සෞදි අරාබියේදී ඇණ ගසා අත් පා ද පිලීස්සීයැයි තිස් හත් හැවිරිදි සිව් දරු මවක සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටිති.
බලංගොඩ එග්ස් ලේන් වත්තේ අලගුමලි පාපාති තම්බදි මහත්මිය අරාබියට ගොස් ඇත්තේ වසර දෙකකට පෙරය.
‘සත පහක් පඩි දුන්නේ නෑ, කන්න බත් දුන්නේම නෑ,රත් කළ තෙල් ඇගට දාලා ඇග පිච්චුවා,ගෙදර කට්ටිය ඇණ ගසා බෝතල්වලට ලේ ගන්නවා.සමහර දවස්වලලට යකඩ බට ජනනේන්ද්‍රීය ප්‍රදේශයට ඇතුළු කර තුවාල කර ලේ ගන්නවා.ඒ ලේ උදේට අරගෙන යනවා කොහේ අරගෙන යනවාද දන්නේ නෑ. ’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පලයව්,තව පලයව් මෝඩ එළදෙන්නු. කොච්චර සිද්දි වෙනවද මේ වගේ. කිව්වම නාහන ගුරු උඩින් ගියත් එකයි පහලින් ගියත් එකයි. ජොබ් නෑම කියමුකො, දුගී දුප්පත්ම කියමුකො, මහවැලියේ කුලියට ගොයම් කපාපල්ලකො බලන්ඩ. දන්න නිසා කියන්නෙ.තරහවෙන්ඩ එපා ආයුබෝං, දුක තමයි, (නදී)
මානගේ නියම ටෝක් එක. ඔබේ මේ ලියවිල්ල, සාමාන්‍ය පුවත් පතේ දැමිය යුතුයි.(නදී)
මේ වගේ දුක් වේදනා විදින්නද රට යන්නේ? (නදී)
මුලින්ම ගැහැණු අය රට යවන එක නවත්තන්න ඕනී.එයාලා යන්නේ දුප්පත් කමටයි.සමහර අයට රට ගියාම හොදට සේවය කරන්න පුළුවන් තැන් ලැබෙනවා(දිල්)
මානව හිමිකම් සහ පිල්ලේ නෝනා මේවා දකින්නේ නැද්ද? (නදී)
මස් පිපාසිත, ලේ පිපාසිත සහ ගැහැණු පිපාසිත අරබිකාරයන් ළඟට අපේ නංගිලා අක්කලා සහ අම්මල යවන්න එපා. මේ මිත්‍යාදෘෂ්ටික අය ළඟට අපේ ගැහැණුන්ව යවන්න එපා (අ)!
දැන් කීයක් වුණාද? දැන්වත් නවත්තන්න (නි)
ඒ කාලයේ මේ අරාබියට කිව්වේ සුනාපරන්තය කියල.තම උන්ගේ කුරිරුකම ගිහිල්ල නෑ.(අ)
මේ ගෘහ සේවය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳන්න පුළුවන් එකක් නොවේ. ලංකාවට වැඩිම ආදායම දෙන්නේ මේ අංශයෙන්. අපි කවුරුත් බුක්ති විඳින පහසුකම්, සුභ සාධන වලට කර ගහලා තියෙන්නේ දුක් විඳින මේ අය. නමුත් අවාසනාවට මේ අයට බදු රහිත වාහනයක්වත් ගන්න පහසුකම් දීලා නැහැ (නි)
යස වැඩේ "තව පලයව්,තව පලයව් මෝඩ එළදෙන්නු." නියම කතාව. ඔහොම වෙලා මදි.(නදී)
මේ තමයි ඉස්ලාම් අන්ධ භක්තියේ රහස් වැඩ, එයාල කියන්නේ දෙයියෝ අදහනවා කියලා. ඒ උනාට ඔක්කොම පැරණි යක්ෂ වැඩ තාම කරනවා. එක එක ආශීර්වාද ගන්න. ඊජිප්තුවේ, සුඩානයේ, සෝමාලියාවේ, සිරියාවේ හා ඉරානයේ යන අරාබි අය මේ වගේ කොඩිවින කරන්න සැලසුම් කරගෙන ඇවිත් අහිංසක ගෘහ සේවිකාවෝ හිංසාවට ලක් කරනවා. අරාබින්ගේ සංස්කෘතියට අනුව තම සේවකයෝ වහල්ලු, ඒකයි සතුන්ට වගේ සලකන්නේ. (ස)
