
ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබා නොගත යුතු බව එහි නිශ්පාදකයෝ පවසති.
එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනකුට ආසාත්මිකතාව ඇතිවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර තිබේ.
නව එන්නත ලබාදීමෙන් සුළු වේලාවකට පසු මොවුන් දෙදෙනා ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ප්‍රතිකාර වලින් පසු මේවනවිට සුවයෙන් පසුවන බව බලධාරීහු පවසති.
මොවුන් දෙදෙනාටම ආසාත්මිකතාව සම්බන්ද බරපතල ඉතිහාසයක් ඇති බව ද පැවසේ.
ආසාත්මිකතාව ඇති අයට එන්නත ගැනීමෙන් පසු, රුධිර පීඩනය පහත වැටීම, හුස්ම හිරවීම හෝ සමේ බිබිලි මතුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කළහැකි නමුත් ඒවා මාරාන්තික නොවන බව ඖෂධ නියාමන ඒජන්සිය පවසයි.
ඖෂධ නියාමන ඒජන්සියේ ප්‍රධානී ආචාර්ය ජූන් රේන් පවසන්නේ, නව එන්නක් ලබාදෙන අවස්ථාවක මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි. මෙවැනි ප්‍රතික්‍රියා ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ෆයිසර්/බයෝන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යය පුරා රෝහල් සායන වලදී ලබාදීම ඊයේ ආරම්භ කළ අතර දහස් ගනනකට එන්නත ලබාදුන් බව වාර්තා වේ.
(බීබීසි ඇසුරිණි)
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් බෙහෙත එහෙම ඒ අයට අසාත්මික වුණාට, ලංකාවේ කිතුල් පැණිය ගැහුවාම, කොරෝනාවට නෙමේ, මොන යකාටවත් බය නොහිතෙන ගතියක් ඇඟට දැනෙනවා කියලා තමයි ටිකිරි පැණිය බීපු ඇත්තෝ කියන්නේ, කාටද ආඩම්බර...?
ලෙඩා කැමැති නම් මෙ ඛෙහෙත් බොන්න, ප්‍රශ්නයක් නැහැ.