මැලේසියාවේ මාලක්කා නගරයේදී පැවැති 7 වැනි ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව සත්කාරකත්වය දැරූ මැලේසියානු කණ්ඩායම දිනා ගත්තේය. තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකාවට එහිදී හිමි වුයේ අට වැනි ස්ථානයයි. ඉන්දියාව, පාකිස්තානය, ජපානය, කොරියාව, ඉරානය, චීනය, ශ්‍රී ලංකාව සහ සත්කාරක මැලේසියාව යන රටවල් අටක් තරග කළ මෙම තරගාවලියේදී මැලේසියාව ශූරතාව දිනා ගත්තේ පළමුවරටය. තරගාවලිය ඉලක්ක කරමින් 2009 වසරේ සිට ඔවුන් දීර්ඝ කාලීන පුහුණුවකින් පසුව මෙම ජයග‍්‍රහණය ලබා ඇතැයි ද වාර්තාවේ. කෙටි කාලීන පුහුණුවක් ලබා මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වුයේ යොවුන් ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ මුලික අරමුණින් බව තරග සංචාරයේ පුහුණුකරු ලෙස කටයුතු කළ අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පවසයි. එහිදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කිරීමට හැකි මට්ටමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනකුම හඳුනා ගැනීමට හැකි වු බවද ඔහු පැවසීය. තරගාවලියේදී ඉන්දියාව (ගෝල 11/0), පාකිස්තානය (ගෝල 14/0), ජපානය (ගෝල 5/1) සහ චීනය (ගෝල 5/0) හමුවේ ශ්‍රී ලංකාව පරාජය විය. පාකිස්තානය අනුශූරතාව ද, ඉන්දියාව තෙවැනි ස්ථානය ද එහිදී හිමි කර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින් එයි