අපේ තානාපති කාර්යාල වල කොන්ද පණ නැතිකම තමයි මේවට හේතුව. පිලිපින් ගෑනියෙකුට මෙහෙම උනා නම් බලාගන්න තිබුනා උන්ගේ තානාපතිවරු කරන දේ.අපේ අය ඉන්නේ නමට විතරයි.කොටින්ම කියතොත් බංගලාදේශ්, නේපාල තානාපති කාර්යාල අපිට වැඩිය බලවත්...ලැජ්ජයි.. (ස)
මගේ නිවසේ වැඩ කරන්න කාන්තාවක් හොයා ගන්න කොපමණ කල් හිටියද රුපියල් 15000ක් දෙනවා කිව්වත් මදී කියනවා. මැදපෙරදිග යන්නේ නැතිව ලංකාවේම ගෙවල්වල වැඩ කරන්නකෝ (ස)
අපේ රටේ ලොක්කො මේවට වග කියන්න ඕන.සල්ලි වලට ඇත්ත යට ගහනවා... (ස)
සෞදි අරබියට සේවිකාවක් යැවීම වෙනුවෙන් රැකියා ඒජන්සියට රු. 500,000.00 කට නොඅඩු මුදලක් ලැබෙනවා. ඒ මුදලින් සතයක්වත් සේවිකාවට දෙන්නේ නැහැ. මේ ගැන කිසි කෙනෙක් දැනුවත් කර නැහැ. ඒ නිසා ඒජන්සි කාරයො මොන දේ උනත් ලන්කාවෙ ගෑනු අරාබියට යවනවා. ඇත්ත ඒකයි.(අ)
අපේ රටේ පාලකයන්ගේ ඇතැම් වැඩ නිසා දුක් විදින්නේ අහිංසක දුප්පත් රටේ ජනතාව මේවා නොදෙක්ක වගේ ඉන්න පාලකයන්ට හෙන ගහන්න ඕන (අ)
කුමාර් ඔයා හරි.ඇෆ්රිකන් රටවල කට්ටඩින්ට වැඩ තියෙන්නේ අරාබිකරයේ සහ යුරෝපයේ.යුරෝපයේ මානව හිමිකම් නීති හොඳ නිසා අමානුෂික දේවල් වෙනවා අඩුයි.දැන්වත් රජය මේ අරාබි රටවලට සේවිකාවන් යැවීම ගැන සීමාවක් ඇති කළ යුතුයි.මා දන්නා මුස්ලිම් කාන්තාවක් කිව්වා ඇයට කල දේවල් හෙළි කලොත් මෙහෙ කසාදෙවත් ඉතුරුවෙන්නේ නෑ කියලා. (ස)
මැද පෙරදිග ගිනස්.(නදී)
සෙන්නිල්, අරාබි පුළුවන් මුස්ලිම් අය තානාපති සේවයට යවන්න කියන්නේ මනුස්සකම් උගන්වන්ටද? කල යුත්තේ මේ වගේ අ රටවලට ගෘහ සේවයට යාම තහනම් කිරීම එහෙම නැත්නම් නොයා සිටීම (අ)
අපේ වැරදි තියාගෙන අරාබිකාරයන්ට බැනල හරි යන්නේ නැ. එක්කෝ රට යන එක නවත්තන්න නැත්නම් හොද නිලධාරීන් පත් කරන්න. (නදී)
කුමාර් සහෝදරයා මිනිස්සු කරන වැඩවලට දහම පලි නැත. ලංකාවෙ තාත්තා දුවව දුෂණය කරණවා පුතා අමිමව මරණවා. අපට බුදු දහමට වැරදි කියන්න පුලුවන්ද . ඒවාගේම සෞදියෙත් තිරිසන් අය ඉන්නවා ඔවුන් කරණ වැඩව ලට දහමට දොස්කිම වැරදියි. දහම නිවැරදිව අදහනවා නමි මෙවැනි දේවල් නොකරනු ඇත.(නදී)
ඉස්ලාම් ආගමිකයන්ගේ මුල් භූමියේ මෙහෙම නින්දිත විදියට මිනිස් වර්ගයට සලකනවා නම් ඔවුන්ගේ තිබෙන මිනිස් කම මොකද්ද. අර රිෂාන් දරුවාව අසාදාරනයෙන් මරලා දැම්මා. මේවා කරන මිනිසුන්ට දඩුවම් නැද්ද? (නදී)
