මාධ්‍යවේදියකු මෙන්ම පරිසරවේදියකු ද වන දයා නෙත්තසිංහ මහතාට නෙළුවේදී පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි.
ආඳාදොල කුඩා විදුලිබලාගාරයක් ඉදි කිරීම හා පරිසර හානි සම්බන්ධයෙන් පැවැති රැස්වීමක දී මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
ඔහු කළ ගවේෂණය අනුව සොයා ගත් කාරණා සම්බන්ධයෙන් එම රැස්වීමේදී ප්‍රකාශ කිරීමෙන් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි කියති.
පහරදීම සිදුවන අවස්ථාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් ද, නෙළුව ප්‍රාදේශීය ලේකම් ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිලධාරීන්ද එහි සිටි බව පොලිසිය පවසයි.
තමාට පහර දුන්නේ දේශපාලන හිතවතුන් පිරිසක් බව නෙත්තසිංහ මහතා කියයි.
සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බවත් නෙළුව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෙනෙක් කිව්වා නේද තමුන් පරිසරය ගැන බය නැතුව කතා කරන අය බෙර ගන්නවා කියලා.(හේ)
මිනිස්සු බොරුම අහල පුරුදු වෙලා දැන් ඇත්ත කිවුවත් හිතන්නේ බොරු කියනවා කියල. සමහර වෙලාවට හැමදාම බොරු කියන කෙනෙක් ඇත්ත කියන්න ගියාමත් එහෙම හිතනවා. සමහර වෙලාවට වාරි මාර්ගේ මහත්තුරු එක්ක ගියනිසා ගුටිකැවද දන්නෙත් නැහැ. (බ)
සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව කිව්වුට ඒ අය හොයාගන්න ඉක්මනට පුළුවන්වෙන එකක් නැහැ. මොකද රිමාන්ඩ් කරන්න එහෙ ඉඩ නැති නිසා. සොයාගන්න ටිකක කල් යයි. (නි)
අපිට ඕනෑ කළෙත් ඕනෑ කරන්නෙත් මේ වගේ තිබෙන ජඩ පාලනය අවසන් කරන්න. ජනාධිපතිතුමනි, ඔබට මෙය කළ හැකිවේවා! (නි)
පරිසරවේදීන්ට පමණක් නෙමෙයි ඇත්ත කියන කොයි කාටත් ගුටි පූජාව තමයි. කෝ අර මහා පුරසාරම් දොඩවන පරිසරවේදියා? (නි)
වනාන්තර කපන අය ඉදිරියේදීත් මුනිවත රකින, පරිසරය ගැන කතා කියන උදවිය අද කෝ? (නි)