ප්‍රශ්නය - මගේ වයස අවුරුදු 36කි. සැමියාට 37කි. අප දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටිති. මගේ සැමියා මා සමග ලිංගිකව එකතු වීමට දැඩි අකමැත්ක් දක්වයි. අප දෙදෙනා ඉතා සාමකාමීව ජීවත් වෙන දෙදෙනෙකි. නමුත් ඔහු මා සමග එකතුවන්නේ මාස හයකට පමණි වතාවකි. මට මෙය ඉතා පීඩාකාරීය. ඔහුගෙන් මේ ගැන විමසන විට ඔහුට එවැනි හැඟීමක් නොඑන බව පවසයි. ඔහු දුම්වැටිවලට ඇබ්බැහි වී සිටින අතර බියර් ද පානය කරයි. මේ සම්බන්ධයෙන් මා කුමක් කළ යුතුදැයි පහදා දෙන්න.
පිළිතුර - විවිධ හේතු නිසා එවැනි ලිංගික ආශාවන් අඩුවීම සිදුවිය හැකියි. මෙහි සඳහන් කල පරිදි දිගින් දිගටම දුම් පානයට හා මත්පැන් පානයට ඇබ්බැහි වීමත් ඒ අතර කැපී පෙනෙන හේතු දෙකකි. එවැනි දේට ඇබ්බැහි වූ අය වෙනත් ජීවිතයේ ලිංගිකත්වය වැනි සතුට ලැබෙන දේවලට විනෝදාංශවලට ඇල්ම අඩු වී එකම සතුට ලබාගන්නා දෙය මත් පැන් පානය ලෙස සළකනවා. ඉන් ලැබෙන සතුට නිසා දීර්ඝ කාලීනව ගන්නා අයට ඒ ආශාව අඩුවෙන්න පුළුවන්. මීට අමතරව විශාදය හෝ මානසික ආතතිය වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ද ලිංගික ආශාව නැති විය හැකියි. එමෙන්ම යම් ලිංගික ආබාධයකින් පෙලෙනවානම් ඒ නිසාත් ඔහු විසින් ඔබ ප්‍රතික්ෂේප කරනවා විය හැකියි. රෝහලකට ගොස් වෛද්‍යවරයකු සමග මේ බව පවසා හේතු කාරණා සොයා බලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුයි.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා විසින් පිළිතුරු සපයන ලදී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර එක්කෙනාට හොරෙන් තව එකක් කරනවද දන්නේ නැහැ (රේ)
මේක අසනීපයක් තරීන්ද්‍ර. එහෙම අයට අපහාස කරන එක හරි නැහැ (නි)