ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නාය යෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා අද (20) සවස කුරුණෑගලට පැමිණ ඇතුගල පිරික්සීය.
ඔහු පැවසූයේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මෙවැනි පිපිරීම් සිදුවිය හැකි බවයි.
පිපුරුම අඩි දෙකක් ගැඹුරට ඇති බවත් එම ස්ථරයේ ගල් පතුරු ගැලවී ඇති බවත් ඔහු කීවේය. මීට වසර ගණනාවකට කලින් ද එම ස්ථානයේ ගල් පතුරු ගැලවී ගොස් ඇති බවද ඔහු කියයි. පර්වතයේ පිපිරී ගිය කොටසේ ඡායාරූපද වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහු රැගෙන ගියේය.
ඇතුගලත් පුපුරයි
වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතුගලට පිවිසෙන පියගටපෙළ ආසන්නයේ පිහිටි විශාල පර්වතයක් පුපුරා ගොස් ඇත.
ගල් පර්වතයේ ස්ථාන දෙකකම පිපිරුම සිද්ධ වී ඇති අතර එම පිපිරුම ගලේ මීටර් 50කට වැඩි දුරකට පැතිර ගොස් තිබේ.
පිපිරුම සිදුවූ ස්ථානයේ සිට වයඹ පළාත් සභා සංකීර්ණයට ඇති දුර මීටර් 50කට ආසන්නය. සෙනසුරාදා (19) රාත්‍රියේ ගල් බෝරයක් පුපුරා යන ආකාරයේ ශබ්දයක් නගමින් මෙම ගල පුපුරා ගිය බවත් ගලේ කැබැලි බොහෝ දුර විසිවී ගොස් තිබූ බවත් ඒ අසල වෙළෙඳාමෙහි යෙදී සිටි අයකු කියයි.
13 වැනි සියවසේ රාජධානියක් වූ කුරුණෑගල ඇතාගල, ඉබ්බාගල, ආඳාගල, එළුගල, ඇතුගල, කුරුමිණියාගල, වඳුරුගල, යක්දෙස්සාගල හා ගෝනිගල නමින් පර්වත කිහිපයක් ඇත්තේය.
ඇතුගල සහ ඉබ්බාගල හාවී ඇති සාවියේ මෙම පිපිරීම දක්නට ලැබේ. ඊට ඉදිරියෙන් සුවිසල් නල ජල ටැංකියක් ඉදිකිරීමට චීන සමාගමක් පසුගියදා ගල්බෝර ද ගැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියලම මිහිකතත් දැන් කම්පාවෙලා ඉන්නේ. තව පොල් ගහන්න ඕනෑ (නි)
පහුගිය කාලේ සමහරු කුරුණෑගල පැත්තේ කියපු ගල් පැළෙන බොරු වලට මේක පුපුරන්න තිබුනේ මිට කලින් (නි)
ගල් පර්වත පවා මේ කියන බොරු වලට කම්පා වෙනවා බොරුව රජ වේවා (ම)
අපොයි ඔවු. මහා බොරුකාරයෝ දැන් වැජඹෙනවානේ. ගලත් කම්පාවෙලා (නි)
රස්නෙට ගල පුපුරන්න ඇති කියන එකත් ගල් පැලෙන බොරුවක්. මීට ඉස්සර ඔයිට වඩා රස්නේ කාලවල් තිබුනේ නැද්ද? (ර)
පළාත් සභාවේම කවුරුහරි ගල් බෝරයක් දැම්මද දන්නේ නැහැ, ඕකත් ගල් වළකට විකුණගන්න (නි)
අහවලා යන යන තැන මිහිකත කම්පා වෙනවා. (නි)
