තලාතුඔය හාරගම පැරැණි ගඟ පාරේ වෑන් රථයක කලිසම් හා කමිස හැද සිටි දෙදෙනෙක් ද කාන්තාවක ද තලාතුඔය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
මහනුවර හා කැලණියේ සබඳකම් ඇතැයි කියන මෙම දෙදෙනාගේ බෑග්වල සිවුරු තිබු බව ද පොලීසිය පවසයි.
අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් උසාවියට යොමු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා මොන සේනාවේ කට්ටියද දන්නේ නැහැ. (නදී)
ෂෙහාන්, ඔබ හරි මමත් එතනයි (නදී)
මෙන්න මෙයාල තමයි ලිප්ටන් වටරවුමෙයි, කොටුවේ ස්ටේසම ඉදිරිපිටයි ඉදගෙන පිකටින් කරලා රටට යහ පාලනය ඉල්ලන්නේ. (නදී)
මේ වගේ වැඩකරන කසාද බැඳපු හාමුදුරු කෙනෙක් අපේ ගමෙත් හිටියා (නි)
හක්කේ බුදුරැස් ,බොක්කේ දඩමස් කියන්නේ මේවට තමයි. (නි)
උන්නාන්සේලා දෙන්නෙක් මාර්ග ඵල ලබන්න ලෑස්තිවෙලා ගිහින් වගෙයි. නිවන් මග අත ළඟ තිබියදී මාරයින්ට කොටු වීම ගැන අහෝ දුකකි (නදී)
බොදු බල සේනාවක් ඉන්න මේ බෞද්ද රටේ සිදුවන දේවල්. (නදී)
බුදුරජාණන් වහන්සේ මේවා අවරුදු දහස් ගණනකට පෙර දිවසින් දැක දර්ම දේශනාවකට කැටිකරලා පහදලා දීල තියනවා. ස්මින්වහන්සේලා හැටියට ඒ අය එ්ක හොඳටම දන්නවා. අපි ගිහි පුද්ගගයෝ හැටියට පරාභව සුත්‍රය නැවත කියවල ඇතිවෙමින් තියන තත්වය නැවත තේරුම් ගත යුතුව තියෙනවා. ගිහි අය හැටියට අපි කරන පින් පව් අපි කර තියාගෙන යාවි. එ්ත් සංඝයා වහන්සේලා හෝ චිවරය බොරුවට දරන්නෝ ගෙවන පව ඒවා විදවනකොට ඒ අයට දැනේවි. මේ වගේ දේවල් වලට සම්බුද්ද දර්මය ඉදිරියට ගෙනයන බුද්ද පුත්‍රයන්ට වෛර කරන්න ගිහින් ඒ නාරා වලේ අපි වැටෙන්න ඕනේ නැහැ. (නදී)
අප අසා ඇති පරිදි අනාචාරය වරදක් නොවන අතර එය සදාචාරාත්මක ප්‍රශ්නයකි. අනාචාරය දික්කසාද තීන්දුවක් ලබාදීමට එක සාධකයකි. දැන් පොලිසිය ශ්‍රේෂටාධිකරණයේ වැඩත් පටන් අරගනද ? මොකද පනතක නොමැති නීතියක් අවස්තානුකුලව නීතියක් කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරනයටත් අභියාචනාධිකරනයටත් පමණි. (නදී)
මේවා සාමාන්‍ය සිද්දි. සාමනේර උන්වහන්සේලා වෙන්ඩ ඇති. කෙසේ වෙතත් අපේ ලොකු හාමුදුරුවරු මෙන්ම දේශපාලනයට කෑ ගහන බොදු බල සංවිදාන මේ ගැටළු නිරාකරණය කල යුතුයි. නැත්නම් බුදුදහම ඉවරයි. මේ සිද්දිය මානුෂිකවත් බැලිය යුතුයි. මේ දෙදෙනාට සමාව දිය යුතුයි (නදී)
අද සමාජයේ දකින දේවල් තුලින් අපේ හිත දුෂණය වෙලා. ගිහි අපි පවා වල්මත් වෙද්දී හැගීම් හිරකරන් සමාජයට සේවයක් කරන තරුණ ස්වාමීන්වහන්සේලා එක අතකට පවු. ''සත්‍ය‘‘ සටහන බුද්ධියේ විමසුමට " (නදී)
ෂෙහාන් බොහොම මානුෂිකව මේ සිදුවීම දිහා බලපු එක ගැන හරිම සතුටුයි (නදී)
වැරැද්දනම් ගීහී, පැවිදි කියල වෙනසක් නෑ වැරැද්දම තමයි. ගිහී අපි අනාචාරේ යන එකත් වැරදියි, පැවිදි භික්‍ෂූන් අනාචාරේ යන එකත් වැරදියි. (නදී)
බෑග් එකේ සිවුරක් තිබුන පලියට ඔවුන් භික්ෂුන් කියල කියන්නේ කොහොමද? සියලු සිවුරු දරන්නන් ද භික්ෂුන් නොවේ. (නදී)
මෙවන් දේවල් අද රටේ සුලබයි. අහුවෙන්නේ ටිකයි. නමුත් ශාසනයටත් යහපත් දැහැමි ස්වාමින් වහන්සේලාටත් මෙමගින් සිදුවෙන අවමානයත් අපහසු තත්වයත් තක්සේරු කිරීමට බැහැ. බොදුබල සේනාව බුර්කාව පස්සෙන් පන්නන්නේ මේවා නොදැනම නෙමෙයි නේද (නදී)
මම අදහස් නොලියා ෂෙහාන් මල්ලිගේ අදහසට එකඟ වෙනවා (නදී)
පුවතේ සඳහන් වෙලා නෑ මේ තුන්දෙනා වැන් රථය තුල අනාචාරයේ හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගත්ත කියලා. ඇඳුම් ඇඳලා හිටියා නම් පොලිසිය කොහොමද මෙහෙම අත් අඩංගුවට ගන්නේ ? නිතිය නොදන්නා මිනිස්සු දැක්කම පොලිසිය සෙල්ලම් දාන්නේ උඩ පැන පැන. ලොකු ලොක්කෙගේ වාහනයක් නම් එබිලා බලනවා තියා පොලිසිය ඒ පැත්ත පලාතෙවත් යයිද ? දැක්කනේ අදිවේගේදී වැරැද්ද කරලා දඩ කොලේ දීපු පොලිස් රාලහාමිට වෙච්ච දේ (නදී)