පසුගිය අඟහරුවාදා මොරටු අධිකරණයේ සිය මවට එරෙහිව විභාග වු නඩුවකට යමින් සිටි ‘මැස්සා’ යන නමින් හඳුන්වන තරුණයාට රාවතාවත්ත උසාවි ආසන්නයේදි කපා කොටා තුවාල සිදුකලබව කියන හතරදෙනෙකුගෙන් යුත් කල්ලිය අද (22) පොලිසියට භාර වු බව මොරටු පොලිසිය කියයි .
හෙරොයින් සම්බන්ධ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදු වී ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වු තරැණයා ලුනාව රෝහල් වත්තේ පදිංචිකරුවෙක් වන අතර පහරදුන් සැකකරුවන් අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පහරකෑමට ලක් වු තරුණයා ලුනාව දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇතිවු අසාධ්‍ය තත්වය හේතුකොටගෙන දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරුකොට යැවුහ.
තරුණයාගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල දෙපයේ පහළ කොටසේ කැපුම් තුවාල දකුණු අතෙහි කැපී වෙන් වු ඇගිලි අත් බද්ධ කිරීම දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානි ශල්‍ය වෛද්‍ය යසස් අබේවික්‍රම මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිදු කරනු ලැබීය.
රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අප කළ විමසීමේදී ශල්‍ය වෛද්‍ය අබේවික්‍රම මහතා පැවසුවේ රොගියාගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි.
පොලිසියට බාර වු සැකකරැවන් මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ මොරටු පොලිසිය විසින් පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනීමැරුමක් කිරීමට තැත් කිරීමක් .. අදාළ දඬුවම් දෙන්න (හේ)
වරද කුමක් වුවත් මෙලෙස පහරදෙන්න කිසිවෙකුටවත් අයිතියක් නැහැ (නි)
මේවා බලවතුන්ගේ වැරදි. රටේ නීති තද නොකරන්නේ දේශපාලකයන්ගේ දරුවන්ට ඒවා විඳවන්න වුණොත් කියන බයටද? මුළු රටම ගිලගත් මේ භීෂණයෙන්, මත්ද්‍රව්‍ය වලින්, මිනීමරුවන්ගෙන් බේරිලා රටක් දියුණු කරන්න කියා සිතාගන්නවත් බැහැ. පාලකයෝ වගේම සෑම දෙමාපියෙක්ම වගකිවයුතුයි මේ ව්‍යයසනයට. එල්ලුම් ගහ නීතියෙන් ක්‍රියාවට නංවනතුරු මේවා නැතිවනවා බොරු (නි)