ආසියානු ස්කොෂ් ශූරතාවලියට (කණ්ඩායම්) සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම අද (30) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. තරගාවලිය හෙට (1) සිට මේ මස 5 වැනිදා දක්වා කුවෙට් රාජ්‍යයේදී පැවැත්වේ.
තරගාවලියට ආසියානු රටවල් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 15 ක් සහ කාන්තා කණ්ඩායම් අටක් සහභාගිවේ. ජාතික ස්කොෂ් ශූර නවීන් සමරසිංහ ශ්‍රී ලංකා පිරිමි පිලේ නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික ශූරි ශාර්යා ගුරුගේ කාන්තා පිලේ නායිකාව වේ. තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ කොළඹ ජිම්කානා ක‍්‍රීඩා සමාජ (සී.සී.සී.) ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී විශේෂ පුහුණු වැඩසටනකට ද සහභාගිවුහ.
සංචාරක ශ්‍රී ලංකා ස්කොෂ් පිල:
පිරිමි:
නවීන් සමරසිංහ, සමන් තිලකරත්න, ගිහාන් සුවාරිස්, ඩිල්ෂාන් ගුණවර්ධන
කාන්තා:
ශාර්යා ගුරුගේ, දමින්දි උඩන්ගාව, මිහිලියා මෙත්සරණී සහ නඳුනි ගුණවර්ධන
කපිතාන් ලසන්ත ද සිල්වා මහතා (කළමනාකරු) සහ බි‍්‍රගේඩියර් තිස්ස ජයසුරිය මහතා (පුහුණුකරු)
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු ස්කොෂ් ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි