චීන ශ්‍රී ලංකා සහයෝගීතාවය තහවුරු කරන ආසියාවේ රාජ්‍ය හා ව්‍යාපාරික නායකයන්ගෙන්ද, උගතුන්ගෙන්ද සමන්විත චිනයේ බෙයිජිං නුවර ඉලක්ක කරගත් ‘බොආඕ‘ ආර්ථීක සංසද පළමු සැසියට සහභාගී වීම සඳහා චීන හිටපු උප අග්‍රාමාත්‍ය ‘සෙන්ග් පෙයියෑන්‘ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හතලිස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ.
‘බොආවෝ‘ ආර්ථීක සංසදයේ පළමු සැසිවාරය හෙට සවස 5.30 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා විසින් දිවයිනට පැමිණි මෙම දුත පිරිස ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
සේද මාවත සමුද්‍රය ඔස්සේ සකස් කිරීමේ චීන රජයේ සැලසුම ආසියාවේදී සාකච්ඡාකරන අවස්ථාව වශයෙන් මෙම ‘බොආවෝ‘ සංසදය දැක්විය හැකිය.
ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වන අතර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සහභාගී වන සංසදයේ සාකච්ඡාවාරය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා මෙහයවනු ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මිලින්ද මොරගොඩව මුදල් ඇමති කරන්නකෝ (අ)
මේ සමුළුවල නම් ඉවරයක් නැහැ. අපි එදා වේල ගැටගහගන්න විදිහක් ගැන හිතනවා. මේවාට මෙහෙම සල්ලි නාස්ති කරන්න එපා (නි)