මෙම අසරණ කාන්තාවට බනින්ඩ එපා ! ආසාවට යනවා නොවෙයි නේ ! ඇගේ දුකේ දී පිහිට වෙන්ඩ පුලුවන්ද බලමු. කොහොම නමුත් එම රටට අපේ කතුන් නොයවන ව නම් තමා හොඳ. අපි අපේ නැගණියට ඉක්මන් සුවය පතමු.(අ)
සෞදියේ ඉන්නේ මොලයක් තියන අය නොවේ ඔටුවෝ පිටේ ගිය අය කෙලින්ම ප්‍රාඩෝ වලට ගියා. උන්ට දුක කියන එක තේරෙන්නේ නැහැ. මම නම් දකින්නේ ඇමරිකාවෙන් හරි ගහන එක හොදයි.(නදී)
මැද පෙරදිග ගිය සමහර අය ඉඩම් අරගෙන ගෙවල් හදලා සන්තෝසෙන් ඉන්නවා. හැම කෙනාම නෙවෙයි. යන්නේ දුප්පත් කම නිසා අපේ ගෙදරත් බලාගන්න කෙනෙක් සොයනවා කොපමණ මුදල් දෙනවා කිව්වත් මේ අයට ඒක මදි කමක්.(නදී)
තානාපති නිදි දෝ (අ)
තවත් යවනවා. තවත් යනවා.(නදී)
ලෝකයේ තිබෙන පලවෙනි රට මානුෂික අයිතීන් නැති. තවමත් වහල් සේවය තිබෙන සෞදි අරාබිය. එහෙත් මේවා කිසි කෙනෙකුට නොපෙනේ. හේතුව තෙල් (පෙට්රෝල් ) සල්ලි සහ ඇමරිකාවත් බටහිරත් මෙම රට සමාන බිලියන් ඩොලර් වෙළදාම කරන නිසාත් . සෞදි අරාබිය බටහිර සහ ඇමරිකානු ගැත්තෙක් වීමත් නිසා.(නදී)
මෙයාලා අපේ ගෙවල් වල වැඩට යන එක මදි කමක් කියලා හිතන්නේ. දැන් බලන්න්න කරගත්ත දේ. අපේ නැන්දා කෙනෙක් මෙහෙ ඇවිත් දවස් 9 කින් මැරුනා. ෆෑන් එක පිහිදාන්න උඩට නග්ගලා පුටුවෙන් තල්ලු කරපු නිසා. ඒ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැහැ.(නදී)
මේ ගැන අපේ රටේ ඇමතිවරුන්ගේ අදහස් දැනගන්ට කැමතියි. ගොළුවෝ කසාය බීලා වගේ නම් ඉන්න එපා. (නි)
නැති බැරිකමට පිටරට යන අහිංසක මිනිසුන්ට නිග්‍රහ කරන්න එපා. අනෙක් රටවලින් රස්සා වලට එන අයට ලොකු ආරක්ෂාවක් ඒ ඒ රට වල රජයන්ගෙන් ලැබෙනවා. ලංකාවේ තත්ත්වය ශෝචනීයයි. අසරණ වූ දහස් ගණනක් මේ මොහොතෙත් මැද පෙරදිග රට වල දුක් විදිනවා. (නි)
දේශපාලනයේ වරද. ගෘහ සේවිකාවන්ගේ විදේශ විනිමය,ලංකාවේ ආර්ථිකයට හොද ඉල්ලමක් කියලා විතරයි සමහරු හිතන්නේ. නමුත් ගෘහ සේවිකාවට තියා සමහර පිරිමින්ටවත් හරිහැටි රැකියාවක් කරගන්න බැරි තැනක් කියන වග අපේ බලධාරින් දන්නේ නැහැ. තාමත් මෙතරම් අපරාධ සිද්ධ වෙලත් ඇයි රජයට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න බැරි? (නි)
මමත් රට හිටියා. දැකපු ජරාම තානාපති කාර්යාල තමා ලංකාවේ එක. ඒවා එහෙ ඉන්න අපේ මිනිස්සු ගැන කිසිම හෙවිල්ලක් නැහැ.(නදී)
