IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආශාවන් අඩුවීමට විවිධ හේතු බලපානවා

ප්‍රශ්නය - මගේ වයස අවුරුදු 36කි. සැමියාට 37කි. අප දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටිති. මගේ සැමියා මා සමග ලිංගිකව එකතු වීමට දැඩි අකමැත්ක් දක්වයි. අප දෙදෙනා ඉතා සාමකාමීව ජීවත් වෙන දෙදෙනෙකි. නමුත් ඔහු මා සමග එකතුවන්නේ මාස හයකට පමණි වතාවකි.  මට මෙය ඉතා පීඩාකාරීය. ඔහුගෙන් මේ ගැන විමසන විට ඔහුට එවැනි හැඟීමක් නොඑන බව පවසයි. ඔහු දුම්වැටිවලට ඇබ්බැහි වී සිටින අතර බියර් ද පානය කරයි. මේ සම්බන්ධයෙන් මා කුමක් කළ යුතුදැයි පහදා දෙන්න.

පිළිතුර - විවිධ හේතු නිසා එවැනි ලිංගික ආශාවන් අඩුවීම සිදුවිය හැකියි. මෙහි සඳහන් කල පරිදි දිගින් දිගටම දුම් පානයට හා මත්පැන් පානයට ඇබ්බැහි වීමත් ඒ අතර කැපී පෙනෙන හේතු දෙකකි. එවැනි දේට ඇබ්බැහි වූ අය වෙනත් ජීවිතයේ ලිංගිකත්වය වැනි සතුට ලැබෙන දේවලට විනෝදාංශවලට ඇල්ම අඩු වී එකම සතුට ලබාගන්නා දෙය මත් පැන් පානය ලෙස සළකනවා. ඉන් ලැබෙන සතුට නිසා දීර්ඝ කාලීනව ගන්නා අයට ඒ ආශාව අඩුවෙන්න පුළුවන්. මීට අමතරව විශාදය හෝ මානසික ආතතිය වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ද ලිංගික ආශාව නැති විය හැකියි. එමෙන්ම යම් ලිංගික ආබාධයකින් පෙලෙනවානම් ඒ නිසාත් ඔහු විසින් ඔබ ප්‍රතික්ෂේප කරනවා විය හැකියි. රෝහලකට ගොස් වෛද්‍යවරයකු සමග මේ බව පවසා හේතු කාරණා සොයා බලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා විසින් පිළිතුරු සපයන ලදී



අදහස් (0)

ආශාවන් අඩුවීමට විවිධ හේතු බලපානවා

තරින්දු Saturday, 24 October 2015 11:47 AM

ගෙදර එක්කෙනාට හොරෙන් තව එකක් කරනවද දන්නේ නැහැ (රේ)

:       0       0

ජයාත් Sunday, 22 May 2016 02:19 AM

මේක අසනීපයක් තරීන්ද්‍ර. එහෙම අයට අපහාස කරන එක හරි නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site