අඟහරුවාදා මාතර අකුරැස්සේ පැරණි බස් නැවතුම්පොළ අසල පැවැති සන්ධාන ප්‍රචාරක රැලියට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමට උත්සාහ කළ පාක්ෂිකයකු තල්ලු කිරීමට රාජපක්ෂ මහතා උත්සාහ කිරීම කථා බහට ලක්වූ සිදුවීමක් විය.
ඒ සම්බන්ධයෙන් සන්ධාන රැලියකදී මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ‘ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තවටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව එකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද‘ යනුවෙනි.
(වීඩියෝ අනුග්‍රහය - බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්." මහින්ද මහත්තයෝ සල්ලි ආරක්කුයි දීල මිනිස්සු ගෙනාවම ඔහොම වෙනවා.රැස්වීමෙන් පස්සේ බොන්න දුන්නනම් ඔහොම වෙන එකක් නෑ.මීට පස්සේ සංවිධායකයන්ට කියන්නකෝ රැස්වීම ඉවර වුණාම අරක්කු දෙන්න කියල. (ම)
මොකද අර එතකොට වැටෙන්න ගියේ? අනේ කාටද මේ පම්පෝරි .(ම)
අර බිලා හිටපු මිනිහා අපේ හිටපු ජනාධිපති උතුමාගේ වශී බෝලය උදුරන්න ඇවිත්, එකයි මෙතන වුණ සිද්ධිය මම සිතන්නේ (ම)
නහින දෙහින කාලේ තමුන්ගේ නම්බුව තියාගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතුව මහත්තයෝ (ම)
අශෝක රළපනාව , ඔබ සමග සීයට සීයක් එකඟ වෙමි (ම)
මොකක්ද ඔය ඇඟිල්ල? අර ඕනෑම කෙනෙකුට දිගු කරන්න පුළුවන් කියූ ඇඟිල්ලද? (ර)
එතුමා කියන කතාවේ ඇත්තක් තිබෙනවා (නි)
දැන් එතකොට මෙයාව තල්ලු කරලා අර බබාව වඩා ගත්තේ ආදරේ වැඩි කමට වද්ද? (ර)
ලංකා ඉතිහාසයේ ජනතා හාස්‍යට සහ පිළිකුලට භාජනය වුණ එකම ජනාධිපති (ම)
කතාව නම් විදුලි පුටුවට, ඒත් ආදරේට ඇඟිල්ල ඇල්ලුවහම බය වෙනවා... (ස)
මේ වාර්තාකරුවෝ ඇඟිල්ල මිරිකනකම් පින්තුර ගත්තේ ඇඟිල්ල අතගාන්න තිබුනනේ. (ස)
මිනිහෙක් බොන්නේ නැතිව කොහොමද කියන ඒවා අහගෙන ඉන්නේ (බ)
ඇත්තටම බිලා හිටියේ කවුද කියල තමයි මුළු රටේම මිනිස්සු දැන් කතා වෙන්නේ අයිබොවන්.! (බ)
විදුලි පුටුවට යන්න නේද කතාකලේ පහුගිය කාලේ ? ඇගිල්ලක් ඇල්ලුවම මෙච්චර අමාරු වෙනවද? (ර)
සල්ගාදු ප්‍රන්සය, සල්ගාදු අරලියගහ 1600 කියල ලිව්වනම් තමා හරි. (ස)
සල්ගාදු වගේ අය නිසා තමයි මේ රට විනාශ වුණේ (නි)
සල්ලාදු ඉන්නේ පිටරටක නිසා වෙන්න ඇති ඔහොම කතා කියන්නේ, දාස් ගනන් මිනිස්සු මැරුණ රටේ ඒක නැති කරපු දා ඔක්කොමල කිව්වේ දුටුගැමුණු කියල. (ස)
ආරක්ෂාව තියෙන්නේ මහින්ද මහත්තයට නෙවෙයි. (ර)
හොදයි. (ර)
මේ මගින් අපේ අදහස් දැක්වීම සාර්ථකව ඊට නිවැරදිවත් ඉදිරිපත් කල හැකිය. (ර)
අනේ මෙතුමාගේ රත්තරන් ඇඟිල්ලට මොනවත් වෙලා නැහැ නේද ? මට මේ ගැන අහපු දවසේ ඉන්දලා රෑට නින්දක් නැහැ. (බ)
මේ ප්‍රතිචාර දමන බොහෝ අය කුහක නිවට ද්‍රෝහීන් පිරිසක් බවත් තවමත් උන්ගේ පික්පොකට් නායකයෝ වගේම රටට එරෙහිව ක්‍රියා කරන බඩගෝස්තර වාදීන් බව පෙනේ. (බ)
පන ඇති නායකයට ජය වේවා.! (ර)
දැන් පිරිමි දැකලා නැති සමහරුන්ගේ හිතට හරි සතුටු ඇති. (ර)
දැන් එතකොට මේ රටේ ඉන්න අනෙක් මිනිස්සු හොස්ස ලඟින් මැස්සා යන්නේ නැති නම් ඒ උදවිය පිරිමි නෙවෙයිද? (ර)
මේ සිදුවීමෙන් මහින්ද මහත්තයට ඡන්දෙ නොදී ඉන්න තීරණය කරලා.එතුමාට එ්කෙන් ගොඩක් පාඩු වේවි.. මහින්ද මහත්තයාගේ ආරක්ෂාව ගැන දෙවතාවක් හිතන්න ඉඩක් ඉතුරු කරලා..ඒකනම් එතුමාට වාසියක් වේවි...(බ)
අශෝක රළපනාව , දැන් නම් කියන්නේ දුටුගැමුණු කියලා නොවෙයි. (ර)
ඇඟිල්ල අල්ලනකොට තමයි අමාරු. (ර)
මට මතක් වෙනවා පසුගිය කාලය.... අද මේ ඇඟිල්ලෙන් ඇල්ලුවා කියලා ඒ සම්බන්ධවත් ප්‍රකාශ නිකුත් කරනවා (නි)
අපිට ඕන අන්න එහෙම පිරිමිකම තියෙන නායකයෙක්..ගැහුවොත් ගහන බැන්නොත් බනින රව්වොත් රවන රිද්දුවොත් රිද්දන නායකයෙක්..(ම)
දැන් ඉතින් මෙයාට ආදරේ කරන පාක්ෂිකයෙකුටවත් මෙයාගේ අත අල්ලන්න බැහැ වගෙයි. "වැඩි සෙනේ දබරෙටයි", කියල අපේ පැරැන්නෝ කිවුවේ කට කහනවට නොවෙයි නේ. (ර)
කුක්කු පැටියා ....! අපි නොදන්නා මහින්ද (ම)
ඇඟිල්ල අල්ලපු කෙනා යහතින්ද? බෝලයේ බලෙන් මොකුත් වෙලා නැතිද? (ස)
ඇඟිල්ල ඇල්ලුවාම මට ඉන්න බැරිවුණා... දෙවියන්ට ඔප්පු වෙච්චාවේ !!! වැරදිලාවත් මෙයාගේ වෙනතැනක් අර මනුස්සයා ඇල්ලුවනම්, එයා මෙලහටත් අඩි 6ක් පොලොව යට සැතපෙනවා වෙන්නත් තිබ්බා. මේවගේ රැලි වලදී ආරක්ෂාව දෙන්න ඕන මහින්දට නොවෙයි, එයාලගේ වාචාල වැදිබණ අහන්න එන අසරණ මහජනතාවට නේද? (ස)