මේවා පිල්ලේ නෝනාට තියා . අපේම රටේ සිටින මානුෂික අයිතීන් කතා කරන අයට වත් පෙන්නේ නැහැ . මේ අයට පෙන්නේ මෙම රජය කරන ඕනෙම දෙයක් මානුෂික අයිතීන් කැඩීමක් හැටියට විතරයි.(නදී)
නලීම්, "මිනිස්සු කරන වැඩවලට දහම පලි නැත" යනුවෙන් මෙය ලඝු කිරීම හොඳ නැති බැව් මගේ හැගීමයි. බටහිර රටවල් වලත් මේවා වුණා, ඔවුන් ආගමෙන් ඉවත් වෙන්න පෙර. සෑම මිනිසෙකුටම සමව සැළකීමේ ගතිය අරාබි මිනිසුන්ට නැති බව ඔබට අවිවාදයෙන් පිළිගන්න වෙනවා නේද? (නි)
මමත් මැද පෙරදිග වැඩ කරන අයෙක්.කිසි දිනක අපි මේ වගේ කරදර වලට මුහුණ දීලා නැහැ. හැමතැනම වෙන දෙයක් නොවෙයි මෙය. බලධාරින්ගේ අවදානය මේ සඳහා යොමුවිය යුතු වේ.මේ දුප්පත් කාන්තාවන් ලබන මුදල් වලින් ලංකාවට කොපමණ ආදායමක් ලැබුනත් එය අපේ රටේ බලධාරීන්ගේ ඇස් වලට පෙනෙන්නේ නැද්ද? (නි)
සැබැවින්ම අරාබිකරයේ අතීතයේ සිටම මහා දරුණු මිනිසුන් ජිවත් වුණා. (නි)
මේවට සම්පූර්ණ වග කියන්න ඕනෑ රජය නේද? මේක පළමුවැන්න නොවේ. (නි)
කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ.අපේ පිරිමින්ට කොන්ද පණ නැහැ. (නි)
කාන්තාවන් රැකියාවට පිටරට යවන අයටයි මුලින්ම දඩුවම් දෙන්න ඕනෑ (නි)
මෙම මැදපෙරදිග රටවල නීතිය වලංගු වෙන්නේ පිටරැටියන්ට පමණද? ඔවුන්ගේ පොලීසිත් එකයි, නීතිත් එකයි,උසාවිත් එකයි. සල්ලි තිබුණාට මොලේ කළදක් නැති මිනිස්සු. (නි)
නේපාල, බංගලිදේශ වගේ රටවල එම්බසි බලන්න එපායෑ සද්දෙයි වැඩයි, ඒ ජාතිකයෙකුට මොනවාහරි වුණොත්. ඒකට අපේ එම්බසි? සමහර වෙලාවට ලියුමත් අපි ඉංග්‍රීසියෙන් ගහගෙන යන්න ඕනෑ. සිංහලෙන් කාරණාව කිව්වට ලියන්න දන්නේ නැහැ. ඔය ටිකයි. කියනවා නම් තියෙනවා පොතක් ලියන්න. (නි)
අවීචි මහා නරකාදිය ඇස් දෙකෙන් දකින්ට සිද්ද වුණා. අපි මොන තරම් පව් කරලද මේ අපේම රටේ කාන්තාවෝ නේද. ඇයි ගොළුවෝ,බිහිරෝ වගේ ඉන්නේ? නිලධාරීන් මේවට වග කියන්ට ඕන නේද?(දිල්)
මේකට කියන්නේ වහල් සේවය කියලා. (නි)
කාන්තාවන් විසින් රැකියාවල් කරවා ලංකාවට ආදායමක් අවශ්‍යද?පිරිමි අය ගෙදරට වෙලා කුමක් කරනවද? (නි)
සෞදියේ ඉතාමත් හොද මිනිස්සු වගේම මෙහෙම අයත් ඉන්නවා. එක එක්කෙනාගේ වාසනාව අවාසනාව අනුව තමයි ඒ දේවල් ලැබෙන්නේ (නි)
ලැජ්ජාව පැත්තකට දාලා ලංකාවේ ගෙදරක ඔය මෙහෙකාරකම කළොත් මොකද? ඒජන්සිකරුවන්ට දෙන මුදල් වියදම් ඉතුරුයි,පවුලේ අයව නිතර හමුවෙන්න හැකියාවත් තිබෙනවා. (නි)
