කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමට යයි.
කැබිනට් අමාත්‍ය ධුරයකට සමාන බලතල සහ පහසුකම් හිමි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රමය හඳුන්වා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේ දී දුන් පොරොන්දු ඉෂ්ට කරමිනි.
මැතිවරණ දිස්ත්‍රික් 22 ක් ජයග්‍රහණය කළ අනුපාතය අනුව එක්සත් ජාතික පක්ෂයට සභාපති ධූර 11 ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 08ක්ද, ද්‍රවිඩ සන්ධානයට 3ක්ද වශයෙන් හිමිවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා නම් එපා කියන්නේ නැහැ. කොහොමද රනිල්ගේ රාජ්‍ය පාලනය? මහින්ද අගමැති වුණා නම් ඔය වගේ දෙයිද? (නි)
මෛත්‍රී පාලනයේ පොරොන්දු වලට අනුව කැබිනට් ඇමතිවරයෙකුට සමාන වරප්‍රසාද හිමිවිය යුත්තේ 20 ක් හෝ ඊට අඩු ගණනකට පමණි. (නි)
අන්න එහෙම තනතුරු නාම වෙනස් කරගෙන එනවා නම් කමක් නැහැ. අපට උහුලන්න බැරි වුණේ මහින්දගේ ජම්බෝ ඇමති මණ්ඩලේ බර විතරයි. ජයවේවා! (නි)
අලුත් වෙනසක්. සුබ ගමනක්! (නි)
තවම කැබිනට් එකේ තරම පෙනෙන්නේ නැහැ. පස්සේ ඔයාලට තරම පෙනේවි. (නි)
අයියෝ! මෙතන අදහස් දාන කට්ටිය දැක්කහම දුකයි. (නි)
කැබිනට් අමාත්‍ය ධුර 43යි. කැබිනට් අමාත්‍ය ධූර වගේ ඒවා (සම්බන්ධීකරණ කමිටු සභාපති) 22යි. තව මොනවද? එළිවෙනකොට තව හොඳ හොඳ සෙල්ලම්. (නි)
ජනාධිපති කම පරාද වුණා. අගමැතිකම අනේ පරාද වුණා. අනේ දැන් ඉතින් මහින්දට ඔය වගේ පුටුවක් වත් දෙමු.(ම)
මහින්ද මහතා මෙය බාර ගන්න එකක් නැහැ එතුමා බලයට තණ්හා කෙනෙක් නොවේ විපක්ෂ නායක කම මෙන්ම මෙයත් බර නොගන්න බවට විස්වාසයි (ම)
ලැජ්ජාවේ බැහැ (අ)
බණ්ඩාර , හැබෑටම හොඳ දේශපාලන ඇසක් තියනවානේ! (නි)
මහින්ද කාලෙ ඇමතිධූර ගැන කවුරුවත් කතාකළේ නැහැ. දැන් සම්මුති ආණ්ඩුවක ඇමති මණ්ඩලය ගැන සමහර අයට දරාගන්න බැහැ. වහල් විදිහට හිතන එක අඩුකරන්න උත්සහ කරන්න. පොදුවේ ලංකාව ගැන හිතන්න උත්සාහ කරන්න. මොන ආණ්ඩුවක් හරි පොදුවේ අපේ ලංකාවේ මිනිසුන්ට සාධාරණයක් ඉටුකරනවා නම් සතුටුවෙන්න උත්සාහ කරන්න. (නි)
මහින්ද ළං කරගන්න එක ඉතාම ප්‍රවේශමෙන් කළයුතු වෙනවා. මතක නේද ඔටුවාට කුඩාරම ඇතුළට ඔලුව විතරක් දාගන්න දීලා සිද්ධවුණ කලබගෑනිය? (නි)
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ... හා..හා..හා .... (නි)
තනතුරු නම වෙනස් කරලා දෙනවා නම් කමක් නැහැ. අපි කියන්නේ නැහැ බලතල, තෙල්, වාහන ආරක්ෂාව දෙන්න එපා කියලා. ඒත් ඕකට පළාත් සම්බන්ධීකාරක තනතුරක් දැම්මා නම් තව නව දෙනෙක් සතුටුකරන්න පුළුවන් (නි)
