබුනෙ කොච්චර කල්ද?
‘‘පාසල් කාලෙන් පස්සෙ රඟපෑමට සම්බන්ධවුණාට පස්සෙ අපේ ගෙදර අයටත් රහසක් නොවෙන විදිහෙ සම්බන්ධකමක් ඇති වුණා. ඒත් ඒකත් මාස කිහිපයකින්ම නතර වුණා.’’


01 ඔයාගෙ හිතේ ආදරයක් ඇතිවෙල.. ඒක කියාගන්න බැරිව හිතේම ගුලිවෙලා ගිය අවස්ථාවක් ඔයාගේ ජීවිතේ නැද්ද..?
‘‘නෑ..මගේ.. හිතේ ඒ තරම් තදින්ම ආදරයක් හිතුණ කෙනෙක් තාමත් මට හම්බවෙලා නෑ..’’


01විනූට තියෙන්නෙ පුංචි දේටත් සැලෙන හිතක්ද.. නැත්නම්  ඕන දෙයක් දරාගන්න පුළුවන් ‘ගල්’ හිතක්ද?
‘‘මගේ හිත ගොඩක් සංවේදියි කියලයි මට හිතෙන්නෙ.... දුකක් දැනුනම ඒ දුක විඳදරාගන්නත් මට පුළුවන්....’’


01 ඔයා රඟපාන්නෙ ‘හොබි’ එකටද.. නැත්නම් ‘ජොබ්’ එකටද?
‘‘.. ජොබ් එකකට කියලානම් රඟපෑම කරන්නෙ නෑ. ඒත් ඒක හොබි එකක් කියලා සැහැල්ලූවෙන් හිතන්නෙත් නෑ.. කවදත් මම කරන දේ වගකීමක් ඇතිවයි කෙරුවෙ..’’


01ඔයාගෙ ‘‘බර්ත් ඬේ’’ එකකට ලැබුණ අමතක නොවන සිහිවටනයක් තියෙනවද?
‘‘ඔව්.. තියනවා.’’


01 ඒක ලැබුණෙ කාගෙන්ද කියල අහන්නද.. එපාද..?
‘‘ඇහුවට කමක් නෑ.. ඒක අපේ ගෙදරින් ලැබුණ ප‍්‍රසන්ට් එකක්.’’


01 ඔයාගෙ හිතට කවුරුහරි දුකක් දුන්නොත් ඔයා ඒක ගණන් නොගෙන ඉන්නවද.. නැත්නම් ඒ හිතත් රිද්දන්න බලනවද?
‘‘මගේ හිත නපුරු නෑ... මම පලිගන්න හදන්නෙ නෑ..’’


01 පසුගිය කාලෙ ‘‘සිරිවර්ධන’’ කෙනෙක්ම ඔයාගෙ හිතට බලාපොරොත්තු දීලා.. ඔය හිත රිද්දුවා නේද..?
‘‘නෑ... ඒක බොරු කට කතාවක් විතරයි. එහෙම දෙයක් සිද්ධවුණේ නෑ..’’


01විවාහයක් කරගන්න හිතන්නෙ කවදද?
‘‘මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා.. මගේ හිතට හරියන කෙනාව හම්බවුන දවසට විවාහය සිද්ධවෙයි.’’


01ඉතින් එහෙම කෙනෙක් දැන් ඉඳලම හොයාගන්න උත්සාහයක්වත් නැද්ද..
‘‘මම හිතනවා මට හොඳ කෙනා අපේ ගෙදර අයගෙ මැදිහත් වීමෙන්ම හොයලා දෙයි කියලා..’’


01 ඇත්තටම තාම පෙම්වතෙක් නැද්ද..
‘‘ඇත්තමයි තාම පෙම්වතෙක් නෑ..’’


m



අදහස් (0)

ඇත්තමයි තාම පෙම්වතෙක් නෑ

සමන් Thursday, 06 November 2014 08:36 AM

මෙයා කියන බොරු. (ර)

:       0       0

බ්‍රයන් Thursday, 06 November 2014 01:34 AM

බොරුවක් නෙවෙයි අමල්ක. ඒ ගැන ඉස්සර පුවත්පත් වලත් මෙයාම තමයි සඳහන් කළේ. මෙහම සම්බන්ධයක් තිබෙනවා ඒ පුද්ගලයා පිටරට ඉන්නේ කියලා. නමුත් දේශපාලන පවුල් සම්බන්ධය ගැන කිව්වේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒවා තමන්ගේ පුද්ගලික දේවල්නේ. (නි)

:       0       0

ධනංජය Thursday, 06 November 2014 09:46 AM

කවුරුත්ම නැත්තම් මම ඔයාගේ පෙම්වතා වෙන්නද? අනේ! (නි)

:       0       0

බුද්ධි Thursday, 06 November 2014 06:28 PM

අනේ ඇත්තමද අනේ! (නි)

:       0       0

අමල්ක Wednesday, 05 November 2014 02:35 PM

වෙන්න බෑ.ඒකනම් බොරුවක්.(හේ)

:       0       0

දසුන් Saturday, 08 November 2014 05:11 AM

මෙයා අපායටම යන්න ඕන.....කියන බොරු වලට..!(හේ)

:       0       0

දයා අලහකෝන් Thursday, 06 November 2014 05:08 AM

මෙයත් ඕනවට වැඩිය ප්‍රසිද්ධියක් අරගන්න ගිහිල්ලා මඩ නාගැනීමක් නොකරාවියැයි බලාපොරොත්තු වෙනවා. (ස)

:       0       0

උමේෂ් Thursday, 13 November 2014 03:04 AM

ඇයි අනේ! ඔයා නිකමටවත් කිව්වේ නැත්තේ? (නි)

:       0       0

රුවන් Wednesday, 05 November 2014 11:20 AM

එහෙමත් පුලුවන්ද? (ර)

:       0       0

ජනක Wednesday, 05 November 2014 11:23 AM

විශ්වාස කරන්න බෑ.(හේ)

:       0       0

ගුණසේකර Friday, 07 November 2014 01:27 PM

මේ වගේ කෙනෙක්ගේ පෙම්වතා වෙන්න කොච්චර නම් පින් කරලා තියෙන්න ඕනද (නදී)

:       0       0

උදාර Wednesday, 05 November 2014 12:16 PM

මෙයා දේශපාලනය ට සමබන්ධ කෙනෙක් ගේ පුතෙක් එක්ක විවාහ ගිවිස ගෙන හිටියා නේද ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site