
(යොහාන් භාසුර)
ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල මුදල් ත්‍යාගයක් අද (29) රාත්‍රී ප්රදානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පුදුමයට පත්කරන වටිනාමක් බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තව දුරටත් දිරිගැන්වීම එයින් බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉතිහාසගත ජයග්‍රහණය අගයමින් අද රාත්‍රී විශේෂ උත්සවයක් පැවැත්වේ.
COMMENTS
100,000 dollars කියල ඊයේ ඉංග්‍රීසි යෙන් කිව්වා ත්‍යාග ප්රදානෝත්සවයේදී.. හැබැයි ඒක කාටවත් හරියට මීටර් වුනේ නැහැ.. හයි ලයිට් වුනෙත් නැහැ. මොකද මැච් එකේ පලවෙනි තෑග්ග වෙච්ච ඩොලර් 25000 චෙක් එක දෙන වෙලාවෙමයි ඒක කිව්වෙත්.. කිසිම මාධ්‍යකවත් ඒක නැහැ.. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට කොච්චර විසි කරන්න සල්ලි තියෙනවද කියල පේනවා මේකෙන් .. ආසියානු ක්‍රිකට් කුසලානෙට ඔෆිශියලි ACC එකෙන් දුන්නේ 25000 ඩොලර් විතරයි. අපේ ක්‍රිකට් බෝඩ් එක ඩොලර් 100,000 දෙනවා.. මේ කෙල්ලන්ව සල්ලි දීලා ඔලුව කුරවලු කරන්න නම් එපා...
ඔවුන් අති දක්ෂයි.එහි කිසිම ගැටළුවක් නෑ..ඒත් දැන් ටික දවසක ඉඳන් කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ වලට උප්පැන්න දෙන්න බොහොමයක් දෙනෙක් දඟලන බවක් පේනවා.ශම්මි ඇතුළු හොර නඩේ කලු සල්ලිවලින් මේ ක්‍රීඩිකාවන්ගේ හැකියවන් දූෂණය නොවේවා!
සුබ පැතුම් චමරි ඇතුළු කණ්ඩායමට
හරි වගේ කාන්තා ටිම් එකටත්