අපේ අය මහා ලොකුවට අගය කරන්නේ මෙහෙම උපයන සල්ලිද? (නි)
මේවායේ සිටින අදාල තානාපතිවරු මොකද කරන්නේ? (නි)
මෙය පළමු වතාවත් අවසාන වතාවත් නොවේ. කරුණාකර බලධාරීන් දෑස් හැර මෙවන් දේ වෙනුවෙන් පියවරක් ගන්න (නි)
කෝ අර කැනඩාවේ මහත්තයා? මේ පණපිටින් ඉන්න අයගේ මිනිස් අයතිවාසිකම් කඩ කරන්නේ (නි)
අපේ රජය මේවට කතාකරන්නේ නැද්ද? (නි)
අපේ රටට නැගී සිටින්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. තිබුණු අපනයන ආදායමත් තවත් පහළට ගිහින්.අඩුම ගානේ කෘෂිකර්මාන්තයවත් හරියට කරන්නේ නැහැ.ඇමතිලා උනන්දු වෙන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි.අහිංසක මිනිස්සුන්ව පිටරට යවලා විදේශ විනිමය එනකල් උඩබලාගෙන ඉන්නවා.ඒක පෙනෙන්නේ නැද්ද කාටවත්. (නි)
ලංකාවේ ගෙදරක වැඩ කරන්න මදිකමටනේ ඔය අපායවල් වල ගිහින් සේසතම නැති කරගෙන එන්නෙ. (නි)
එම්බසිය නිදි මේවා පේන්නේ නෑ (දිල්)
කවදාද මේ ගැහැනු රට යවන එක නතර කරන්නේ? කොපමණ කිවුවත් ගැහැනු රට යනවා. මේවට පව් කියන්න නරකයි එක අතකට. මෙහෙම වෙන එක අනෙක් ගැහැනුන්ටත් පාඩමක්. ලංකාවේ ගෙයක වැඩට ගියත් රට නම් යන්න එපා (නි)
සෞදි තානාපති කාර්යාලයේ ඉන්න අය මොනවද කරන්නේ? මේවට කතා කරන්න ලංකාවේ කවුරුවත් නැද්ද? රට යන අහිංසකයන්ට දෙයියන්ගෙම පිහිටයි! (නි)
ලංකාවේ පිරිමි තවමත් ගැහැණු රට යවනවානේ? (නි)
පාලකයිනි , කාන්තාවන් මැද පෙරදිග සේවයට යැවීම වහාම නතර කරනු. (නි)
මොන දේ වුණත් ඔවුන් නැවත එනවා. ඒ ආර්ථික ප්‍රශ්න නිසා (නි)
ජනපතිතුමණි මේවාට එරෙහිව නැගී සිටින්න (දිල්)
මෙම සිදුවීම මේ ආකාරයේ පළමු සිදුවීම නොවේ. මේ ආකාරයෙන් යන්නේ තමන්ගේ අග හිගකම් දරාගත නොහැකිව නමුත් ගෙයක් දොරක් සාදා දරුවන්ට හෝ උගන්නන්න ඇති අවශ්‍යතාවයට. අප මෙතන බන කීවට හෝ ටීවී එකේ ප්‍රවෘත්ති කීවට මේ අය ඒවා දන්නේ වත් නැහැ. අනික රජයෙන් අඩු ආදායම් ලාබීන්ට සහන සලසා ඇති ආකාරය බොහෝ ප්‍රමාණවත් මදි බවට සාක්ෂි තමා මෙම නිමක් නැති සිදුවීම්. මැද පෙරදිග දැනටමත් අති විශාල පිරිසක් සේවය කරති. ඉන් කොටසකට සිදුවෙන ඉතා අවාසනාවන්ත තත්වයක් මේක. එමනිසා මැද පෙරදිග ඒජනසි හැම එකක්ම විධිමත්ව විමර්ශනය කිරීම ආණ්ඩුවේ වගකීමකි.(අ)
