දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක්. එයා අවුරුදු සමරන්නේ වෙනස් විදිහටයි.
අපි පොඩිකාලෙ ඉඳන්ම අවුරුදු සමරනවා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. අපි කතෝලික ආගමේ නිසා ලොකුවට චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරෙන්නෙ නෑ. ඒ කියන්නෙ සිංහල බෞද්ධ කට්ටිය කරනවා වගේම කෙරෙන්නෙ නෑ. නමුත් කිරි උතුරනවා චාරිත්‍රය වගේ මූලික චාරිත්‍ර සිදුකරනවා. හිස තෙල් ගාන ඒවා වගේ නම් ගොඩක් වෙලාවට කෙරෙන්නෙ නෑ. ළඟ පාතක තිබුණොත් කෙරෙනවා ඇරෙන්න. ආහාර අනුභව කරන එක, ගනුදෙනු කරන එක ඒවා නම් කරනවා.
මේ සැරේ අලුත් අවුරුද්ද දවසේ මට ගෙදර ඉන්න වෙන්නෙ නෑ. මොකද එක එක නාළිකාවල අලුත් අවුරුදු වැඩසටහන් සඳහා සහභාගි වෙන්න තියෙනවා. අලුත් අවුරුද්දෙ වැඩ අල්ලලාම තමයි පටන් ගන්නේ. ඒත් එක්කම දිගටම රූගත කිරීම් සිද්ධ වෙනවා. මම හිතනවා මේ අවුරුද්ද හොඳ අවුරුද්දක් වෙයි කියලා.
අපි මේ අවුරුද්ද සමරන්නෙ සිංහල දෙමළ අවුරුද්ද කියලනේ. අපේ රටේ විවිධ ජනවර්ගවල මිනිස්සු ඉන්නවා. අවුරුදු 30ක් පුරාවට පැවතුණු යුද්ධයත් දැන් නතරවෙලානෙ තියෙන්නේ. අපි ආයෙත් බොරුවට මිනිස්සුත් එක්ක රණ්ඩු කරගන්නෙ නැතිව අනෙක් හැමෝටම වගේම අනෙක් රටවල්වලටත් ආදර්ශයක් වෙන විදිහට අපේ ජනතාව එකමුතුවෙන්, සාමයෙන් අපේ රටේ තියෙන දේවලුත් ආරක්ෂා කරගනිමින් ඉන්න පුළුවන්නම් හොඳයි කියන දේ තමයි මම මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අලුත් අවුරුද්දෙ හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන්න ඕනේ. හැමදෙනාටම තමන් ආසකරන තමන් කැමති දේවල් කරන්න හැකියාව ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
කුෂි
ඡායාරූප අනුග්‍රහය - දිනක්ෂිගේ ෆේස්බුක් පිටුවෙන්
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආහාර අනුභව කරන එක නම් කරනවා