කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක ආහාර විසවීමෙන් 60 දෙනකු මීගමු රෝහලට ඇතුළු කළ බව කම්හල් ආරංචි කියයි.

පෙර දින සැපයූ ආහාර විස වන්නට ඇතැයි ද, සාම්පල රස පරීක්ෂකට ඉදිරිපත් කිරීමට නියමිත යැයි ද සෞඛ්‍ය නිලධරයෝ කියති.