මෙය අවසාන වන දිනය කවදාද? අහිංසක කාන්තාවන් සෞදි අරාබියට යැවීම තහනම් කළ යුතුය. සෞදිය කන්තාවට සළකන්නේ සතුනටත් වඩා පහත් ලෙසටයි. ඔවුන්ගේ දඬුවම් ලෙස සැළකෙනඇණ ගැසීම,උණුවතුර,උණු තෙල් ඇගට වත්කිිරීම,මුහුණ සූරා තුවාල කර විකෘති කිීරීම,කසපහර දීම, ගල්ගසා මරාදැමීම ,හිස ගසාදැමීම ආදී දඩුවම් සුලු වරදකට වුවද දෙනු ලැබේ. වගකියුතු පුද්ගලයින් අන්ධයන් බිහිරන් සේ නොසිට වහාම පියවරක් ගතයුුතුය. දුප්පත්කම මදිවාට ආපසු එන්නේ අත පය වාරු නැති මානසික,ශාරීරික ලෙඩුන් වෙලාය. බලධාරීන් මැදිහත් වී වන්දියක් ලබා දෙන්න. (නි)
අපේ රටේ අම්මලා වහල් වැඩ වලට යවන එක දැන් නවත්තන්න කාලය ඇවිල්ලා. ඔය රස්සාවට ගියාට මාසයකට 20,000 කට වැඩිය ලැබෙන්නේ නැහැ. මේ හැමෝම ගැහැණු මැදපෙරදිග යන එකට විරුද්ධව අදහස් දාලා තිබෙන එක සතුටට කරුණක්. "බුදු තාත්තේ, බොන්න එපා" වගේම "බුදු අම්මේ, රට යන්න එපා" කියන්න කාලය හරි.....!!! (නි)
වහාම සෞදියට මිනිසුන් යවන එක නවත්වමු...........සව්දියට යන් එක සම්පුර්ණයෙන්ම නවත්තන්න ජනපති තුමනි අපේ අම්මලාව අනේ බල ගන්න ඒත් සෞදියට යවන්න එපා ආආ අදඑම මේ පියවර අරගෙන නතර කරන්න හොර රහසේ අපේ අයව මරනවා.(අ)
තව යන්න තව යන්න... තොපිට අපේ තේ දළු ටික කඩන්න වැඩිම පඩි දීලත් එන්නේ නැහැ. මේවා බලදාරීන්ගේම හොර වැඩ නෙවෙයි . අපේ ඉන්න ගොන් වැස්සියන්ගේ තියෙන උද්දච්ච කමෙත් ප්‍රතිපල තමයි. වැලි මාලිගා හදන්න අරාබි වැල්ලේ සල්ලි වලට බැහැ බොලවූ ...(අ)
කාටවත් බනින්න එපා. ගැහැණු පිටරට යවන මිනිස්සු හා සෞදියට ආවඩන අපේ දේශපාලකයන් මෙයට වගකියන්න ඕනෑ (නි)
මේ කෙනා දුටුවිට හරි කණගාටු හිතෙනවා.මේ රටට කාන්තාවන් යවන්න තහනම් කරන්න ආණ්ඩුව පියවර ගන්න. (නි)
රාජා, සදු, ඔය ගොල්ලන්ගේ කතාව වැරදියි. මේ මිනිස්සු රට යන්නේ මොකද කියා අපි හොඳටම දන්නවා. වැඩිය ඕනෑ නැහැ, රක්ෂණය කියලා කපන එක අරගෙන දෙන්න කියන්න බලන්න. ඒක දෙන්නෙත් නැහැ. බලනකොට ඒ කපලා තියෙන්නේ මේ අහිංසක කාන්තාවන්ගේ සල්ලි නේද? (නි)
ඔය සෞදි ගොස් මෙම ගැහැනුන් ගන්නේ අවම වැටුපක්, දවසට පැය 18 කට වඩා වැඩ කරලා . ඔය වැටුපම ලංකාවේ ඉඳලා හොයන්න පුළුවන් වුණත් ඔවුන් කැමති නැහැ ලංකාවේ එම රැකියාව කරන්න. අපේ රටට ලැජ්ජාවක් මෙහෙම අපේ රටේ ගැහැනු විශේෂයෙන් සෞදි ,කුවේට් වගේ රටවලට යවන එක. (නි)
සෑම අරාබි රටකටම කිසිම සිංහල තානාපතිවරයෙක් නොයැවිය යුතුයි යැයි මම යෝජනා කරනවා. එසේම මින්පසු අරාබි භාෂාව කතාකළ හැකි මුස්ලිම් අයෙක්ව සෞදියට යවන්න කියා මම යෝජනා කරනවා (නි)
අපොයි! ගෘහ පාලිකාවන්ටත් මෙහෙම වෙනවද? (නි)
