IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආසියානු තරගාවලියට රජය වියදම් දෙනතුරු බලානොසිට මුදල් සොයන්න

කොළඹදී ලබන සෙනසුරාදා (9) ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශුරතාවලියේ වියදම් රජයට තනිව දැරිය නොහැකි බැවින් ඒ සඳහා අනුග‍්‍රාහකයන් මගින් මුදල් සොයා ගැනීමට උනන්දු වන ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ. එහිදී ඇමැතිවරයා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරි මණ්ඩලයේ එක් අයකු අවම රුපියල් මිලියන දෙකක්වත් සොයා ගැනීමට උනන්දු විය යුතු බවය. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඇමැතිවරයා මුණ ගැසුණු අවස්ථාවේදී ඔවුන්ගෙන් මෙම ඉල්ලීම කර තිබේ. ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මීට පෙර අවස්ථාවකදී ප‍්‍රකාශ කර සිටියේ තරගාවලියේ සත්කාරය ලබාගැනීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු පාලනය (2011 - 12) උනන්දු වුවත් ඔවුන් ඉවත්ව යනවිට ඒ සඳහා ශත පහක්වත් සොයාගෙන නොතිබූ නිසා ක‍්‍රීඩා අමාත්‍යාංශය දැඩි දුෂ්කරතාවට පත්වූ බවයි. ඒ සඳහා පෞද්ගලික අනුග‍්‍රාහකයන් මගින් වියදම් සොයා ගැනීමට ඇමැතිවරයා උනන්දු වුවත් තරගාවලියේ වැඩි බර පැනක් දරන්නේ ක‍්‍රීඩා අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන කීපයක් විසිනි. කොළඹදී මෙම 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රටවල් 36 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ සත්කාරය දරන ශ්‍රී ලංකාව ඒ සඳහා රුපියල් මිලියන 70කට ආසන්න මුදලක් වැය කරයි. තරගාවලියට සහභාගි වන චීනය, ජපානය, චීන - තායිපේ ඇතුළු රටවල් කීපයකින් කණ්ඩායම් අද (6) දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. යේමනය හා කුවේට් රාජ්‍යයේ මලල ක‍්‍රීඩා කණ්ඩායම් දැනටමත් දිවයිනට ළඟාවී ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා පවසයි. මේ අතර ඇමැතිවරයාගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරයා පෞද්ගලික අනුග‍්‍රාහක ආයතන කීපයක් සමග සාකච්ඡුා කරමින් තරගාවලියට අරමුදල් රැස්කිරීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ. එසේ වුවත් මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන් බහුතරයකට ඒ සම්බන්ධයෙන් ඇත්තේ ඇල්මැරුණු උනන්දුවක් බවත් ඊට හේතුව පෞද්ගලික අනුග‍්‍රාහකයන් සොයා ගැනීමේ දුෂ්කරතා මෙන්ම ඔවුන් ඇතැමුන්ට ඒ සඳහා ශක්තියක් නොමැතිවීම බවද මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර මලල ක‍්‍රීඩා සංගමයේ විධායක සභාවේ නිලධාරීන්ට ජනමාධ්‍යයට අදහස් දැක්වීම තහනම් කරමින් එහි ලේකම් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතා ජංගම දුරකථන කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී ඇතැයිද කියති. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේමලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක



අදහස් (0)

ආසියානු තරගාවලියට රජය වියදම් දෙනතුරු බලානොසිට මුදල් සොයන්න

ධනුෂ්ක Wednesday, 06 June 2012 04:54 PM

ජනතාවට සේවයක් නැත්නම් මොකක්ද මේ අමාත්‍යංශයෙන් ඇති වැඩේ?

:       0       0

සුමනාමානදුව Thursday, 07 June 2012 02:30 PM

අර එක ක්‍රීඩාංගනයක් හදන්න ඇස්තමේන්තු ගානට වඩා වැඩියෙන් මිලියන ගානක් ගියේ ඒවා තිබුණනං කාගෙන්වත් හිගාකන්න ඕන නෑනෙ....

:       0       0

රම්සි Wednesday, 06 June 2012 07:54 PM

මගෙනුත් රුපියල් 5ක් ලියා ගන්න

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 06 June 2012 12:17 PM

ඇමතිතුමනි අපිට ලැජ්ජයි මේ වැඩේටනම්....

:       0       0

සිල්වා Thursday, 07 June 2012 11:12 AM

ලොකු ලොක්කෙක්ගේ පුතෙක් මෙතන හිටිය නම් සල්ලි ප්‍රශ්නේ ඉවරයි

:       0       0

පැට්රික් Wednesday, 06 June 2012 03:23 PM

මුදල් නැත්නම් ඇයි ඔච්චර දැගලුවේ

:       0       0

මාලක Wednesday, 06 June 2012 11:11 PM

රගර් මැච් බලන්න ඉන්දියාවෙන් එන තරු වලට ගෙවන ගාණෙන් කීයක් හරි ඉල්ල ගත්ත නම් නේද හොද?

:       0       0

කාන්ස් බෝයි Thursday, 07 June 2012 03:49 AM

20/20 world cup එකට හදපු පිට්ටනි හදන්න ආයිත් සල්ලි යොදවන එක බොරු සෝබන වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site