‘මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරිම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කෑ මොර දෙන්නේ මාධ්‍යයට විතරයි. මාධ්‍ය සංදර්ශන තමයි පවත්වන්නේ නමුත් දිමනාව වැඩි කළොත් කිසි කෙනෙක් දිමනාව ලබා නොගෙන ඉන්නේ නැහැ. එහෙනම් වාහන පර්මිට් එකත් ප්‍රතික්ෂේප කරන්න ඕන. බොරුවට බෙරිහන් දෙනවා. නමුත් වාහන පර්ම්ටි එක ගන්න ආණ්ඩු පක්ෂ කාර්යාලයේ කැරකෙනවා‘ යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා තම නිවසේ පැවැති සමාජ ආධාර බෙදාදීමේ රැස්විමකදි පැවසීය.
‘ඒකාබද්ධ විපක්ෂයේ අය ආණ්ඩු පෙරලන්න සිහින දකිනවා. මේ ආණ්ඩුව වසර පහක් යනකම් තියෙනවා. එහෙම ආණ්ඩු පෙරළන්න බැහැ. ඇඟේ හයියට ආණ්ඩු පෙරළන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂය මේ වන විට දියවෙමින් යනවා. මම නම් කියන්නේ මන්ත්‍රිවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. දැන් බලන්න අම්පාර යාපනයේ ඉඳලා එන මන්ත්‍රිවරුන්ට ඉන්ධන දිමනාව සඳහා කෙතරම් මුදලක් වැය වෙනවාද කියලා. මටත් අධිවේගි මාර්ගයේ ගමන් බිමන් වලට විශාල වියදමක් යනවා. රැස්විම් වලට වෙලාවට යායුතුයි. උදේ කොළඹ ඉදලා සවස නැවත ආසනයේ මළ ගෙවල් මගුල් ගෙවල් වලට යන්න වෙනවා. නැවත ආපසු කොළඹ යන්න වෙනවා. මේ නිසා මන්ත්‍රිවරුන්ට ඒ සදහා පහසුකම් තියෙන වාහනයක් තිබිය යුතුයි. අපි ඇත්ත කථා කළ යුතුයි. දහනායක මහත්තයාලා ඒ කාලයේ දුම්රියෙන් පාර්ලිමේන්තු ගිය බව ඇත්ත. නමුත් දැන් ලෝකය දියුණු වෙලා කාලයත් සමග විශාල සටනක් කිරිමට සිදුවෙලා. වැඩ කරණ මන්ත්‍රිවරුන්ට නම් අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුවෙනවා. ජනතාවට වැඩක් නොකර නිකන් ඉන්න අය තමයි මේ කෑ ගසන්නේ.‘ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට සේවය කරන්න මෙවුන් දඟලනවා කියලද කියන්නේ? ගොවියන්ට වී ටිකට සාධාරණ මුදලක් දෙන්න බැරි අය. මුන්ට තව දීමනාවල් දෙන්න කියල කියන්නේ. ගොවියෝ බඩගින්නේ මෙවුන්ට සුර සැප. (බ)
ස්වේච්ඡාවෙන් ජනතාවට සේවය කරන්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ඕන තරම් දක්ෂයන් මේ පොළෙවේ ඉන්නවා. (බ)
පක්ෂේ උදවියගේ මළගෙවල් මගුල් ගෙවල්වල යාම පක්ෂේ කටයුතු මිසක් පොදු මහජන කටයුතු නෙවෙයි, අනික මහජන මුදලින් පහසුකම් අරගෙන මහජනයාට කරපු සේවය මොකක්ද? (බ)
සේන, මහජනතාවට සේවය කිරීමට වාහනයක් දිමේ වරද මොකක්ද ? (බ)
මෙයා ගාල්ල පුරාම තැන තැන වල ඉඩම් වලට හිමිකම් කියාගෙන යනවා.මෑතක මීපාවල පාසල ගාව ලොකු ඉඩමක රැස්වීම් ශාලාවක් හදාගෙන යනවා.එක කාගේද කියල කියනවද? දැන් මෙයා ගාව සල්ලි ගැවසෙනවා වැඩියි වගේ. (බ)
අනේ මන්ත්‍රීතුමනි, පළාත් පාලන ඡන්දය තියන්නකෝ, ඔයාලගෙ කල්ක්‍රියාව කොච්චර දෙනෙක් අනුමත කරනවද කියලා බලාගන්න (නි)
මිනිසුන්ට තියන හැම සහනයක්ම කපමින් යනවා. හැබැයි දේශපාලකයින්ගේ ගොඩනම් හිතෙන හිතෙන තරම් වැඩිකර ගන්නවා. වැරැද්ද මේවට දිට්ට ධම්ම වේදනීය කර්ම පළනොදීමයි! (නි)
දැන් ලෝකේ දියුණුවෙලා තමයි. ඉස්සර දහනායක මහත්තයා ගියා නම් දැන් අපේ පොදු ප්‍රවාහන පහසුකමුත් ලෝකේ දියුණුවෙලා තියන පමණටම දියුණු වෙලා තියෙන්න ඕනෑ. එහෙම තිබුනා නම් අද දහනායක මහත්තයාගේ කාලෙටත් වැඩිය අඩු කාලයකින්, ඊටත් වඩා පහසුවෙන් ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනෑ. එත් අපේ සාමාන්‍ය ප්‍රවාහන සේවා එහෙම දියුණුවෙලා තියනවද? (නි)
ගොවියන්ට පොහොර ගන්න. සල්ලි වගේම මේ මන්ත්‍රී ගොල්ලන්ට කාඩ් පතක් දෙන්න පාර්ලිමේන්තුවට එන වර ගණනට තෙල් ගසා ගැනීමට පසුගිය ආණ්ඩුවේ මන්ත්‍රීන් හොඳට සල්ලි හම්බ කරලා තියෙන්නේ. එ්කයි ඒ අය කෑගහන්නේ රාජපක්ෂලා , දුමින්දලා ඇතුළු කට්ටිය. ඒ අය දන්නෙත් නැහැ මේතරම් සල්ලි කොහොමද ලැබුනේ කියල ....(බ)