මේ එක්තරා වහල් සේවයක්. ගැහැනුන් ගෘහ සේවයට රට යවන එක නැවැත්තුවා නම් හොදයි.ඒ වෙනුවට පුහුණු ශ්‍රමිකයන් හට මැද පෙරදිග රටවල් වල රැකියා දොර විවෘත කරගැනීම වඩා හොදයි (නි)
ලොකු ලොක්කන්ගේ ලේ ඥාතියෙකු මෙවැනි කරදරයකට පත් වුණා නම් මෙලහකටත් ක්‍රියා මාර්ග අරගෙන නේද? මේ අහිංසක මිනිසුන් රැක ගන්න. (නි)
වහාම සෞදියට මිනිසුන් යවන එක නවත්වමු. (නි)
පව් අසරණ මිනිස්සු. ලංකා ආණ්ඩුව මීට වැඩිය වගකීමෙන් කටුතු කරනවා නම් හොදයි. සෞදි අරාබියට කාන්තාවන් යවන එක තහනම් කළ යුතුයි. රියල් 600/- - 800/- ක මුදලක් ලංකාවෙන්ම රස්සාවක් කරලා හොයාගන්න පුළුවන්. මගේ තාත්තා අසනීප වුණ වෙලාවේ බලාගත් සත්තු සේවකයාට රු.18,000/- දුන්නා මාසිකව. මේ රටවල් වල අපේ රටේ කාන්තාවන්ට නිසි ආරක්ෂාවක් නැහැ. (නි)
මේක අපේ සේවා නියුක්ති කාර්යාංශය දන්නේ නැද්ද? මට නම් මේ කළා යැයි පවසන දේවල් ගැන සැකයක් තිබෙනවා (නි)
කොපමණ කාලයක් කතා කළත් මොකක්ද අවසාන තීරණය? (නි)
අරාබි ඇදුමින් ඉන්න හැමකෙනාම සෞදි අය නෙමෙයි. වෙන රටවල අයත් මෙවැනි ගැහැණු රැකියාවල යොදවා ගන්නවා. මේක එහෙම ප්‍රශ්නයක් වගේ.මෙහෙන් යැවූ අය අල්ලාගෙන ප්‍රශ්න කළොත් දැනගත හැකිවේවි. (නි)
තානාපති හෝ මේ පිළිබද වගකිවයුතු නිලධාරීන් වහා කැදවන්න (නි)
මේවාට වග කියන්නේ කවුද? (නි)
මැදපෙරදිග යන ගෘහ සේවිකාවන්ට ලබාගන්න පුළුවන් උපරිම රු,20,000/- ත් 25,000/- අතර මුදලක්. නමුත් පැය 18 කට වැඩිය දවසකට වැඩකරන්න තියෙනවා. නිවාඩුවක් ලැබෙන්නේ අවුරුදු දෙකකට පස්සේ. මුළු අවුරුද්ද පුරාවටම එක දවසක්වත් නිවාඩු නැතුව මැරීගෙන වැඩ කරලා ජීවිත හානිත් කරගෙන සමහරවිට පඩිත් නැතුව නැවත ලංකාවට එනවා. ඊට වැඩිය හොඳයි, ලංකාවේ ගෙදරක වැඩකරලා රු. 12,000/- අරගෙන මාසෙට වරක් ගෙදරත් ගිහින් ඇවි්ලලා තමන්ගේම රටේ වැඩ කරන එක. නමුත් අපේ අය හිතන්නේ රට ගියහම සල්ලි ගස් හිටවලා සල්ලි කඩන්න පුළුවන් කියලා. ඕවා ගැන කොච්චර කිව්වත් වැඩක් නැහැ.අවසානයේ හිස් අතින් ගෙදර එනවා. දැන් ඉතින් හිතන්න කාලය ඇවිල්ලා (නි)
තව යන්න.කොච්චර සිද්ධි වෙනවද මේ වගේ. කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි පහළින් ගියත් එකයි කිවුවලු. රැකියා නැහැමයි කියමුකො, දුගී දුප්පත්මයි කියමුකො. කුලියට ගොයම් කපන්නකෝ බලන්න. දන්න නිසා කියන්නෙ.තරහ වෙන්ඩ එපා ආයුබොවන්ඩ. දුක තමයි (නි)
යන්න එපා මේ දුක විදින්න (නි)