කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ පූර්ව සංවිධාන කටයුතු නිරීක්‍ෂණය කිරීමේ චාරිකාව යළිත් කල්දැමීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ නිලධාරීන් තීරණය කර තිබේ. ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මොරිස් නිකලස් මහතා ඇතුළු දුත පිරිසක් හෙට (19) දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණි. එහෙත් නවතම ආරංචි මාර්ග අනුව එම නිරීක්‍ෂණ චාරිකාව සඳහා මේ මස 28, 29, 30 යන දින යොදා ගැනීමට මොරිස් නිකලස් මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී සුගතදාස කී‍්‍රඩාංගනයේ අලූතින් අතුරන ලද ධාවන පථය ඔවුන්ගේ විශේෂ අවධානයට යොමු වනු ඇත. මෙම ධාවන පථය සඳහා පළමු ශ්‍රේණියේ තත්ත්ව සහතිකය ලබාගැනීමට නම් අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයට ඇමරිකානනු ඩොලර් 25000ක (රුපියල් මිලියන 3.2කට අධික) මුදලක් ගෙවිය යුතුය. අලූතින් අතුරන ලද ධාවන පථයේ මං තීරු සළකුණු කිරීම සඳහා විශේෂඥයකු අද (18) දිවයිනට ළඟාවීමට නිමිතය. පළමු පෙළ තත්ත්ව සහතිකය හිමි මලල කී‍්‍රඩා ධාවන පථයන්හි මංතී‍්‍රරු සලකුණු කිරීමේ විශේෂඥයන් දැනට සිටින්නේ දෙදෙනකු පමණක් ඉන් අයෙක් ලොස් ඇන්ජලීස් නුවර සිට අද දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත. සුගතදාස පිටියේ ධාවන පථයේ ඉදිකිරීම් මෙම 25 වැනිදා වනවිට මුළුමනින්ම නිමාවට පත්වන බව දේශීය නියෝජ්‍ය ආයතනය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආසියානු මලල ක‍්‍රීඩා ලොක්කාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමයි
සිසිර Friday, 18 May 2012 02:18 PM
ඇමරිකන් ඩොලර් 25000.00 ගෙවන්න කාගේ සල්ලිද යන්නේ?