දකුණු කොරියාවේ ඉන්චොන් නුවර පැවත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තානය ලකුණු 68 කින් පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් රන් පදක්කමට උරුමකම් කීහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කදී ලකුණු 133 කට සියලු දෙනා දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට පන්දු වාර 17 පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 65 ක් පමණි.
ආසියා ක්‍රීඩා උළෙලට පසුගියවර සිට පන්දුවාර 20 ක්‍රිකට් හඳුන්වාදුන් අතර ගියවර එහි රන් පදක්කම බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් තරග වැදුණු අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟාවලියේ ලෝකඩ පදක්කම හිමිකරගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදටම ඇති රටේ නම බේරගත්ත, සුබ පැතුම් කොල්ලනේ. (ස)
නියමයී. (ස)
පදකම් මොකුත් මලල ක්‍රීඩා වලට නැහැ. (ස)
රජ පවුලේ කුමරවරුන්ගෙන් එක්කෙන්ක්වත් ක්‍රිකට් ගැහුවානම් අපිට ගිය පාරත් පදක්කම් වලට යන්න තිබ්බා. රටේ බලදාරීන්ට රග්බි ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම ලොකුයි, ක්‍රිකට් ක්‍රීඩාවේ රන් පදක්කමට වඩා.....(ස)
අපේ සුභ පැතුම්. (ස)
ශ්‍රීලංකා කණ්ඩායමට උණුසුම් සුබපැතුම්, හැබැයි යුද්දේ තිබෙන කාලෙදිත් ආසියානු ක්‍රීඩා උළෙලේදී අපි මීට වඩා දක්ෂතා දක්වලා තියෙනවා, මම මේ කලපනා කරේ අපේ රටට ඉස්සහ්රහින් මේ වගේ ක්‍රීඩා උළෙලේකදී අඩුම තරමින් රන් පදක්කම් පහක් වත් දැකගන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා ? (ස)
සුබපැතුම් අපේ කණ්ඩායමට! (ස)
ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපි රන් හා ලෝකඩ පදක්කම් ඇතුව ගෞරවය බාර ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුලත් නොවුනා නම් පදක්කම් නැතුව හිස් අතින් තමා ලංකවට එන්නේ වෙන්නේ. (ස)
ලංකවේ ජවන හා පිට්යේ ක්‍රීඩාව දැන් පිරිහිලා (නදී)
සමස්ත ක්‍රීඩාවම නඟාසිටුවන්න වැඩපිළිවෙළක් යොදන්න. ඉදිරිය බොහොම අඳුරුයි. හැමදේම පාසලෙන් පටන්ගත යුතුයි. (නි)
සුභ පැතුම්. නමුත් සමස්ථ ක්‍රීඩා ක්ෂේත්‍රයම පරිහානියට ලක්වෙලා කියලා පේන්නේ. එදා ජවය අද නැහැ. (ස)
සතුටුයි. (ස)
අර උඩදී ගුවන් යානයේ දොර අරින්න හදපු ඇමති පුතත් මේ සංචාරයට එක වුණා කියලා අාරංචියි...දක්ෂතා කෙසේවෙතත්. (ස)
සතුටුයි. (ස)
අපේ කොල්ලෝ ටික එක රන් පදක්කමක් හරි ගෙනාවා කියලා සතුටුවෙයල්ලා. නියමයි කොල්ලනේ, සුභ පැතුම්! පරිස්සමින් එන්න (නි)
උණුසුම් සුබපැතුම් (ස)
ලංකාවේ මල්ල ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ? දැන් අඩියටම වැටිලා !! බලධාරින් මේ ගැන විමසිලිමත් නොවුණොන් වෙන්නේ ලොකු විනාශයක්. පාසල තුළින් නැවත ගොඩනඟන්න ඕනෑ සියලුම ක්‍රීඩාවන්. පාපන්දු,පිහිනුම්,ටෙනිස්, මලල ක්‍රීඩා, බොක්ෂින් සියලු හැම ක්‍රීඩාවක් ගැනම දිරිගැන්වීම රජයේ වගකීමක්. (නි)
අපේ සුබ පැතුම්! (නි)
උණුසුම් සුබපැතුම්. කාන්තා ක්‍රිකට් කණ්ඩයමට ත් රන් පදක්කම කරා යන්න තිබබා. අපේ රටට ආසියානු ක්‍රීඩා උළලේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගැහැණු පිරිමි කණ්ඩායම් දෙකටම පදක්කම් කරා යන්න පුළුවන් බව මෙවර ඔප්පු කරා. මේවගේ පියවරක් පසුගිය ආසියානු ක්‍රීඩා උළලේ (2010) දී නොගත්තේ ඇයි ? අපේ රටේ බලදාරීන් පදක්කමක් ගැනීමට අසීරු තරඟ වලට ( හොකි, රග්බි) කණ්ඩයම් පිටින් යවනවා. එත් ක්‍රිකට් වැනි අපිට අනිවාර්යෙන්ම පදක්කම් හිමිවෙන තරග වලට හරි හමන් කණ්ඩායමක් යවන්නේ උනන්දුවක් නැහැ. (ස)
අපේ රට දක්ෂ ක්‍රීඩාවක් ඇත්නම් එහි පදක්කමක් සදහා යන්න අනිවාර්යෙන්ම බලදරින් හා ක්‍රීඩකයන්ව උනන්දු කරන්න ඕනේ. (ස)
හොඳ තරඟයක්, මගේ සුබ පැතුම්. ඉස්සර වගේ යුද්දේ නිසා ක්‍රීඩාව දියුණු කරන්න බැහැ කියන්න බැහැ නේ. ඒ නිසා අනෙකුත් ඉසවු වලිනුත් මීට වඩා දක්ෂතා දකින්නට තිබ්බ නම් හොඳයි. (ස)