(නිමල කොඩිතුවක්කු)
කුකුලූමස්, බිත්තර, ටින්මාලූ සහ කරවල ආනයනය කිරීම ඉතා කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම නතර කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා කොළඹදී පැවසීය.
එයට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව පැවසීය.
දේශීය නිෂ්පාදකයන් සහ ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගන්නා බවද අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට පරිප්පුත් එකතු කළා නම් හොඳයි. ජනතාව පරිප්පු ඇති වෙන්න කනවා මේ ආණ්ඩුව යටතේ...
ඡන්දෙ ලඟ ලඟ වගේ දැනෙනවා !
එක පැත්තක් විතරක් බලා හරියන්නේ නැහැ. පාරිභෝගික ජනතාව ගැනත් බලන්න ඕනේ. හිගයක් පෙන්නා එක එක ගණන් වලට බඩු විකුනාවී. ඒ නිසා නියමිත මිලක්ද තිබිය යුතුයි.
දැන් ඕක නතර කරන්න ඉස්සරවෙලා ලංකාවේ ඉල්ලුමට සරිලන සැපයුමක් තිබෙනවද කියලා සොයලා බැලුවද ? ඒ පිළිබඳව සමීක්ෂණයක් කලාද ? ලංකාවේ මස් බිත්තර , ටින් මාලු නිෂ්පාදනය වැඩි කරන්න ඔබතුමා ගත්ත පියවර කුමක්ද ?
මේකේ ඇතුලාන්තය මෙහෙම වෙන්න පුළුවන් , දැන් ඕව රටින් ගෙන එක නතර කරහම බිත්තර , මස් , ටින්මාළු වැනි දේවල් වල මිල එකවරම ඉහල යනවා , එහෙම වෙනකොට ඇමතිගේ හිතවත් මුදලාලි කෙනක් ටින්මාළු නැවක්ම ඇනවුම් කරනවා නැව ලංකාවට කිට්ටු වෙන කොටම මුදලාලි ගෝලයෝ ටිකක් දම්මල පාරක් වහල පොඩි උද්ගෝෂණයක් දමවනවා අපට් කුකුළු මස් බිත්තර , ටින් මාලු දියවූ කියල , එතකොට මෙයා එතනට ගිහින් පොඩි රඟපෑමක් කරලා කියනවා , අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය වහාම ජනතාවට දෙන්න කටයුතු කරනවා කියල , ඊට පස්සෙන්දම හදිසි කැබිනට් පත්‍රිකාවක් දමනවා මේවා වහාම ගෙන්වන්න ඕනේ , ඒවාට තිබෙන බදුත් ඉවත් කරන්න කියල . මේ අවස්ථාවේ මුදලාලිගේ නැව වරායට එනවා , එතකොට බඩු ටික ක්ලියර් කරලා ගබඩාවට ගෙනියනවා , ඊට පස්සේ තව ගෝලයෝ ටිකක් දමල දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා කරන්න කියල උද්ගෝෂණ පාරක් දමනවා , ඇමති එතනට ගිහින් පොඩි රංග පෑමක් කරලා කියනවා රටින් ගෙන එන ඒවාට බදු ගහනවා කියලා, එතකොට මිල ඉහළ ගියාම මුදලාලිගේ තොගයම වැඩි මිලට දෙනවා. ලාභය කෝටි ගණනාවක්, එ්කෙන් කොටසක් ඇමතිට ලැබෙනවා.