IMG-LOGO

ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය යොදාගත් පරිදි ලබන මාසයේ කොළඹදී

කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උලෙල යොදාගත් පරිදි කොළඹදී පැවැත්වීමට ආසියානු මලල  කී‍්‍රඩා සංගමයේ අනුමැතිය නැවතත් හිමිවී තිබෙන බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා අගහරුවාදා (22 වැනිදා) පැවසීය. ඒ අනුව තරගාවලිය ලබන මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. තරගාවලිය කොළඹදී පැවැත්වීම අත්හිටවූ බව ආසියානු මලල කී‍්‍රඩා සංගමය විසින් ඊයේ (21 වැනිදා) ශී‍්‍ර ලංකාව ඇතුළු ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ සාමාජික රටවලට දන්වා යවන ලදි. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ හිටපු නිලධාරියකු විසින් යවන ලද ලිපියක් සහ තවත් හේතු කිහිපයක් නිසා මෙම තත්ත්වය ඇතිවූයේ යයි කී‍්‍රඩා ඇමතිවරයා සඳුදා පැවසීය. කෙසේ වෙතත් මෙම තීරණය ගන්නා ලද සඳුදා දිනයේදීම, ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ මහලේකම්, මොරිස් නිකලස් මහතාට, ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩාවේ නවතම තත්ත්වය පහදා දීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා මැදිහත් වීම නිසා තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම නැවතත් ශී‍්‍ර ලංකාවට හිමිවූ බව දැනගන්නට ඇත.



අදහස් (0)

ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය යොදාගත් පරිදි ලබන මාසයේ කොළඹදී

රම් Tuesday, 22 May 2012 02:03 PM

දැන් ඇත්තටම පිස්සු කරන්නේ කවුද ?

:       0       0

ෆාරු Tuesday, 22 May 2012 05:06 PM

මේ‍ ගොල්ලො ක්‍රීඩාව විනාශ කරනවා....

:       0       0

සුභාෂිනී Tuesday, 22 May 2012 06:54 PM

මෙයාල හැම ක්‍රීඩාවක්ම විනාශකරල ඉවරයි...

:       0       0

රන්ජිත් Tuesday, 22 May 2012 08:51 PM

මේකෙන් කී දෙනෙක් ගසා කයිද දන්නෙ නැහැ

:       0       0

කේ.කේ. Tuesday, 22 May 2012 09:13 PM

මව් බිම ද්‍රෝහීන්ගෙන් පිරී ඇත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2078 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 646 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site