ඇයි අබේරත්න බබා වෙන්න හදන්නේ? දකුණෙන් ඇවිල්ලා බොරු වපුරලා ගියේ කවුද? (නි)
බොරු කාරයෝ රජ වෙලා ඒ නිසා සොබා දහම විපරිත වෙලා (බ)
රටේ ජාතියේ වටිනා සම්පත් වංචා කරලා ඒවා රට පටවලා, පැරණි නිධන් හොරෙන් හාරලා ඒවා යටිමඩි ගහගත්තා මදිවට එහෙම දේවල් අපි කළේ නැහැ කියන හොරු නරකාදි වලට ඇදගෙන යාමට තමා ගල් පර්වතයේ ස්ථාන දෙකකම පිපිරුම සිද්ධ වී තිබෙන්නේ (නි)
මේ විදියට චීන සමාගමක් පසුගියදා ගල්බෝර ගහලා මෙරටේ පර්වත පුපුරවා හැරීමට අවසර ගත්තේ කාගෙන්ද? ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ මහත්වරුනි, රටේත් ප්‍රදේශයේත් ජනතාව මෝඩයෝ කියලා හිතාගෙනද මෙවැනි දේවල් කියන්නේ? මේ පළාතට මීටපෙර මෙවැනි "අධික උෂ්ණත්ව" ලැබුනේ නැද්ද? තිබුණා නම්, තව විශාල පර්වත කීයක් මේ විදියට පිපිරීගියාද? (නි)
දේශපාලඥයෙක් ළඟකදී කුරුණෑගලදී කතාවක් කළාද? (නි)
අර කාගේද මුහුණකුත් මැවිලා තිබුනා නේද පහුගිය දවස් වල? හරියට එතනමද පැලිලා තියෙන්නේ? (නි)
හිටපු ජනපති කුරුණෑගලින් ඉල්ලන්න හැදුවා නේද? ඒ කාලෙ කියපු බොරුවකටද දන්නෙ නැහැ නේද? (නි)
ආණ්ඩු බලය ගන්න කිවුව දේවල් ඇස පනාපිටම බොරුවෙද්දී මේවා අහන්නත් දෙයක්ද? (නි)
දේශපාලකයින් කුරුණෑගලට ගිහිල්ලා ගල් පැලෙන බොරු කියලා ඇතුගලත් පුපුරලා (නි)
ඔන්න ඔහොමයි යහපාලනයේ හැටි! (නි)
රටේ විනාශය පටන් අරගෙන වගෙයි (නි)
උෂ්ණත්ව විර්යාසය නිසා සිදුවන දෙයක් මිස මෙය වෙනදෙයක් නොවේ. ඔය දේ කොයි ගල් පර්වතයකටත් සිදුවිය හැක. අනේ පවු දේශපාලඥයෝ (නි)
ඔය වැඩ කරන්නේ ගහපු පොල්. (බ)
ස්වභාව ධර්මයත් කෝප වෙලා තමා ඔය ගල් පුපුරන්නේ. (අ)
රටේ මහා තැනගේ වරද තමා. බලයේ ඉන්නකොට ඔක්කොම අපතේ යනවනේ.(බ)
වැඩ කාරයෝ පැත්තකට වෙලා බොරු කාරයෝ රජ කරලා දැන් කාලේ හැම දේම කණපිට (බ)
සුමිත්‍රා, යහපලානේ නිසා නොවේ, පහුගිය කාලේ කුරුණෑගල ඉන්න දේශපාලුවන්ට දීපු සමහර බලපත්‍ර වලටත් දිට්ට ධම්ම කරුමේ පටිසන් දෙන හැටි ඇස් පනාපිට පෙන්නුම් කරනවා. අපි දැනගෙන හිටිය කුරුණෑගලට ඔහොම වෙනවා කියලා (නි)
බණ්ඩාර මහතාගේ තීරණය හරියටම හරි. භූ විද්‍යාවට අනුව සොබාදහම විටින්විට නොයෙක් විපර්යාස වලට බඳුන් වෙනවා. අතීතයේ මිනිසුන් ගල් රත්කරලා වතුර දමලා ගල් පුපුරවනවා. මේ දවස්වල වහලා තියෙන ගොඩනැගිලි පවා රත්වෙලා පුපුරන්න පුළුවන්. හැකි තරම් හිරු එළියෙන් ආවරණය කරලා තබන එක නුවණට හුරුයි. (නි)
අරයා කුරුණෑගල ගියත් හරි, ගලුත් පුපුරනවා (නි)
මගේ නම් හිත කියුවේම මේ රස්නෙට වෙන්න ඇති කියලයි (බ)
අපි දැනගත්තා කුරුණෑගලින් අහවලාව පත්කර ගන්නකොටම ඔය ටික වෙනවා කියලා (නි)
චින්නුන්ට කොහොද අපේ පුරාවස්තු ගැන අගයක්, අපේ අයට නැතිකොට? එ් කාලෙ ඕවා හදලා තියෙන්නෙ මොනතරම් පරිස්සමින්ද කියලා පෙනෙනවා ගල් පඩි ටික දැක්කහම. අද හැමදේටම වඩා ලොකු සල්ලිනෙ. (නි)
රාවණා නිරිඳුන් නැගිටින්න යන්නේ මේ රටේ සිද්ධවෙන දේවල් දැකලා. ඒකයි ඇතුගල පුපුරලා තියෙන්නේ (නි)
මීට කලින් මේ වගේ රස්නයක් තිබුනෙම නැද්ද? මම නම් හිතන්නේ සොබාදහමට සිදුවන නොයෙක් කෙනෙහිලි නිසාවෙන් මෙවැනි දෙයක් සිදුවුණා කියලයි. (නි)
රටේ හිටිය නායකයෙකුත් ඔය පැත්තෙන් ඡන්දෙ ඉල්ලුවනේ. ඡන්දෙ ගන්න කියපු බොරු වලට තමා ඔය ගල පැළෙන්න ඇත්තේ. අන්තිමට කුරුණෑගල ජනතාවට කොකා පෙන්නලා යන්න ගියා. දැන් මන්ත්‍රී කෙනෙක් වෙලා කුරුණෑගලට මොකුත් කරන්නේ නැහැ (නි)
රවින්ද්‍ර ගහපු පොල්ද ගල්ද දන්නේ නැහැ වැඩකළේ? (නි)
ඔය පළාතේ දේශපාලකයෝ කියන නියම ගල් පැලෙන බොරු වල යථාර්ථය ඔය.(ම)
ඇතුගලට මෙහෙම වුණා නම්, ඉදිරියේදී ඇතුන්ටත් අපල කාලයක් වගෙයි (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
සංවර්ධනයේ මුවාවෙන් ඉවක් බවක් නැතිව කරන පරිසර විනාශය නිසා මෙවැනි විනාශයන් සිදුවිය හැකි බව විද්වතුන් අදහස් පළකර තිබුන බව මතකයි. (බ)
කුරුණෑගල පළාතේ කවුද දන්නේ නැහැ ලොකුම බොරුව කියපු පොර? (බ)
බොරුව රජ වෙලා ගල් පුපුරනවා (ම)
කවුද කුරුණෑගල නියෝජනය කරන විශේෂිත පුද්ගලයා? එයා මේ ගැන මොනවද කියන්නේ? (නි)
මට සැකයි එක්තරා දේශපාලඥයෙක් ගැන (නි)
කියන බොරු වලට වෙන්න ඇති. (ර)
මහින්ද - මෛත්‍රීගේ වැඩ නිසා ස්වාභාව ධර්මයෙන් උත්තරයක් (බ)
දෙසපලුවෝ කියන බොරුවලට ගලත් කම්පාවෙලා. (ර)
අහන්න දෙයක් නැහැ. ඉස්සර කාලේ කළා වගේ පරණ කට්ටිය එකතු වෙලා නිදන් හාරන්න අයෙත් පටන් අරගෙන වගෙයි එහෙනම් !!! (බ)
දේසපාලුවෝ කියන බොරුවලට තමා මේ ගල පැලෙන්න ඇත්තේ. (ර)
හිටපු ජනාධිපති ඒකටත් වැඩක් දීල වගෙයි. (ර)
දැන් හැමතැනම අහන්න ලැබෙන්නේ ගල් පැලෙන කතානේ. (නි)
බොරුවට හැමදේටම දේශපාලකයින්ටම දොස් කියන්න එපා. ලංකාවේ මිනිසුන්ගේ ගති වලට ගල් විතරක් පැලිලා බේරුනොත් ඇති (නි)
නිදන් හොරුවත් පිපිරෙවුවද ? (ර)