
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මගින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් ඒ ලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව මූල්‍ය ආධාර ලබාදීමට කැමැත්ත පල කර තිබේ.
ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර ඇත.
උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා මෙහිදී එකඟතාව පළ කළේය.

2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
Kotiya Monday, 07 October 2024 03:20 PM
දිසානායක ණය...!
Batagoda don Monday, 07 October 2024 03:54 PM
ඔව් ඔව් මේවා දිසානායක ණය තමයි. හැබැයි මේ මනුස්සයා කලින් හොරුවගේ නැතුව අඩුගානේ රටට ඵලදායි වැඩක් කරයි කියලා විශ්වාසයක් තියෙනවා...!
අමල් Monday, 07 October 2024 06:08 PM
තඹුත්තේගම අනුර රෙදි ඇඳගෙනද ආසියානු සංවර්ධන බැන්කුවෙන් "මූල්‍ය ආධාර" ඉල්ලන්නේ? මෙයා ඡන්දෙට කලින් කටෙන්ද කතා කලේ? නැත්නම් දැන්ද කටින් කතා කරන්නේ? අනේ මන්දා. අර එලෝන් මස්ක් හාදයාගෙනුත් හඳුන්නෙත්තිට අත මාරුවක් ඉල්ලාගන්න තිබුණු චාන්ස් එකනේ නැතිකර ගත්තේ...!