නන්දලාල් තමයි මෙහි හොඳම ප්‍රතිචාරය දමා තිබෙන්නේ. (නි)
මේකෙ අදහස් දාන අය තොරතුරු නොදැන පුකාශ කරනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පසුගිය කාලෙත් තිබුනා මේක අලුත් දෙයක් නෙවෙයි. වෙනසක් තිබුනොත් තියෙන්නේ නමෙයි. ක්‍රියාමක කරණ පිළිවෙලෙ පමනයි. පසුගිය කාලෙ සංවර්ධන කමිටුවල අරමුන වුනේ සංවර්ධන ප්‍රගතිය සමාලෝචනයකර ගැටඵ නිරාකරණය කිරීමයි. (බ)
සුදුසුම ප්‍රතිචාරය තියෙන්නේ නන්දලාල් මහතාගෙන්. ස්තුතියි.(ම)
ගරු මහින්ද මතිදුනි ඔබතුමාට ඇත්තටම ගෙදරට වෙලා ඉන්න බැරිද දැන් නිදහසේ ඉදල තමන්ගේ ළමයින්ට ඉඩ දෙන්න ඕනි කලේ නේද (ම)
මේ සමගම පලාත් මහ ඇමති තනතුරු වලටත් පාර්ලිමේන්තුවට වග කියන, කැබිනට් වරප්‍රසාද සහිත, අදාල පලාතේ වැඩිම මනාප ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් එමගින් පලාත් සභා වල කටයුතු වඩා විධිමත් ලෙසත් කාර්යකෂම ලෙසත් සිදු වනු ඇති බව මාගේ විශ්වාසයයි. එමෙන්ම සමහර පාර්ශවයන් යෝජනා කරන පෙඩරල් ක්‍රමයට විකල්ප බලය බෙදීමේ ක්‍රමවේදයකට මූලාරම්භයක්ද වනු ඇත. (බ)
කවුද නන්දලාල් මහත්තයෝ ඔටුවා..ප්‍රජාතන්ත්‍රවාදිව යහපාලන හිතින් සදාචාරාත්මකව හොදට හිතල බලන්න..පක්ෂයේ 99% ක් තමන්ට අකමැති බවත් තමන්ගේ ක්‍රියාමාර්ග අනුමත නොකරන බවත් තමන්ට සාප කරන වයිර කරන බවත් දැන දැන යම් ප්‍රතිපත්තියක් මත පක්ෂයට ලබාදුන් ඒ ජනතා බලය අමු අමුවේ මංකොල්ලකමින් ඒ ප්‍රතිපත්තිය කෙලෙසන එකාද නැත්නම් ඒ ජනතා බලය පක්ෂයට හිමිකරදුන් පක්ෂ සාමාජිකයින්ගේ හදවත් දිනු ඔවුන් තම නායකයා බවට විවාදයකින් තොරව පිළිගන්න මහින්ද මහත්තයද? ඔටුවා රිංගුවේ කොහාටද කියල ඔබතුමාලට ඉක්මනටම තේරේවි. අවුරුදු 5න් ගෙදර යන්න ආපු කෙනෙක් එහෙම හිතන කෙනෙක් කවදාවත් මෙහෙම මහජන මතයට පයින් ගහන ඒකාධිපතියෙක් වෙන්නේ වෙන්නේ නැහැ. (අ)
ඔබතුමා කොටින්ට කෙළින් හිටියා වගේ තමන්ගෙ වටේ සිටි අයටත් කෙළින් හිටියා නම් ඔබ තවමත් අපේ ජනාධිපති. (නි)
චන්දන,ඔබ මේ මොනවා කියවනවාද? එහෙනම් එංගලන්තයේ සිදුව ඇත්තේ කුමක්ද? (නි)
නන්දලාල්, ඔබ හරියටම හරි. (නි)
අනේ වාසනාවන්! වැඩිම මනාපයෙන් පත්කරපු ජනතාවක් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කය තව මාස 6 යක් යනකොට බලන්නකෝ ලබන දියුණුව. (නි)
රාජපක්ෂලාට තනතුරු දෙනවාට මම නම් විරුද්ධයි (නි)
පසුගිය අවුරුදු 10-15 පුරාවටම අපි රාජපක්ෂලා ගැන බොහෝ දේ ඉගෙනගත්තා (නි)
ඔබට සුබ පැතුම් මහින්ද මහතාණෙනි! (නි)
ඔක්කොම හොදි අපට තියෙන ගැටලුව වෙන්නේ ඇමතිවරු විෂය පථය සමග ගැටන එක. මොකද පළාත් සභාව නගර සභාව මේ ඔක්කොම එකම දේ කරනවා (අ)