රිය අනතුරකින් මිය ගිය ඇගලුම් සේවකයකුගේ දේහය බාර ගැනීමට කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වූ බව කියමින් ගම්පහ පොලිසිය අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පොලිසිය කීවේ කාන්තාවන් තිදෙනාම කසාද සහතික ඉදිරිපත් කරමින් අයිතිවාසිකම් කියන බවයි.
එම කාන්තාවෝ තිදෙනාම අද නීතීඥවරුන් තිදෙනකු මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
තිදෙනාගේ දරුවන් හය දෙනාට කිසිදු අගතියක් නොවන පරිදි අවසන් කටයුතු සිදු කරන ආකාරය සාකච්ඡා කර බදාදා (16) අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වාසනාවන්තයෙක් (අ)
රුපවති අක්කේ ඔයා මිලානෝ වල නේද ඉන්නේ? (අ)
නැහැ පිටිගල මහත්තයා, මම ඉන්නේ සයිප්‍රසයේ. බ්‍රිටිෂ් බේස් එකක. මේක අයත් බ්‍රිතාන්‍යයට (නි)
එකවර කාන්තාවන් කීපදෙනෙක් විවාහ කරගැනීමට නීතියෙන් අවසර ඇති අය ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් නොදන්නා බවයි පෙනෙන්නේ. (නි)
මාර වැඩ කාරයෙක්නේ ? (අ)
අනේ අප්පේ කසාද සහතික තුනක් කොහොමද නිකුත් කරන්නේ නීතියෙන්. (අ)
මොහු අන්‍ය ජාතිකයෙක්ද? (නි)
පුදුම වාසනාවන්තයෙක් වගෙයි (නි)
පිරිස් මනුස්ස ජාතියට නිගා දෙන්ඩ එපා .. (ම)
"සකල සිරින් පිරි සිරි ලංකාවේ "..... ඔහොම දේවල් සිදු වීම ස්වාභාවිකයි. සමහර "ලොකු ලොක්කන් යයි කියා ගන්නා අයට මෙන්ම , ඒ අයගේ පවුල්වල අයට උනත් ", ජාතික හැදුනුම් පත් වගේම පාස්පෝර්ට් කිහිපයක් එකම නමින් තිබෙන එකේ මේක මොකද්ද ? මළ ගිය තැනැත්තාට දිය හැකි උසස්ම අවසාන ගව්රව අවසාන කර නීති ප්රශ්නවල බසින එක තමා දැනට කරන්න තිබෙන මුලිකම දෙය. (අ)
හරිම වාසනාවන්ත සැමියෙක් තුන්දෙනාගෙම ආදරේ වැඩි කමට මොලේ අව්ල් වෙලාදස දන්නේ නා රිය අනතුර උනේ.(රේ)
මියගියේ රිය අනතුරකින් කිවුවා නේද. තුන්දෙනාම හවසට ගෙනෙන්න කියා දීපු බඩු ලැයිස්තුව ගැන හිතමින් පාරේ යන්න ඇති. තණ්හාය ජායති ශෝකෝ... (නි)
සිල්වා, මට හිතෙන්නේ ඔබට වල්ගේ පෑගිලා, පීරිස් අහල තියෙන්නේ ඉතාම සාමාන්‍ය ප්‍රශ්නයක්. මොහු අහන්නේ තිදෙනාටම කසාද සහතික තියනවා නම් මේ පිරිමියා අන්‍ය ජාතිකයෙක්ද? (ර)
බුදු අම්මෝ...කොහොමද දෙවියනේ තුම්බිඩි ජීවිතයක් ගෙවුවේ ..මිනිස් හමක් පොරවාගෙන ...එක හදවතක් ලදුව උපත ලබල .?දරුවෙක් මෙළවට බිහිවෙලා එක වරක් තාත්තේ..! කියනකොටවත් වැරදි හදාගන්න වෙලාවක් තිබුනේ නැද්ද ..? දරුවන් 6 දෙනෙක් .. අද අසරනකරලා අසරණ කාන්තාවන් තුන් දෙනෙකුත් සමග ..? මේවට දෙවින්ටවත් උත්තර දෙන්න හැකිද ..?මම උපන්දා සිට අද ටත් මව හැර කිසිවෙකු විශ්වාස නොකලෙමි .. අද මව ජීවතුන් අතර නැති කොට ..මා... මා පමණක්ම විශ්වාස කිරීමට වගබලාගතිමි ....? (අ)